රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා ගල්ගමුව මීගෑලෑවේ දිනිදු යශේන් ලන්කානාත් කුමාර ඒකනායක දරුවා පසුගිය ජුලි 28 වැනිදා පැහැර ගත් බව කියන සැකකරුවන් පස්දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින්ගේ වාහනවලට පහර දුන්නැයි කියන 16 දෙනෙක් ගල්ගමුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් ලබන 26 වැනිදා තෙක් රිමන්ඩ් කරනු ලැබුහ.
එම දරුවාගේ පියාවන ව්‍යාපාරික මහින්ද ඒකනායක ද ඒ අතර වෙයි.
පැහැරගත් දරුවාගේ මව ශිරෝමී සුදේශිකා හේරත් රුපියල් ලක්ෂ පහක ශරිර ඇප හා රුපියල් පන්දහසක මුදල් ඇප මත මුදා හැරිණි.
සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය.
සැකකරුවන් වෙනුවෙන් ගල්ගමුව උසාවියේ නීතීඥවරු පෙනී නොසිටියහ.
තඹුත්තේගමින් පැමිණි සිටි නීතීඥවරු ඔවුන් වෙනුවෙන් කරුණ ඉදිරිපත් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන මහා මොළ කරුගේ බිරිඳ උගත් නීතිඥ තුමියක්ලුනේ. එතුමිය සාමාන්‍යයෙන් පෙනී සිටින්නේත් එම උසාවියේද ? නීතිඥ මහත්වරුන්ට එයාලගේ ආචාර ධර්ම නිතර මතක් කරන්න ඕනා. මිනිස්සුත් කුපිත නොවී අධිකරණයේ ගෞවරවය රකින්න ඕනා. අපිට යුක්තිය ඉටුකරගන්න තියෙන එකම තැන ගරු අධිකරණයයි. (නදී)
අදහස් සේරම නිවරදියි. නීතියෙන් දඩුවම් නොදී සැකකරුවන් නිර්දෝෂ කරන්න හදද්දී මෙවැනි ආකාරයේ සිදුවීම් වැලැක්විය නොහැක (නදී)
යුක්තිය රජයන ලොවකට මා රැගෙන යන්න උතුමාණනි! ගාමිණී ෆොන්සේකාගේ උතුමාණනි චිත්‍ර පටිය මතක් උනා මට. (නදී)
ඇත්ත තිත්තයි, නීතිඥවරු කියන්නේ තමන්ගේ අම්ම කෙලෙසුවත්, සල්ලි දෙනවා නම් උන්ගේ පැත්තට කතාකරන ජාතියක් ,බොහොම කණගාටුයි. (නදී)
මෙයිට වැඩියෙන් බුද්ධිමත්ව මේ දෙමාපියන්ට තිබුනා ඒ උසාවිය ඉදිරිපිටට ගමේම හෝ පව්ලේ උදවිය ඇවිත් .. තම විරෝදය ප්‍රකාශ කර නීතිඥයින්ගෙන් ඉල්ලා සිටින්න වැරදි කරුවන් වෙනුවෙන් පෙනී නොසිටින ලෙස එහෙම කලානම් ? රටේම ජනතාවගේ ආදරයට පාත්‍ර වෙනවා නේද ..? (නදී)
දරුවා නැතිවූ වේදනාව දන්නේ දෙමව්පියන් පමණි. මෙහි අදහස් දක්වන වැඩි දෙනෙකු මෙවැනි තත්වයකට් පත්වී නැතුව ඇති. උගත්කම කියන්නේ තර්ක වලින් අපරාද කරුවන් බේරා ගැනීමම නොවේ. මම මෙසේ අදහස් දක්වන්නේ රැකියාව කල කාලයේදී මේ උගත් නීති වේදීන් සමග ගැටුණු නිසාය (නදී)
