ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
අග්‍රාමාත්‍යවරයාගේ සහ ඇමැතිවරුන්ගේ වියදම් පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ගොනුකර ඇති නඩුවක් මේ වන විටත් විභාග වෙමින් පවතින නිසා පාර්ලිමේන්තුව තුළ ඊට අදාළ යෝජනාවක් විවාදයට ගෙන සම්මත කිරීම වරදක් බව සභානායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
අධිකරණ තීන්දුවකට භාජනය වෙමින් ඇති කරුණක් පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ බලයක් නොමැති බවට සෑම කතානායකවරයකු විසින්ම ප්‍රකාශ කර තිබූ තීන්දුවක් වත්මන් කතානායකවරයා උල්ලංඝණය කර තිබෙන බවද දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වැනි වගන්තියට අනුව පාර්ලිමේන්තුවට මුදල් පනතක් හෝ යෝජනාවක් ගෙන ආ හැක්කේ අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව අමාත්‍යවරයකු විසින් පමණක් බවද සභානායකවරයා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නා කම නිසා අහන්නේ. අර ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝග සිද්ධියේදී, ඇය අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් පවා අරගෙන තියෙද්දී, ඒ දෝෂාභියෝගය විවාද කරේ කොහොමද එතකොට? ඒක පාර්ලිමේන්තුවේ නෙවේද විවාද කරේ?
ඔබතුම නිතිය අකුරටම පිළිපදිනවා නේද?
තාවකාලිකව තහනම් කරලා තියෙන්නේ විසුරුවා හැරීමනේ. රැස්වෙලා තීන්දු තීරණ ගන්න තහනම් නෑ නේ.
මේක 'මුදල්' පනතක් නෙමෙයිනේ මහත්තයෝ.
මේ අහක යන පරිප්පුවක් කරේ දාගෙන දැන් මොරදෙන්නේ නැතුව... බහුතරේ ඇති අයට දීලා දැම්මා නම් නේද හොඳ...?
බහුතරය නැති ආණ්ඩුවක් අටවාගෙන දැනට මාසයක් තිස්සේ රටට කරන වින්නැහියට සාපේක්ෂව මේක කොහොමත් වැරැද්දක් හැටියට සලකන්න බැහැ..
මැතිතුමෝ ! 1952 හා 56 දී ඡන්දය පාවිච්චි කළ උදවිය දැන් ඉන්නේ අතලොස්සකි. ඔබතුමන්ලා ඉදරිපත් කරන කෙස් පැලෙන තර්ක ඒ ඇත්තෝ ඔහේ පිළිගත්තත් , ඔබතුමන්ලාගේ දුර්වල ක්ෂේත්‍ර හා යටි අරමුණු ගැන හොඳ අවබෝධයක් ඇති , අහුමුලු සියල්ල අත පත ගා විමසා බැලීමෙහි හැකියාව ඇති වත්මන් ඡන්දදායකයා එම තර්ක කොතෙක් දුරට පිළිගනීවි දැයි සිතා බැලුවොත් හොඳයි නේද ?
එතකොට මෙතෙක් කල් කලේ නිත්‍යානුකුල වැඩද? අධිකරණයේ අතුරු තහනම් නියෝගයක් තියනවානම් කොහොමද සභානායක උනේ?
අනේ මෙතරම් පිරිහුනේ කෙසේද?