මෙරට මුස්ලිම් ජාතීන්ගේ ඉවසීම නැති වුවහොත් ශ්‍රී ලංකාවට දරුණු ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවෙනු ඇතැයි නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ෂිබ්ලි ෆාරූක් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ එම පළාත් සභාවේ මාසික රැස්වීමේදී ය.
“රටේ සිදුවෙන ජාතීවාදී ක්‍රියාකාරකම් මෙරට තවත් ලේ වැගීරීමකට මග පාදනු ඇත.සිංහල ජාතීන්ගෙන් බහුතරය ජාතීවාදය අනුමත කරන්නේ නැහැ.මෙරට සිංහල දෙමළ වැසියන් නැවත වරක් ප්‍රශ්න මාලාවකට මුහුණ දෙමින් සිටිනවා.මෙම තත්ත්වය වර්ධනය වෙන්න හේතුව තමයි පවතින දේශපාලන හා අන්තර්ජාතික පීඩනය නිසයි.මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු මෙවන් මාලාවන් දක්නට ලැබුණා“යැයි ඔහු කීවේය.
“නැවතවරක් මෙම ජාතීවාදී ක්‍රියාකාරකම් ඇතිව තිබෙන්නේ 1983 ලේ වැගිරීම හා යුද්ධයේ කැලැල් තවමත් සුව වී නැති අවදියකයි.ඒ නිසා මෙම යහපාලන රජය ගැන විශාල විශ්වාසයක් ඇති වී තිබෙන අතරතුර රජය මෙම ජාතීවාදී බලවේගවලට හිස එසවීමට නොදී මැඩ පවත්වාගත යුතුයි“යැයි ඒ මහතා කීවේය.
නීතිය හා සාමය රකින ලෙස ඔහු රජයෙන් ඉල්ලුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලසමයං
ඔබ ගැන කණගාටුයි මෙවන් ප්‍රකාශ කිරීමට පෙර දෙවරක් සිතන්න ඔබට හා ඔබ ඔය කියන අයට වඩා දරුණු හැසිරීම් ඇති අයට ඇති වුන ඉරණම වසර 7 - 8 යනවිට ඔබලාට අමතක වුවා දැයි මට හිතේ අනුන්ගේ ආගමික ස්ථාන වනසන් නැතිය දැහැමිව තම ආගම අනුගමනය කරගන සිටීම ඔබටත් ඔබගේ අයටත් යහපත් වනු ඇත
මහත්තයෝ සිංහලයාගේ ඉවසීම නිසා තමයි තමුන් වගේ උදවිය අද මේ කෑ ගහන්නේ.. රටේ මහා ජාතිය වුන සිංහලයත් බුදු දහමත් තියෙනකම් තමුන්නසේලටත් නිදහසේ ඉන්න පුළුවන් වෙයි.. සිංහලයට මේ තරම් කෙනෙහිලිකම් පවතින ආණ්ඩුවෙනුත් සුළු ජාතීන්ගෙනුත් වෙනකොට ඉවසගෙන ඉන්නේ නිවට කමට කියලා හිතන්න එපා..
ඔයා කියනකම් හිටියේ.
සෑම පුරවැසියෙක්ම මොන ජාතියට මොන ආගමට අයිති වුනත් ශ්‍රී ලංකාවේ පුරවැසියෝ. මේක මහා ජාතිය වගේම සුළු ජාතීනුත් හිතට ගන්න ඔිනේ. ශ්‍රී ලංකාව දැන් ලෝකයේ පිළිගැනිමකට ලක්වෙලා තියෙනවා. ආයෙත් අප්‍රසාදයට පත් වුනොත් ඒක ජාති භේදයෙන් තොරව හැම පුරවැසියෙකුටම බල පානවා.
මේවා ජාතිවාදී ප්‍රකාශ නෙමේ හොඳේ ........