ගහපු එක හොදම වැඩේ (නදී)
අපි හිතාගෙන හිටියේ දරුවාගේ දෙමාපියන් යමක් කමක් තේරුම් ගත හැකි වැදගත් මිනිසුන් කියලා.(අ)
දිනිඳුගේ දෙමාපියන් මිට වඩා ඉවසුවා නම් කොතරම් අගේද!මෙය කිරි කළයට ගොම කලවම් කර ගත්ත වගේ වැඩක්.(අ)
ධම්ම, තේරුම් ඇති නැති හැමදෙනාටම දරු දුක දැනෙනවා. නීතියෙන් 100% සාධාරණයක් ඉටුවෙනවානම් ඉවසගන ඉන්න පුළුවන්. එත් ඔයා දන්නවනේ මේ නීතිඥයන්ට පුළුවන් මේ වැරදිකරුවන් 5 දෙනාම නිදහස් වෙන විදියට කටයුතු කරන්න. හැබැයි මේ සැකකරුවන් වෙනුවෙන් පෙනී ඉන්න කියල මේ නීතිඥයන්ට කවුරුත් බලකරලා තර්ජනය කරල නෑනේ. (ස)
නීතිය අතට ගන්න හදන කාටත් මේවා හොඳ පාඩම් . තමන්ට තියෙන තැන නැතිකර ගන්නවා කියන්නේ මේවට තමයි .(අ)
මේ වැඩෙන් මේ අය ගැන ඇතිවෙලා තිබුන සානුකම්පිත හැඟීම බින්දුවටම වැටුන. (අ)
බැරිද දන්නෙ නැහැ අර සත්ගුණවත් පස්දෙනා මානුෂික හේතුන් මත නිදහස් කරන්න? (නි)
සල්ලි වලට විතරක් ආවඩන්න නරකයි (නි)
නීතීඥ මහත්වරු දරුවා පැහැරගත් සැකකරුවන් වෙනුවෙන් පෙනීසිට ඔවුන් දරුවා පැහැරගත්තේ නැහැ කියලා කිව්වත් වරදක් නැහැ. එය ඔවුන්ගේ රැකියාවයි. දරුවාගේ දෙමාපියන්ට තියෙන්නේ සැකකරුවන් දරුවා පැහැරගත්බව ඔප්පු කිරීමයි.කාටවත් ගහන්නවත්,අලාබහානි කරන්නවත් කිසි කෙනෙකුට අයිතියක් නැහැ.දෙමුපියන්ගේ කෝපය සාධාරනයි. (නි)
ධම්ම, සහතික ඇත්ත (නි)
සමහර හාමුදුරුවරු හොර දේශපාලුවන්ගේ අතේ නූල් බඳින රටේ, නීතීඥවරුන් මංකොල්ලකාරයෙක් වෙනුවෙන් පෙනී හිටියම මොනවා වෙනවද? (නි)
මෙම දරුවා සොයාගැනීම පොලිසිය කළා මෙන් , දරුවා සොරකම් කළ අයට දඬුවම් දීමට උසාවියක්ද තිබෙනවා. සාමාන්‍ය ජනතාව නීතිය අතට ගැනීම වැරදියි. පෙරකදෝරුවන් සිටින්නේ වැරදි කරන අය වෙනුවෙන් පෙනීසිටින්නට යන බව කවුරුත් තේරුම්ගත යුතුයි (නි)
ඕවා එච්චර ගණන් ගන්න එපා. ඒ එයාලගේ හැටි (නි)
බොහෝ නීතීඥවරුන්ට හෘද ශාක්ෂියක් නැහැ නේද? (නි)
දරු දුක වෙනුවෙන් සටන් කරපු සැකකරුවන් වෙනුවෙන් නීතිඥයන්ට පෙනී ඉන්න බෑ .අර රටක් වටිනා දරු පැටියව පැහැරගැන ගිහින් අමු මස් කන්න දීල ජරා වතුර දීල දුවිලි ගොඩේ තියාගන ඒ අම්මට තාත්තට ගින්දර දීපු ජඩයන් වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන්.(අ)
