නැගෙනහිර පළාතේ පාසල් රැසක සිසුනට බදාදා සහ බ්‍රහස්පතින්දා (27-28) නියමිත වාර විභාගය කල් දමා ඇත. අප්‍රේල් පස් වැනිදාට පෙර එම විභාග පවත්වන බව අධ්‍යාපන බලධරයෝ කියති.
නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම් පී ඒ නිෂාම් මහතා පැවසුවේ දැයටකිරුළ නැරඹීමට සිසුන් රැගෙන යාමට 27 සහ 28 දිනයන්හි පාසල් විභාග නොපැවැත්වෙන බවයි. එම දිනයන්හි පැවැත්වෙන විෂයන් ඊළඟ සතියේ පාසල් නිවාඩුව ඇරඹීමට පෙර පැවැත්වීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් කටයුතු කරනු ඇති බවයි.
පළාත් අධ්‍යාපන ලේකම් ඊ ඒ ඩී පුෂ්පකුමාර මහතා පැවසුවේ පාසල් සිසුන් දැයටකිරුළ බැලීමට රැගෙන යන ලෙස දැනුම් දුන්නත් පාසල් විභාග නවත්වන ලෙස තමා දැනුම් නුදුන් බවයි.
සිසුනට කලාතුරකින් දැකගන්නට ලැබෙන දැයට කිරුළ ප්‍රදර්ශනයට සිසුන් සහභාගී කරවා ගැනීමට මෙම විභාග නොපැවැත්වෙන බව නැගෙනහිර පළාත් අධ්‍යාපන නිලධරයෝ පවසති.
අධ්‍යාපන බලධරයන් කළින් කල්පනා කළේ නම් විභාගය ද පවත්වා, සිසුනට ප්‍රදර්ශනය නැරඹීමේ අවස්ථාව සලසා දීමට හැකිව තිබුනැයි ලංකා ගුරු සංගමය කියයි.
අධ්‍යාපන බලධරයන් හදිසියේම ගෙන ඇතැයි කියන මේ තීරණය නිසා සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම ඇතුළු ප්‍රශ්න රැසක් මතුවන බවත් සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
සැලසුම් නැතිව අධ්‍යාපන කෂේත්‍රයේ වැඩ කෙරෙන බවට මෙය හොදම නිදසුනක් බව ද ස්ටාලින් මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේහෙම කියුව්වට මොකුත් හිතන්න එපා ඒ වැඩේ නම් අනුමත කරන්න බැහැ නේද (දී)(දී)
වෙන රටවල නම් අධ්‍යාපනයට තමයි මුල් තැන දෙන්නේ. (නි)
දැන් දැන් මොනවා කරනවාද මොනවා වෙනවාද නොතේරේ.සිහියෙන් කටයුතු නොකළොත් රටයි වරිගයයි ඔක්කොම සුන් (ස)
නියමයි ශ්‍රී ලංකා! (නි)
දයට කිරුල සාර්ථක නැහැල්ලු. පාසල් ළමයි ටික ගන්නල හරි සෙනඟ පෙන්නන්න ඕනලු.(නදී)
විභාගය නවත්වන එකනම් සුදුසුද ? (දී)