(ඩයනා උදයංගනී)
බන්ධනාගාර ගත කර සිටින එල්.ටී.ටීඊ රැඳවියන් අතුරින් ඉදිරි නීතිමය පියවර ගැනීමට නොමැති අය සිටී නම් , ඔවුන් නිදහස් කළ යුතුයැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා (11) පැවසීය.
නීති පියවර ගැනීමට නොමැති අය නිදහස් කිරීමේ ගැටළුවක් නැතැයි කී අමාත්‍යවරයා අතීතයේ සිට ඇතිවූ ගැටුම් සැලකිල්ලට ගත් විට එසේ නිදහස් කළ අයගෙන් හානියක් වී නැතැයි ද ඇමතිවරයා සදහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ දෙවනි කැරැල්ලේ දී ඊට විරුද්ධ මතවාදය ගොඩ නැගුවේ පළමු කැරැල්ලෙන් නිදහස් වූ අය බව කී අමාත්‍යවරයා එල්.ටී.ටී.ඊය සම්බන්ධවත් තත්ත්වය එසේ බව කාන්තා කොටි නායිකාවන් ලියූ කෘතිවලින් පෙනෙන්නේ යැයි කියා සිටියේය.
යුද්ධය නිමා වී වසර 8ක් ගත වූ පසුවත් මෙවැනි අය රැඳවියන් ලෙස තබාගැනීම අන්තවාදීන්ට පසුබිම ගොඩනගාදීමක් බවද ඇමති රාජිත සේනාරත්න මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේක කියන්ඩ ඕනේ සෞක්‍ය ඇමතිද අදිකරණ ඇමතිද ?
අල්ලස් කොමිසමේ නඩු තියෙන මෙතුමා තාම එළියේ .
රාජිත, කිරිඇල්ල, බැසිල් රාජපක්ෂ, විමල් වීරවංස වගේ හොරු ඉන්නකන් රටට හරි යන්නේ නැහැ. මේ ගොල්ල සල්ලි වලට අසූචි උනත් කනවා.
මෙයා දන්නා කලේ ඉදලම මස් රාත්තලම දෙන්න බලාගෙනම ඉන්න කෙනෙක් තමයි
රැදවියන් ට එරෙහිව නීතිමය පියවර ගන්න ඕනේ ආණ්ඩුව නමුත් අද තියෙනේ සන්හිදියාවත් එක්ක එහෙම කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක් වෙලා ඇති . දැන් එහෙනම් නිදහස් කරලා දාන්න අවශ පරිසරය සකස් කරගෙන යනවා වගේ පෙන්නේ
නිකමට හිතන්න. කෙනෙක් වසර 8ක් තිස්සේ චෝදනාවක් නඟන්නේ නැතුව, කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් නොගෙන රිමාන්ඩ් එකේ තියා ගන්නවා කියන්නේ ඒ පුද්ගලයාට, පවුලට කොච්චර වේදනාවක්ද? වැරැද්දක් තියෙනවා නම් විභාග කරන්න ඕන. එහෙම නොකර ඉන්නවා කියන්නේ මෙතන නිර්දෝෂී අය ඉන්න පුළුවන් කියන එක. කාගේ වුනත් වේදනාව වේදනාවමයි. ඒකට සිංහල දෙමළ භේදයක් නෑ.
මේ ඉන්නේ විනාශකාරයෙක් ..මූට හැම එකක්ම විහිළු
කතාව හරි
නඩු නැත්නම් මොකටද හිරේ දැම්මේ ?