යාපනය කන්කසන්තුරෙයි මුහුදුසීමාවට කිලොමීටර් 200 ක් පමණ ඊසාන දිසාවෙන් බල පැවැත්වෙන නාඩා සුළි කුණාටුව නිසා උතුරු පළාතේ ප්‍රදේශ රැසකට ධාරාණිපාත වර්ෂාව ඇද හැළෙමින් පවතී.
දැඩි වැහි මන්දාරම් සහිත කාලගුණික තත්ත්වයක් ද පෙර ඇති නොවූ තරමේ දැඩි සීතලක් ද යාපනය දිස්ත්‍රික්කය පුරා වර්ධනය වී ඇතැයි කියති.
වර්ෂාව හේතුවෙන් කිලිනොච්චියේ ස්ථාන කිහිපයකම විදුලි විසන්ධිවීම්ද වාර්තා වූ අතර අතුරු මාර්ග කිහිපයක්ද ජලයෙන් යට වී ඇත.
උතුරේ ධීවරයින් සැලකිය යුතු පිරිසක් මුහුදු යාමෙන් ද වැළකී සිටිති.
නාඩා සුළි කුණාටුව බෙංගාල බොක්කේ තමිල්නාඩුවට හා බෙංගාල බොක්කේ උඩුච්චේරි දෙසට දුර්වල තත්ත්වයෙන් ගමන් කරමින් පවතී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකුණු ගගහ ද වහින්නේ එහෙනම් විග්නේෂ්වරන් ටිකක් එලියට ඇවිත් ඉන්න. (බ)
උණුසුම්ව නේද එහෙ නිතරම තියෙන්නේ. පහුගිය දිනවල ගිනි මෙළෙව්වනේ. ඒවා නිවන්න තමයි ඔය වහින්නේ. අපිට ඔහේ ඇවිල්ලා පදිංචි වෙන්න දෙනවද, දැන් ඉතින් වහින නිසා. (නි)
දෙවියන්ගේ නාමෙන් එයාලගේ හිතත් කූල් වෙනවා නම් කොච්චර එකක්ද! (නි)