මෑතදී වූ සිද්ධි ගණනාවකින් පෙනෙන පරිදි ශ්‍රී ලංකා පොලිසියේ නොපිළිගත හැකි කි‍්‍රයා මාර්ගය කෙරෙහි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතියේ ස්වාධිපත්‍ය පිළිබඳ කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැඩි කනසල්ල පළ කරයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ නිසි පාලනයක් නැතැයි ඒකාන්ත නිගමනයකට එලැඹිය හැකි අන්දමේ සාපරාධී, ප‍්‍රකෝපකාරී සහ අවමන් සහගත කි‍්‍රයා කලාපයක් පවත්නා බවට සාක්ෂි වාර්තා වී ඇතැයි නීතියේ ස්වාධිපත්‍ය පිළිබඳ කමිටුව පෙන්වා දෙයි.
බරපතළ චෝදනා සහිත ඇඹිලිපිටිය පොලිස් නිලධාරීන්ගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් ද නීතියේ ස්වාධිපත්‍ය පිළිබඳ කමිටුව විරෝධය පළ කර සිටී.
පවත්නා නෛතික කි‍්‍රයා දාමය කෙරෙහි කිසිදු ආකාරයක ද්වේෂ සහගතව හෝ පක්ෂපාතී බවක් නොමැතිව ගෞරව කරන බව පවසමින් එම කමිටුව වැඩි දුරටත් කියා ඇත්තේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ අත්තනෝමතික කි‍්‍රයාකලාපය කෙරෙහි දැඩි කනස්සල්ලක් පළ කර ඇත.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඇතැම් අවස්ථාවලදී අනුමාන සහගත ප‍්‍රකාශ නිකුත් කරන බවත්, ඔහු කි‍්‍රයා කරන්නේ මාධ්‍ය ප‍්‍රකාශයකයකු පමණක් නොව, නීතීඥවරයකු සහ පරීක්ෂණ නිලධාරියකු- ලෙස බවත් පැහැදිලිව පෙනෙනවා යැයි ද කමිටුව අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ඒ තත්ත්වයට ඇදල දැම්මේ පහුගිය ආණ්ඩුව. ඒක එකපාරට හදන්න අමාරු දෙයක්.තාම චින්තන කාරයෝ ලොකු තැන්වල ඉන්නවා. (අ)
විරුද්ධ වෙනවා විතරයි. කෝ පොලිසිය ප්‍රතිසංවිධාන කරන්න යෝජනා කරන අය. (අ)
ජගත්, ඔයා ගැන කණගාටුයි. මොළයක් තියනවා නම් ඒකෙන් යමක් හරියට තේරුම් ගන්න උත්සාහ කරන්න. පටු පක්ෂ දේශපාලනේ ඔලුව උඩ තියාගෙන මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
අනේ ජගත් පහුගිය ආණ්ඩුව කරපු වැරදි හදන්න තමි මෙයාල අවේ. නැතුව ප හුගිය ආණ්ඩුවට බැන බැන ඉන්න නෙමෙයිනෙ. ඔය කරලා තියෙන්නේ. (බ)
ඉස්සර පළාතේ ගම් බට්ටන්ගෙන් පළාත් සබා බට්ටන්ගෙන් පවා ගුටි කකා හිටපු පොලිසියට නීතිය ගැන කියාදීමට වෙලා නේද ?(කෞ)