මෙන්න එක ජාතිවාදියෙක්, ඉස්සරවෙලා පිළිම, බෞද්ධ පන්සල්වලට අයිති ඉඩම් අල්ලන එක නවත්තන්න. අපේ ඉවසීම පැනල නැති නිසා තමයි ඔයාලා තවමත් දීගවාපියේ,සෝමාවතියේ ඉඩම් අල්ලන්නේ.
සංහිදියාව.. හා හා මොකුත් කියන්න එපා. සිංහල අපි කිවොත් මේ වගේ දෙයක් ජාතිවාදියෙක් ...
මෙයාල ඇෆ්ගනිස්තානෙත්,පකිස්තානෙත් කලේ මේක තමයි. බෞද්ධයෝ ඉවසන ඉවසිල්ල ප්රයෝජයන්ට අරගෙන සියලුම දේවල් විනාශ කළා. ලංකාවේ එහෙම බැහැ.
සිංහලයට අභියෝග කරන්න ආපු ප්රභාකරන්ට වුනදෙ හොඳට මතක් කරගන්න. ඒ හොඳටම ඇති.
තිලින "සිංහලයාගේ ඉවසීම නිසා තමයි තමුන් වගේ උදවිය අද මේ කෑ ගහන්නේ" මුස්ලිම් මිනිස්සු මොනවද කරේ ? මුස්ලිම් මිනිස්සු සිංහල අයගේ ඉඩම් ගත්තා ද ? මුස්ලිම් මිනිස්සු අනෙක් මිනිස්සුන්ට හිරිහැර කරනවද ? මොකක්ද ප්‍රශ්නේ ?
ඇයි මුස්ලිම් අයට සිංහල මිනිස්සුත් එක්ක සමගියෙන් ඉන්න බැරි..
මෙරට සිංහල ජනතාවගේ ඉවසීම නිසයි මෙහෙම වෙන්නේ ....
මම මුස්ලිම් ජාතිකයෙක්.. මේක බහුතර මුස්ලිම් ජනතාව අනුමත නොකරන ප්‍රකාශයක්...
ඔබතුමා ශ්‍රී ලාංකික නෙමෙයිද? ලංකාවට දරුණු ප්‍රතිඵල එනවා කියන්නේ ඔයාටත් එකෙන් බලපෑමක් එනවනේ.... නැත්නම් ඔබතුමා වෙන රටක කෙනෙක් ද?
සිංහලයාගේ ඉවසීම නැති කරන්න එපා.... රටේ නීතියට අනුකුලව ජීවත් වන්න.
මහත්තයෝ එහෙනම් අපේ ඉවසීම පැනල ගොඩක් කල්. එ්ත් අපි තාම ඉවසනවා. ඒ අපේ රට වෙනුවෙන්... ජාතිය වෙනුවෙන්..
මේ කතාවේ වරදක් මට නම් පෙනෙන්නේ නැහැ.
මෙහෙම හරි කියන්න රටක් ඉතිරි කලේ කවුද? යහපාලනයෙන් මොනවද ඇත්තටම ලැබුනේ? නිකන් මැරිලා ඉපදුණා වගේ කතා කළොත් සිංහලයා නිකන් නම් ඉන්නේ නැහැ..
ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියටම... නේද?
නැවතවරක් මෙම ජාතීවාදී අරගල ඇති නොවෙන්න නම් රජය වහාම ක්‍රියාත්මක විය යුතුයි. සුළුවෙන් විසඳාගන්න පුළුවන් ප්‍රශ්න..., දේශපාලන වාසි වෙනුවෙන් රට තවත් යුද්ධයකට පටලවන්න උත්සාහ කරනවා. අපි මුස්ලිම් වුණත්, සිංහල වුණත්, දෙමළ වුනත් ලාංකිකයන් විදියට රටේ සාමය වෙනුවෙන් එකතු විය යුතුයි.
ප්රභාකරන්ට වෙච්ච දේ මෙච්චර ඉක්මනට අමතක වුණාද?
