නැගෙනහිර පළාතේ පාසල් රැසක සිසුනට බදාදා සහ බ්‍රහස්පතින්දා (27-28) නියමිත වාර විභාගය කල් දමා ඇත. අප්‍රේල් පස් වැනිදාට පෙර එම විභාග පවත්වන බව අධ්‍යාපන බලධරයෝ කියති.
නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම් පී ඒ නිෂාම් මහතා පැවසුවේ දැයටකිරුළ නැරඹීමට සිසුන් රැගෙන යාමට 27 සහ 28 දිනයන්හි පාසල් විභාග නොපැවැත්වෙන බවයි. එම දිනයන්හි පැවැත්වෙන විෂයන් ඊළඟ සතියේ පාසල් නිවාඩුව ඇරඹීමට පෙර පැවැත්වීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් කටයුතු කරනු ඇති බවයි.
පළාත් අධ්‍යාපන ලේකම් ඊ ඒ ඩී පුෂ්පකුමාර මහතා පැවසුවේ පාසල් සිසුන් දැයටකිරුළ බැලීමට රැගෙන යන ලෙස දැනුම් දුන්නත් පාසල් විභාග නවත්වන ලෙස තමා දැනුම් නුදුන් බවයි.
සිසුනට කලාතුරකින් දැකගන්නට ලැබෙන දැයට කිරුළ ප්‍රදර්ශනයට සිසුන් සහභාගී කරවා ගැනීමට මෙම විභාග නොපැවැත්වෙන බව නැගෙනහිර පළාත් අධ්‍යාපන නිලධරයෝ පවසති.
අධ්‍යාපන බලධරයන් කළින් කල්පනා කළේ නම් විභාගය ද පවත්වා, සිසුනට ප්‍රදර්ශනය නැරඹීමේ අවස්ථාව සලසා දීමට හැකිව තිබුනැයි ලංකා ගුරු සංගමය කියයි.
අධ්‍යාපන බලධරයන් හදිසියේම ගෙන ඇතැයි කියන මේ තීරණය නිසා සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම ඇතුළු ප්‍රශ්න රැසක් මතුවන බවත් සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
සැලසුම් නැතිව අධ්‍යාපන කෂේත්‍රයේ වැඩ කෙරෙන බවට මෙය හොදම නිදසුනක් බව ද ස්ටාලින් මහතා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නැගෙනහිර සිසුනට දෙදිනක් විභාග නෑ
ලක්මාල් Wednesday, 27 March 2013 07:01 AM
මම මේහෙම කියුව්වට මොකුත් හිතන්න එපා ඒ වැඩේ නම් අනුමත කරන්න බැහැ නේද (දී)(දී)
වරුණ Wednesday, 27 March 2013 07:44 AM
වෙන රටවල නම් අධ්‍යාපනයට තමයි මුල් තැන දෙන්නේ. (නි)
අමර Wednesday, 27 March 2013 08:10 AM
දැන් දැන් මොනවා කරනවාද මොනවා වෙනවාද නොතේරේ.සිහියෙන් කටයුතු නොකළොත් රටයි වරිගයයි ඔක්කොම සුන් (ස)
අචිනි Wednesday, 27 March 2013 10:21 AM
නියමයි ශ්‍රී ලංකා! (නි)
චතුරිකා Wednesday, 27 March 2013 10:17 AM
දයට කිරුල සාර්ථක නැහැල්ලු. පාසල් ළමයි ටික ගන්නල හරි සෙනඟ පෙන්නන්න ඕනලු.(නදී)
සදුන් Tuesday, 26 March 2013 08:51 PM
විභාගය නවත්වන එකනම් සුදුසුද ? (දී)