ධම්ම, ඒ වුණාට මේ කියන නිතීඥවරුන් සල්ලි ලැබෙනවා නම් ඕනෑ දෙයක් කරයි (නි)
ලංකාවේ ඉන්න නීතිඥවරුන් සල්ලි වලට නඩු කතා කරනවා. නමුත් එයාලගේ පවුලේ කෙනෙකුට මෙවන් දෙයක් වුණා නම් කතා කරනවද? (නි)
ධම්ම අයියේ, සැකකරුවන් නිවැරදි කරන්නන්ට තැත් කරන්නන්ට එහෙම තමයි කරන්න ඕනෑ. (නි)
ඔය විදිහට ගියොත් නම්, රටේම මිනිසුන්ගෙන් ලැබුන ආදරය අනුකම්පාව නැති කරගන්න වැඩි දවසක් යන්නේ නැහැ. (නි)
ඕක තමයි කියන්නේ සල්ලි තිබුනට මොළය නැහැ කියලා. හරි නම් මේ දෙමාපියන් අනිත් අයවත් වළක්වාගන්න ඕනෑ ඔවැනි ක්‍රියා වලින්. අත්අඩංගුවට පත්වූ සැකකරුවන් ගැන දැන් උසාවිය බලා ගනියි.මේ ගොල්ලෝ නීතිය අතට ගන්න ගිය එක නම් හොඳ නැහැ. (නි)
මේ මිනිසුන් නීතියෙන් නිදහස් වුණොත් මම හිරේ වැටෙන්න බලාගෙන වැඩකරනවා. (නි)
මම දවසක් හිස්වැසුම් නැතුව ගියා. මට කොළඹ උසාවියට යන්න වුණා. අනේ මම දන්නෙ නැහැ මෙහෙමත් නීතිඥයෝ? ඔයාලත් නඩුවක් නැති වුණත් ගිගින් බලන්න. (නි)
දරුවන් මෙලොවට දායාද කළාට දරුවන්ගේ අගය දන්නේ නැති අයට රිදෙන්න තමයි දෙන්න ඕනෑ (නි)
නීතිය අනුව පිළිසරණක් තිබෙනවා නම් ඕනෑම පුරවැසියෙකුට ඒ පිළිසරණ ලබා ගැනීම සුරක්ෂිත කළයුතු අයිතියක්. නීතිඥවරුන් තර්ක ඉදිරිපත් කළ පමණින් මිනිසුන් උසාවියෙන් නිදහස් වෙන්නේ නැහැ. විවිධාකාරයෙන් ලැබුන ප්‍රතිචාර දැකලා මේ අය ඕනෑවට වඩා හිතට ගත් බවයි පෙනෙන්නේ. (නි)
ඔය වගේ තිරිසන් වැඩ කරන මිනිසුන්වෙනුවෙනුත් නීතිඥයින් පෙනීසිටිනවානේ? හැබැයි එහෙමයි කියලා ඒ මිනිසුන්ගේ වාහන වලට ගහලා එයාලට ගහලා සාධාරණයක් කරගන්න බැහැ. ඒකත් වැරදියි. අමාරුවේ වැටෙන්නේ අගතියට පත් පාර්ශවයමයි. (නි)
නීතියෙන් යම් පුද්ගලයෙකු වැරදිකරු කරනතුරු ඔහු නිවැරදිකරුවෙක්ය යන මතයේයි මම නම් සිටිනේනේ (නි)
නිමල් ලලිතා,මම දන්නෙ නැහැ ඔබට, තුමා හෝ තුමී කියනවද කියලා.නමේ පොඩි පටලැවිල්ලක් තියෙන බව නම් පෙනෙනවා. කෙසේ හෝ,මෙතනදී බොහෝ දෙනෙක් කියන කාරණය තමයි මේ වාහන වලට ගල් ගහපු සිද්ධියට දරුවාගේ මවත් පියත් සම්බන්ධවීම වැරදි බව.එහෙම නැතුව නීතිවේදීන්ගේ උගත්කම පිළිබද ගැටළුවක් නොවෙයි මම හිතන විදියට. (නි)