කිසිම අවස්ථාවක කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු පත් නොකළ බවත් ඔහුට අවශ්‍ය පරිදි ආණ්ඩු පක්ෂයේ අය පත් කළ බවත් නඩුයි බඩුයි ඔක්කෝම හාමුදුරුවන්ගේ තත්ත්වයට පත් වූ බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අද(3) මාධ්‍ය හමුවකදී පැවසීය.
‘‘අගමැතිතුමා සහ අපි කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර මහතාව පත් කළා. එසේ පත් කරලා බලාපොරොත්තු වුණේ එතුමා ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වශයෙන් හරියටම වැඩේ කරයි කියලා. ඒත් කියන්න ලජ්ජයි එතුමා තුට්ටු දෙකේ දේශපාලනයක් කළා‘‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ නියෝජ්‍ය අධිකරණ ඇමති, බොරු කියනවා (අ)
මෙයාගේ වැඩ අපි දැක්ක පහුගියකාලේ (අ)
මෙයාලා එදත් බොරු බයිල කිව්වා. අදත් කියනවා. හෙටත් කියාවි. රැවටෙන්නනම් එපා.(අ)
අනේ ජයන්ත, ඔයානේ ආර්ථික විද්‍යාව දන්නේ (නි)
හරියටම හරි ජයන්ත. (නි)
මෙයාලා ගැන අපේ තිබුනු පැහැදීම එන්න එන්නම අඩු වෙනවා. අපට මේ තරුණ මන්ත්‍රීවරු ගැන පොඩි බලාපොරොත්තුවක් තිබුන පක්ෂය හරි මගට ගනී කියලා. බහුතරයක් මෙයාලාගෙ පාක්ෂිකයො මෝඩයෝ උනාට මුලු ලංකාවෙම ඉන්නේ මෝඩයෝ කියල හිතන එක වැරදියි (නදී)
තීරණයක් ගන්න කාලය පැමිණ ඇත (නි)
ඇත්ත පැහැදිලි කළාට ස්තුතියි ඔබ තුමාට (නදී)
ලංකාවේ හිරමන තලයක් වත් හදන්නේ නෑ කියපු මෙයාට මොනවා කියන්න බැරිද ? (නදී)
අනේ යන්න අනේ යන්න (නදී)
මොකද මේ මෙච්චර තරහා ගිහිල්ලා තියෙන්නේ? (නි)
කොණ්ඩය බැඳපු අය දැන් ලංකාවෙ නැහැ (නි)
ඇත්ත. නියම මාතෘකාව! (නි)
අපි නම් කවුරු මොනවා කිවුවත් දැන් හොඳට කල්පනා කරලා බලයයි තීරණයක් ගන්නේ (නි)
ඕවට දැන් ඡන්දෙ දෙන්නේ නැහැ අනේ.දවස් 100 ට මෙහෙම නම් අවුරුදු 5ක් හිටියොත්...?? (නි)
ඕකට නේ අපේ පැරැන්නෝ කිවුවේ මෙහෙම, "හැන්ද අතේ තියෙන අය, තමන් කැමති අයට, කැමති විදියට බෙදනවා කියලා". (ර)
දැන් ඉතින් හැමතැනම වෙන්නේ මේකනේ. "නඩුත් හාමුදුරුවන්ගේ-බඩුත් හාමුදුරුවන්ගේ" (නි)
ඉතින් වැරදි නැත්නම් ඕක එළියට දාන්න තිබුනා නේද ? (නි)
දැන් කියන්න දේවල් නැතුව... (ර)
නියම මාතෘකාව. ලංකාදීපයට ස්තුතියී. දැන් අපිට ඔක්කොම පැහැදිලීයි. (ර)
කියන ගොඩක් සත්‍යයයි.(හේ)
දැන් ඉතින් නැති කතත් හදන්න පටන්ගෙන වගේ.(හේ)
ඩිව් ගුනසේකෙර කියන්නේ හොඳ මහත්මයෙක්. මේ පොඩි මිනිහෙක් කියන්නේ මොනවද. දැන් බයවෙලා. මෙයා වීරයෙක් වෙන්න හදනවා. මේ මිනිස්සු තමයි බොරු කාරයෝ (බ)
මෙයා වීරයෙක් වුන හැටි. බොරු කාරයෝ. මෙයාලා දන්නා ආර්ථික විද්‍යාව. ඉල්ලුම සැපයුම අනුව හොර කම් කරාලු. (බ)
මාරසිංහ, මම දන්නා ආර්ථික විද්‍යාව ගැන දැන ගන්නම ඔයාට අවංක උවමනාවක් තියෙනවා නම් මම ඔයාට මගේ සියලු විස්තර දෙන්නම්. ඔයා ඒවත් අරගෙන යන්න කොළඹ විශ්ව විද්‍යාලයටත්, හොන්ග් කොන්ග් විශ්ව විද්‍යාලයටත්, ලන්ඩන් විශ්ව විද්‍යාලයටත්. එතකොට ඔයාට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වේවි. (නදී)