
(ඉන්දිකා රාමනායක)
වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධිකරණ රෙජිස්ටාර්වරිය. මේ සම්බන්ධයෙන් ඊයේ (17) සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
නඩු කිහිපයකට අදාල මෙම මුදල ලිපි කවර තුනක බහා භාණ්ඩ කාමරයේ තිබියදී කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.ෙඉකුත් ජූලි මස 07 දින හො ඔක්තෝම්බර් මස 16 දින අතර කාලය තුළ මෙම සොරකම සිදුව ඇති බව පැමිණිල්ල ලැබුණු බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙජිස්ටර්ලා මුරකරුවෝ, ලිපිකරුවෝ ඔක්කොම එකතු වෙලා ගේම දෙන්න ඇති නේද? සල්ලි වලට කකුල් නෑනේ...