ප්රභාකරන් එක රැයෙන් මුස්ලිම් මිනිස්සු උතුරෙන් ඉවත්කළ වෙලාවේ ඉවසීමේ සීමාව පැන්නේ නැත්තේ මොකද? අපේ රණවිරුවෝ හරියට මෙහෙයවලා.., නිවැරදි තීරණ නොබියව අරගෙන කොටි ත්‍රස්තවාදය තුරන් කළ හින්දයි මෙහෙමවත් නිදහස තියෙන්නේ...
ලුම්බිණි මෙතෙක් කල් අපිත් හිටියේ වැරැද්දක් වුනේ නෑ වගේ තමා. ඒ නිසා මේගොල්ලෝ අපේ ඔලුවට අත හෝදන්න ආවා. ගිහිල්ල බලන්න. අම්පාර, කන්ත්තන්කුදී කොහොමද කියල, පුත්තලම. හොඳ උදාහරණ. නිදාගෙන ඉන්න අපිව ඇහැරවන්න එපා.
මේක අපේ සිංහලයන්ගේ රට. අපිට තියෙන්නේ මේ රට විතරයි . මුස්ලිම් නීති මෙහෙ බැ.ඒවා දාන්න යන්න අරාබියට. විල්පත්තුව කපලා විනාස කරනවා. ඒවා මේ රටේ ජනාධිපතිටවත් අගමැතිටවත් පේන්නැත්තේ ඇයි කියන්න අපි දන්නේ නැ. හැබැයි සිංහලයන්ගේ ඉවසීම නැති කරන්නෙපා.
අපි පොඩ්ඩක් බුද්ධියෙන් වැඩ කරොත් දිනන්න පුළුවන්. අපි එහෙම දිනලා තියනවනේ.මෙයාල ISIS ල හින්ද ඔය අධි තක්සේරුවෙන් ඉන්නේ.
දෙගොල්ලෝ දෙපැත්තට වෙලා ජාතිවාදය වපුරනවා නේද? ඔයාලා, මීහරක් ලෙස ඔයාලාගේ හැකියාව මත, ඒ විෂ බීජය වපුරන්න කුඹුර සකස් කරලා දෙනවා නේද? ආයේ කතා දෙකක් නැහැ. අස්වැන්න හොඳටම සරුවෙයි. එදාට ඉතින් කුඹුරේ අයිතිකාරයෝ කවුරු උනත් ඔයාලාට ඉන්න වෙන්නේ අඩි අටක් පොලොව යට..ඒක ෂුවර්!! අනික ඉතින් යුද්ධයක් නැති ලංකාවේ කිසිම සුන්දරත්වයකුත් නැහැනේ.. හා නැද්ද?
මුස්ලිම් ජාතියට ඉවසීම නැති වෙන්න තවම මුකුත් වෙලා නැහැ , නමුත් නැගෙනහිර මන්නාරම පුත්තලම වගේ පැති වල සිංහල අයට ප්‍රශ්න වෙලා තියනවා , මෙච්චර කල් හිටිය වගේ හොදින් ඉන්න , හැබැයි මෙතන සිංහ නාද කරන කරන සමහර අයගේ යටි අරමුණු ගැන නම් දුකයි
අප සැමදෙනා ශ්‍රී ලාංකිකයන්යි සිතන කවදාදෝ එදා තමා අපේ රට සෞභාග්‍යමත් සහ සංවර්ධිත රටක් බවට පත්වන්නේ.......
මේ ඔක්කොම ගැටළු කොන්ද කෙළින් තියාගෙන වැඩක් කරන්නේ නැති එක....
