IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නැගෙනහිර පළාත් යෝජිත පුෂ්පය ගොඩ මානෙල්

සජීව විජේවීර සුදු පැහැති මල් පෙති මධ්‍යයේ දම්පාට ඉරක් සහිතව පුනීලයක් හැඩැතිව පොකුරු වශයෙන් පිපෙන මල් හටගන්නා ගොඩ මහනෙල් නම් අලංකාර පුෂ්පය නැෙ`ගනහිර පළාත සඳහා යෝජිත පළාත් පුෂ්පයයි. ගොඩ මානෙල් හා තොලබෝ යනුවෙන් සිංහල බසින් හඳුන්වන මෙම පුෂ්පය දෙමළ භාෂාවෙන් විචා මුන්කිල් නමින් හඳුන්වයි. චක්රන්ගි, චක්රපෝආ සහ මඩු පර්නිකා යනුවෙන් සංස්කෘතෙන් හැ`දින්වේ. සෑම වසරකම ජනවාරි සිට ජුනි දක්වා වූ කාලයේ මල් හටගන්නා මෙම ශාකය ලූනු පවුලට අයත්වේ. බල්බයක් හෙවත් භූගත කඳකින් පැල හටගන්නා ගොඩ මානෙල් ශාකය ශී‍්‍ර ලංකාවේ අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, අම්පාර හා තිස්සමහාරාමය වැනි වියළි කාලගුණයක් සහිත ප‍්‍රදේශවල සරුවට වැවේ. ඉන්දියාව, බුරුමය හා අපි‍්‍රකාව වැනි රටවලද බහුලව හමුවන ගොඩ මහනෙල් ශාකය විසිතුරු පැලයක් ලෙස වගා කැරේ. පත‍්‍රවල උඩුපැත්ත දීප්තිමත් කොළ පැහැතිය. යටි පැත්ත අඳුරු කොළ පැහැයකින් යුක්ත වන අතර දිගින් සෙන්ටිමීටර 80 ක් පමණ වූ සිහින් පත‍්‍ර හටගනී. ආයුර්වේද ඖෂධයකි. කනේ ආබාධයනට ප‍්‍රතිකාර කිරීමටද යොදා ගැනේ.

ඉන්දියාව, බුරුමය හා අපි‍්‍රකාව වැනි රටවලද බහුලව හමුවන ගොඩ මහනෙල් ශාකය විසිතුරු පැලයක් ලෙස වගා කැරේ.
 



අදහස් (0)

නැගෙනහිර පළාත් යෝජිත පුෂ්පය ගොඩ මානෙල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site