මාළඹේ කඩුවෙල මාර්ගයේ පිට්ටුගල මාර ගසක්, පොල් ගසක් ඇතුළු ගස් තුනක් ඊයේ (10) පාරට කඩා වැටී විශ්‍රාමිකයකු මිය ගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූ බව පොලිසිය කියයි.
මියගියේ මාළඹේ කහන්තොට ජගත් වික්‍රම පෙරේරා (54) මහතා බවත් තද සුළඟක් සමග ගස් කඩා වැටුණු බවත් ප්‍රදේශවාසීහු කියති. ගස් ඇද වැටීමෙන් පාරේ ගිය ත්‍රී රෝද දෙකකට පාපැදි දෙකකට හා කුඩා ලොරියකට හානි සිදුවිය.
මෙම ගස් කඩා වැටීමෙන් කඩුවෙල - මාළඹේ නව නුවර මාර්ගයේ වාහන ගමනාගමනය දෙපැයකට පමණ අඩාල විය. මෙම ගස් අනතුරුදායක බව අසල්වැසියන් කඩුවෙල මහ නගර සභාවටත් ග්‍රාම සේවකටත් පැමිණිලි කර තිබුණද අධිකරණයේ විභාගවූ නඩුවක් නිසා අධිකරණ තීන්දුවක් එනතුරු ගස් ඉවත් කිරීමට නොහැකිවූ බව කඩුවෙල නගර සභාව කියයි.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නඩුවට පෙර ගස් වැටේ