IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නීතීඥ සංගමයත් පොලිසියේ දොස් දකී

මෑතදී වූ සිද්ධි ගණනාවකින් පෙනෙන පරිදි ශ්‍රී ලංකා පොලිසියේ නොපිළිගත හැකි කි‍්‍රයා මාර්ගය කෙරෙහි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතියේ ස්වාධිපත්‍ය පිළිබඳ කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැඩි කනසල්ල පළ කරයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ නිසි පාලනයක් නැතැයි ඒකාන්ත නිගමනයකට එලැඹිය හැකි අන්දමේ සාපරාධී, ප‍්‍රකෝපකාරී සහ අවමන් සහගත කි‍්‍රයා කලාපයක් පවත්නා බවට සාක්ෂි වාර්තා වී ඇතැයි නීතියේ ස්වාධිපත්‍ය පිළිබඳ කමිටුව පෙන්වා දෙයි.

බරපතළ චෝදනා සහිත ඇඹිලිපිටිය පොලිස් නිලධාරීන්ගේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් ද නීතියේ ස්වාධිපත්‍ය පිළිබඳ කමිටුව විරෝධය පළ කර සිටී.

පවත්නා නෛතික කි‍්‍රයා දාමය කෙරෙහි කිසිදු ආකාරයක ද්වේෂ සහගතව හෝ පක්ෂපාතී බවක් නොමැතිව ගෞරව කරන බව පවසමින් එම කමිටුව වැඩි දුරටත් කියා ඇත්තේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ අත්තනෝමතික කි‍්‍රයාකලාපය කෙරෙහි දැඩි කනස්සල්ලක් පළ කර ඇත.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඇතැම් අවස්ථාවලදී අනුමාන සහගත ප‍්‍රකාශ නිකුත් කරන බවත්, ඔහු කි‍්‍රයා කරන්නේ මාධ්‍ය ප‍්‍රකාශයකයකු පමණක් නොව, නීතීඥවරයකු සහ පරීක්ෂණ නිලධාරියකු- ලෙස බවත් පැහැදිලිව පෙනෙනවා යැයි ද කමිටුව අවධාරණය කරයි.



අදහස් (0)

නීතීඥ සංගමයත් පොලිසියේ දොස් දකී

ජගත් Wednesday, 27 January 2016 02:14 PM

පොලිසිය ඒ තත්ත්වයට ඇදල දැම්මේ පහුගිය ආණ්ඩුව. ඒක එකපාරට හදන්න අමාරු දෙයක්.තාම චින්තන කාරයෝ ලොකු තැන්වල ඉන්නවා. (අ)

:       0       0

මනෝජ් Wednesday, 27 January 2016 02:43 PM

විරුද්ධ වෙනවා විතරයි. කෝ පොලිසිය ප්‍රතිසංවිධාන කරන්න යෝජනා කරන අය. (අ)

:       0       0

දහම් Thursday, 28 January 2016 08:06 AM

ජගත්, ඔයා ගැන කණගාටුයි. මොළයක් තියනවා නම් ඒකෙන් යමක් හරියට තේරුම් ගන්න උත්සාහ කරන්න. පටු පක්ෂ දේශපාලනේ ඔලුව උඩ තියාගෙන මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)

:       0       0

නිම්මි Wednesday, 27 January 2016 03:15 PM

අනේ ජගත් පහුගිය ආණ්ඩුව කරපු වැරදි හදන්න තමි මෙයාල අවේ. නැතුව ප හුගිය ආණ්ඩුවට බැන බැන ඉන්න නෙමෙයිනෙ. ඔය කරලා තියෙන්නේ. (බ)

:       0       0

විදානගේ Wednesday, 27 January 2016 03:27 PM

ඉස්සර පළාතේ ගම් බට්ටන්ගෙන් පළාත් සබා බට්ටන්ගෙන් පවා ගුටි කකා හිටපු පොලිසියට නීතිය ගැන කියාදීමට වෙලා නේද ?(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site