නීති විරෝධිව මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු එරටින් පිටුවහල් කර ඇත.
පසුගිය සතියේ අදාළ පුද්ගලයින් යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටියදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ''ද ඕස්ට්‍රේලියන් '' පුවත්පත වාර්තා කර ඇත.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පිරිස ක්‍රිෂ්මස් දූපතේ රඳවා තැබීමෙන් අනතුරුව යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බව සඳහන්ය.
ශ්‍රී ලාංකිකයින් පිරිස මැයි මස පළමු සතියේ මෙරටින් පිටව ගොස් ඇති බවත් ඔවුන් අතර කුඩා දරුවෙකු ද වන බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත.
වසර 05කට පසුව ඔස්ට්‍රේලියාවට පැමිණි පළමු ශ්‍රී ලාංකිකයින් පිරිස මොවුන් වන අතර 2013 වර්ෂයේ සිට සරණාගතයින් ලෙස ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකිකයින් 186 දෙනෙකු යළිත් හරවා එවීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කලහම වීසා නීති තවත් තද කරනවා. නීත්‍යනුකුලව යන අයත් කරදරේ වැටෙනවා.
මෝඩකම.., සල්ලිත් ඉවර ඇති දැන්. ඕස්ට්‍රේලියාව, ඉතාලිය නෙමෙයි.
අන්තිමට නීත්‍යානුකූලව යන මිනිස්සුන්ටත් යනඑන මන් නැති වෙනවා. මේ මිනිස්සු ඔක්කොම මෙහෙ ඇවිත් උපන් රට ගැන අමූලික බොරු කියලා අපිට පාරේ යන්න බැරි තැනට වැඩ සලස්වනවා. පසුගිය කාලයේ තැපැල් බඩු හොරකම් කලේ මෙහෙම ඇවිත් අන්තිමට තැපැල් පියුම් කමක් ගත්තු කෙනෙක්. ඒ රස්සාවටත් බොරු සහතික පෙන්වන්න ඇති. අන්තිමේ රටේ නම කැත වුණා.