19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම කල් දැමීම කෙරෙහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරු ඇතුළු ශ්‍රීලනිපයේ මැදිහත් වීමක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) බත්තරමුල්ල පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී කීවේය.
එම සංශෝධනය ලබන 27 හා 28 දෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත නොකළහොත් එය සම්මත කිරීමට ඇති හැකියාව ඉතා සීමිත බවද අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම කල්දැමීමට විරෝධය දක්වමින් සහ එම සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කිරීමට සහාය දක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බල කරමින් සිකුරාදා (24) පස්වරු 4 ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවයක නිරතවන බවද ජනතා විමුක්ති පෙරමුණු නායකයා අද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන් කැතයි කතාව. (ර)
ජේවීපී සහෝදර වරුනි, කරුණාකර ජනතාව මුලකිරීමෙන් වලකින්න. සියලුම වැසියන්ගෙන් ම ඉල්ලා සිටින්නේ ජනතව මුලාකරන ජේවීප්ී සමොජිකයන්ව පිළිකුල් සහිතව හෙළාදැක ඔවුන්ව ප්‍රතික්ෂේප කරන ලෙසයි. (ස)
ලංකාදීපයේ කොමෙන්ට් සංස්කරණය කරණ අය ජේවීපී එක්ක තරහයි වගේ. කොමෙන්ට් වල කෑලි අඩු කරණවා. තාම මහින්දට කඩේ යනවා ((( සංස්කාරක සටහන - ඔබ මෙහි පලකරන අදහස් සියල්ල ඔබගේ වචනවලින් ඒ ආකාරයෙන් ම පලකිරීම අපගේ අභිප්‍රායයි. එසේ වුව ද ඇතැම් අදහස් පලකිරීම් අතරතුරදී අසභ්‍ය වචන භාවිතා කර ඇත්නම් ඒවා ඉවත් කරයි. එමෙන්ම පුද්ගලිකව සිදුකරන අපහාස ද ඉවත්කරනු ලැබේ. තව ද තහවුරු කළ නොහැකි වූ චෝදනා එල්ල කරන අවස්ථාවන්හි දී ඒවා ද ඉවත්කරන බැවින් ඇතැම් අදහස්දැක්වීම් වල කොටස් ඉවත්කිරීමට කණගාටුවෙන් වුව ද කටයුතු කරන බව දන්වා සිටිමු. අප කිසිදු පක්ෂයක් වෙනුවේ පෙනී නොසිටින බව ද ඔබට පැවසීමට කැමැත්තෙමු )))) (ස)
88-89 කාලේ ජවිපෙ කරන ලද මිනීමැරුම් සහ නීතිවිරෝදී වැඩ ගැන සොයා බලන්න කවුරුවත් නැත්ද? (ස)
හඬ ඊසොප්ගෙ(අනුර ) උනාට අත ජාකොබ්ගේ (රනිල් ) වගේ. (ස)
කොහොමත් තවම ජනමාධ්‍ය කට්ටියට මරාගේ බය තියෙනවා වගේ හිටපු අයට කුණුහරුප ඇරෙන්න කියන්නන හොද භාෂාවක් නෑ (ස)
කුමාර, මම ඔබ හා එකඟයි. (නි)
ජේවීපී එක නැත්නම් සියල්ල ඉවරයි (නි)
විධායක සභාවේ මාද්‍ය ප්‍රකාශයද (ස)
අනුර මහත්තයෝ ඔයාගේ පැටිකිරිය ගැනත් දැන් කව්රුත් දන්නවා , ඔහේගේ දේශපාලනය , අනේ අම්මපා .(ස)
ඔබ තමයි හිටපු ජනපති ගෙදර යැවූ ප්‍රධාන නියමුවා. ඔබටම තමයි 19 සමත කරගන්න පුළුවන්. (ත)
මේනක විජේසුරිය, හිතා මතා සංස්කරණය කරනවා නොවෙයි .පැරණි පොත පත නොකියවා ඇති බැවින් ඒවායේ කවි පවා වෙනස් කරනවා .(ස)
කට්ටිය හොඳටම බයවෙලා. අදම එක අනුමත කරන්න ලැහැස්තියිලු. කාලයක් ජනයා ඕවට රැවටිලා හිටියා. එත් දැන් ඔයාලා කව්ද කියල ජනතාව දන්නවා. (ර)