නාඩා සුළි කුණාටුව නිසා යාපනය දිස්ත්‍රීක්කයට ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් එහි වැසියන් දහසකට අධික පිරිසක් පීඩාවට පත් වී ඇතැයි යාපනය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
යාපනයේ පවුල් 307 කට අයත් පුද්ගලයින් 1107 ක් පීඩාවට පත්ව ඇති බවත් පවුල් 41 කට අයත් පුද්ගලයින් 183 දෙනෙකු යාපනය වලිකාමම් උතුර අවතැන් කඳවුරු වැසියන් බවත් කියති.
යුද්ධයෙන් පසුව නැවත පදිංචියට ගොස් තාවකාලික නිවාස වල ජීවත් වූ වැසියන්ගේ නිවාස 60 කට අධික ප්‍රමාණයක් සුළං හා වර්ෂාව හේතුවෙන් විනාශ වී ඇත.
යාපනයේ වගාවන්ටද අයහපත් කාලගුණයෙන් බලපෑම් සිදුව ඇති ඇතැයි කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිරිසට සහන දෙන්න.(හේ)
අවතැන් වූ ජනතාවට උදව් කරන්න.(හේ)
ඒ මිනිසුන්ට හැම පැත්තෙන්ම කෙණෙහිලි (නි)