(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

ප්‍රමිතියෙන් තොර ගෑස් නිකුත් කිරීමට එරෙහිව සිවිල් ක්‍රියාකාරිකයකු වන විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් අභියාචනාධිකාරය හමුවේ ගොනුකරනු ලැබූ රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (09) තීරණය කළේය.

එසේම, වගඋත්තරකරුවන්ට ලබන ජූනි මස 06 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කැරමින් අභියාචනාධිකරණය  නොතිසි නිකුත් කළේය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර ඇත්තේ, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ඩී. එම්. එල්. දිසානායක, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සිද්ධිකා සේනාරත්න, වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන, පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්ම මහත්මීන් ඇතු`ථ දස දෙනකි.