අලවතුගොඩ නගරයේ පැවැත්වීමට නියමිත විරෝධතාවයක් සම්බන්ධයෙන් වාරණ නියෝගයක් ඉල්ලීමේ නඩුවක් විභාග වෙද්දී එය රහසින් පටිගත කළ පුද්ගලයකුට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සේසිරි හේරත් මහතා රුපියල් 1500 ක දඩ නියම කළේය.
දඩ නියම වුයේ මොහොමඩ් මුන්සීර්ටය.ඔහු කිහිල්ල යට කැමරාව සඟවාගෙන වීඩීයෝ කරන අයුරු උසාවි ආරච්චි පොලීසියට දැන්වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අලවතුගොඩ රැස්වීම නොපවත්වන ලෙස මහේස්ත්‍රාත් වරණ නියෝගයක් ද නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරයි නේ මේවගේ හොර වැඩ තව කොච්චර ඇත්ද? (දී)
අපි ඉන්න රටේ නම් උසාවියට වීඩියෝ කැමරාත් ඕනෑම වර්ගයක මොබයිල් ෆෝන් අරගෙන යන්න පුළුවන් උසාවිය අතුල හොදට ෆෝන් එකෙන් කතා කරන්නත් පුළුවන් (දී)
හේරත් ඉන්නේ වෙන ග්‍රහලෝකයක තියෙන ඩුබායි වල වෙන්න ඕනේ. ඩුබායි වල බොලීසියක් ඇතුලෙවත් දුරකතන වලින් කථා කරන්න දෙන්නෙ නැහැ , අපි නොදන්නා ඩුබායි , බොරු කියල ලංකාව සවුත්තු කරන්න එපා. (ස)
අපෝ 1500 වැඩියි නේද පව් අහිංසක කට්ටිය (නදී)
හේරත් 2014-06-20 23:04:44 මෝඩ උනාට මෝඩ කතා කියන්න එපා ලෝකයේ ඕනෑම රටක තිබෙන උසාවී වලට මොබයිල් ෆෝන් අරගෙන ගියාට කතා කරන්න අවසර නැහැ. ඔයා ඉන්නේ ඉතියෝපියාවේද ? (නදී)
ඕකත් මානව හිමිකම් කවුන් සිලයට බාර දෙන්නද දන්නේ නැහැ වීඩියෝ කළේ. (අ)
හොඳම වැඩේ (දී)
අනේ පව් අහිංසක හේරත් ට බනින්න එපා.මෙතන වචන පැටලැවිල්ලක් තියෙන්නෙ.උසාවි සංකීර්නයට මොබයිල් අරන් යන්න පුලුවං.ඒත් නඩු අහන තැනට බැහැ.හේරත්ට හිතේ තියෙන දේ කියාගන්න බැරිවෙලා හරියට (දී)
මේ ගොල්ලෝ අපිටත් උසාවියකට යන්න නැති කරනවා ! (අ)
මොහු ගැන සොයාබලන්න වෙයි වගේ නේද? (නි)
හේරත් ඉන්නේ සුඩානයේ. එහෙ අමුතු උසාවි තියනවානේ. (නදී)
මොනවද මේ අනවශ්‍ය වැඩ? (නි)
අනේ අයියේ, ඔච්චර ආසද උසාවි යන්න? (නි)
නඩුවක් වීඩියෝ කරන්න බැරිද? (නි)
අනේ සිල්වා මම ඉන්නේ ඉතියෝපියාවේ නෙවෙයි ඩුබායිවල (නදී)
කව්රු මොනවා කීවත් උසාවි ආරච්චි නම් හොඳ දක්ෂයෙක් ! (අ)
අහු නොඋනනම් ඕක අන්තර් ජාලෙට දානවා. (දී)
ආ.......නේ !!හේරත් ඉන්න රටේ උසාවියට ඕන එකක් ගෙනියන්න පුළුවන්ද ?.(අ)
නඩුවක් හෝ උසාවි සංකීර්ණය තුලට ජංගම දුරකතනයක් පවා ගෙනයාම සපුරා තහනම්........ (දී)
මේගොල්ලෝ ඕව තමයි ඊට පස්සේ සමාජ වෙබ් අඩවිවල දාල , ජාත්‍යන්තරට දීල රට අපකීර්තියට පත් කරන්නේ. (ස)