මිනිස් සිරුරට අහිතකර රසායනික අඩංගුවේදැයි සේවීමට මෙරට වෙළඳ පොලේ ඇති සියළුම නූඩ්ල්ස් වර්ගවල නියැදි පරික්ෂාවක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කැර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ කිසියම් නූඩ්ල්ස් වර්ගයක එවැනි අහිතකර ද්‍රව්‍ය අඩංගුබව සනාථ වන්නේ නම් එය වෙළඳපොළෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර විස තිබුනත් ගානක් යටින් දුන්නම විස නැති වෙයි (නදී) .
සියලුම ක්ෂණික ආහාර පිළිබඳව පරීක්ෂණ කළා නම් තමයි හොඳ. (බ)
ඔය සමන්ති කීව කෑම ජාති ඇස්බැස්ටෝස් වහලවල් උඩත් වේලෙන්න තියලාද?මම ඉන්න බටහිර රටේ නම් පරණ ඇස්බැස්ටෝස් තහඩු ඉවත් කරන්ඩ එන අය විශේෂ ඇඳුම් පැළදුම් ඇඳගෙන විශේෂ ආරක්ෂා විදි අනුගමනය කරමින් තමයි එම කටයුත්තේ යෙදෙන්නේ. (නදී)
සුප් කැට ගැනත් කතාකරන්න ඕනෑ (නි)
අශ්වයා ගිය පසු ඉස්තාල දොර වැසීම. (ර)
සඳමාලි, දියුණු රටවල ඇස්බැස්ටෝස් සලකන්නේ ඉතා විස දෙයක් හැටියට. යම් ව්‍යාපෘතියක කලින් නොදැන ඒවා හම්බ වුනොත් ලොකු ප්‍රශ්නයක් තමයි. සමන්ති කියන "වහලේ පපඩම් වේලන" කතාව ඇහුවමයි. දැනුවත් කිරීම ගැන ස්තුතියි! (බ)
කොම්පඤ්ඤ විදියේ ගෙවල්වල වහලේ තියෙන්නේ ,පපඩම්,නුඩ්ල්ස්,ඉඳිආප්ප වගේ දේවල් වෙලෙන්න දාලා. තත්ත්වය තේරුම් ගන්ට පුළුවනි. වෙළෙඳපොලේ තියෙන වැඩියෙන් විකිනෙන මුරුක්කු බැලුවානම් "මොනොසොධියම් ග්ලුටෝමෙට්" දැමිල්ල සොයාගතහැකි. කොත්තු රොටියෙත් තියෙන්නේ "මොනොසොධියම් ග්ලුටෝමෙට්" ම තමයි. (හේ)
අවුරුදු 70 ට වැඩිය විශ්වාසය ඇති නූඩ්ල්ස් තමයි අපි නම් ගන්නේ (නි)
ඔය කියන නූඩ්ල්ස් වර්ගය ඉන්දියාවේ තහනම්කළේ ඊයම් අධිමාත්‍රාවක් අඩංගු බවට සොයාගත් නිසා.ඊට අමතරව මොනෝසෝඩියම් ග්ලූටමේට් අඩංගු බව පැකැට්‍ටුවේ සඳහන් නොකළ නිසා. (නි)