ඵෙතිහාසික නාගදීපයේ තිස් දෙරියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීම් සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගන්නැයි යාපන දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් මහතා නාගදීප විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස උතුරු පළාත් ප්‍රධාන සංඝනායක හිමියනට දන්වා ඇත.
විහාරස්ථාන දායක සභාව විසින් ගන්නා ලද තීරණයක් අනුව මෙම පිළිම වහන්සේ ඉදිකිරිම ඇරැඹූ බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මුල්ගල් තබා බුදු පිළිමය ඉදිකිරීම් කටයුතු මීට මාස කීපයකට පෙර ආරම්භ කළ බවත් ඒ හිමියෝ පවසති. නාගදීපය හඳුනාගැනීමේ සංකේතය හා බුද්ධාලම්බන ප්‍රිතිය ඇති කිරීමේ අරමුණ ඇතිව නාගදීප විහාරය ඉදිරිපිට වෙරළ තීරයේ මෙම පිළිම වහන්සේ ඉදි කිරීමට කටයුතු සංවිධානය කර ඇතැයි ද ඒ හිමියෝ කියති.
වෙරළ තීරයේ භූගතව ඉදිකරන නාගලෝක කුටියට ඉහළින් මෙම පිළිමය ඉදි කීරිමට සැලසුම් කර ඇතැයි ද ඒ හිමියෝ කීහ.
බෞද්ධ දානපතියන්ගේ පරිත්‍යාගයෙන් මෙහි වැඩකටයුතු ආරම්භ කර ඇති අතර ඉදිකිරීමට කලින් ප්‍රදේශයේ ග්‍රාමසේවකවරයා, ප්‍රාදේශීය ලේකම්වරයා සිවිල් සංවිධාන නියෝජිතයන් සියලුම දෙනා දනුම්වත් කර ඒ හැමගේ එකඟතාවය ලැබුණු බවද ඒ හිමියෝ පැවසූහ.
බුදු පිළිමය ඉදිකිරීමට අවසර ඉල්ලා එවූ ලිපිය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කළ බව මහ දිසාපති නාගදීප නාහිමියනට දන්වා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීල්-චන්න-මේකත් අහන්න. මේ නීති සිංහල බෞද්ධයන්ට විතරද? අර උතුරේ කෙනෙක් පණ පිටින් කෑදැත්තෙක් හම ගහපු එකට මොකද වුනේ නීතිය ක්‍රියාත්මකද? උතුරේ වෙරළ ආශ්‍රිතව කරන හැම දෙකටම අවසර අරගෙනද? (බ)
දිසාපති කියල තියෙන්නේ වෙරල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්න කියල. එකේ වැරද්දක් නැහැ. හරි ක්‍රමය ඒක. එම තීන්දුවේ ජාති වාදයක් නැහැ. (ර)
පිළිම නම් කොච්චර හැදුවත් ප්‍රශ්නයක් නැහැ. ඒත් රට පුරා පිළිම හැදුවත් අපේ බෞද්ධයෝ කියන කොටස දවසින් දවසම පිරිහෙනවනේ. ලංකාව යටවෙන්නම පිළිම හැදුවත් අපේ අය්යලා තුල බෞද්ධකමක් ඇතිවේවිද කියලා සැකයි! (බ)
අපිත් බෞද්ධයෝ, ඒ ලියුමේ කිසිම වැරද්දක් නැහැ. රාජ්‍ය සේවකයෙක් ලෙස එතුමා අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.(බ)
කිසිම වරදක් වෙලා නැහැ. හාමුදුරුවෝ වැඩ ටික කරගන්න යන්න. බල්ලෝ බුරනකොට ගල් ගහන්න එපා උන්ට පාන් කැල්ලක් විසි කරන්න. (බ)
නීල් මාගෙදරගමගේ හරි. ලංකාවේ බහුතරයක් යමක් කියවා තේරුම්ගන්න පුළුවන් තත්වයක නැත. දිසාපති කියල තියෙන්නේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්න කියල. එය නිවැරදි තීරණයක්. (ස)
රටේ නීතියට අනුව කටයුතු කිරීම වැදගත්. (ර)
තාම එහෙම කියන්න උතුරු පළාත් සබාවට ඉඩම් බලතල දීල නැහැනේ , ගන්න ගන්න හොඳ නැහැ (බ)
ඊලාම් රාජ්‍යය බිහි කර ගැනීමේ එක පියවරක්ද මේ. මඩකලපුව පැත්තෙත් මