තඹුත්තේගම මොරගොඩ තේක්ක රක්ෂිතය නිවහන කර ගනිමින් ශ්‍රාවස්තිපුර, තලාව මොරගොඩ ආදී ගම්මානවලට පැන වගා බිම් වැනැසූ වල් අලියා අල්ලා ගැනීමට වනජීවි නිලධාරීන අද සමත්විය. ප්‍රදේශයේ ආරක්ෂාවට ඇද තිබූ අලි වැට ද කඩා ප්‍රදේශයේ නිවාස රැසකට හානි කර තිබූ මෙම සද්ධන්තයා ඇල්ලීමට වනජීවි නිලධාරීන් ඉකුත් 16 වැනි දා සිට සිදු කළ මෙහෙයකුමකින් පසු මොරගොඩතුරුලිය රක්ෂිතයේ අද අල්ලා ගනු ලැබීය. අල්ලාගත් වල් අලිය වනෝද්‍යානයකට මුදා හරින බව වයඹ වනජීවී කාලපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවැසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්! හක්ක පටස් වලින් බේරුන එක නම් ලොකු වාසනාවක්. (නි)
මේ සතාට කරදරයක් නම් වෙන්න දෙන්න එපා (නි)
සියඹලාගමුවේ ඇතාට අත්වුණ ඉරණම නම් අත්වෙන්න දෙන්න එපා (නි)
තලාව මොරගොඩ කියන්නේ අලි නාච්චදුව වැවේ ඉඳලා විල්පත්තුව පැත්තට යන පාර. ඒක හරස්කරලා ගෙවල් හදාගත් නිසා තමා මේ සේරම. මේවට වගකියන්න ඕනෑ ඉඩම් අල්ලගන්න සහ අනුබල දෙන අය (නි)