ගොඩක් කොම්මේන්ට්ස් මම ටික ටික කියෙව්වා. දැනටමත් බොහෝ අය වහෙන් ඔරෝ යුද්ද ප්‍රකාශ කරලා වගේ , අපේ රටේ ජනතාව කවදාවත් පාඩම් ඉගෙන ගන්න අය නොවේ , අද මුළු ලෝකයම ගිනි ගන්නවා එම ගින්දරට කුඩා දරුවන් මව් වරුන් හා අසරණ ජනයා බුරුතු පිටින් අපාදුක් විදිනවා ඔය වයිරයෙන් කෑගහන අය විතරක් නොවේ මේවට වන්දි ගෙවන්නේ හෙට උපදින දරුවන් අද ඔය එදා යුද්දේ ගැන මහා කයිවාරු ගැහුවට ඔය වීරයන් කියල හිතන් ඉන්න සමහර පාලකයෝ ඔවුන් යුද්දේ උපරිම මුදලට විකුණලා මුළු පරම්පරා හතකට ඕන ධනය රැස්කරගෙන තියෙන්නේ අද අපි මහා ණය උගුලක හිරකරලා උන් යහමින් වැන්ජබෙනව , අපි කුස ගින්නේ හුල්ලනවා දැන් එ්කට හේතුව සොයගන්නවට බයේ තක්කඩි පාලකයෝ ආගම වාදයට උඩගෙඩි දෙනවා , අන්තවාදය මොනම ආගමක වුනත් අන්තවාදය යනු විනාශයක් මිස යහපතක් නොවේ එක රටකට මාරාන්තික පිළිකාවක් .
මේ අනතුරු ඇගවීම රජයට නේද ..ඒ ගැන පියවරක් ගන්න එකෙක්වත් 225 තුල නැද්ද..?
මෙව්වා නම් ජාති වාදී නැහැ මොකද මේ ය සිංහල නෙමෙඉනෙ. මේ ආණ්ඩුවේ ඉන්න අයට පරණ රජ කාලේ දඬුවම් දෙන්න ඕනේ.
මුස්ලිම් සහොදරවරුණි, අපි ලංකාවේ විදිහට ජීවත් වෙමු. අපි අරාබි විදිහට ජීවිත් වෙන්න ගියාම තමයි මේ ප්‍රශ්න
විලපත්තු වනය විනාශ කර තනිකරම වාර්ගික ජනපද පිහිටු වීම, නැගෙනහිර පළාතේ බොදු පුද බිම් වලට හානි කිරීම, කුරගල වැනි බොදු පුද බිම් අල්ලා ගැනීම සහ ශ්‍රී පාදස්ථානයේ සිදුවන අක්‍රමවත් වැඩපිළිවෙළවල් ඇයි අපේ රටේ සිංහල දේශපාලතයන්ට පේන්නේ නැත්තේ? නමුත් සිංහල අපිට නම් මේවා හොඳට දැනෙනවා. සිංහල ජාතිය හැමදාම රැකුණේ ඇස්, ඉස්, මස්, ලේ, පුජාවෙන්.... ඉදිරියටත් එසේම වේවි !!!
කරුණාකර සිංහල අපේ ඉවසීම පරීක්ෂා කරන්න එපා.
මෙවා දහන් ගැට.... අපේ සිංහලයන්ව මේවගෙ දෙවල්වලින් අවුස්සලා ගන්න පුළුවන් කියලා දන්නවා. අපි ඉවසලා අපේ උතුම් රට රැක ගන්න ඕනේ...ලොකෙයෙම යුධ ගිනි දැල් අවුලවමින් එකම රාජ්‍යයකට සිහින මැවීම බහුතර මුස්ලිම් ජනතාවගේ මතයක් නොවෙයි. හැබැයි අපි සිංහලයෝ විදියට අමතක කරන්න හොඳ නෑ... ඉතිහාසයෙත් මෙ වගේම බලපැම් ආවත් දුක් විදලා හරි අන්තිමට අපෙ පුංචි රට බෙරුණා. අවුරුදු 30ක් දුක් විඳලා හරි ප්රභාකරන් නැති වුණා. මේ රට බුදුදහමින්, සතරවරම් දෙවිවරුන් විසින් රකින රටක්...." අවි ගත්තො අවියෙන්ම නැසෙනවා"
නීති හිතුමතේට දාන්න බැහැනේ... ඉතින් සිංහල බෞද්ධ රටේ නීතිරීතිවලට අනුව ජීවත් වුණොත් නේද ? කාටත් හොඳ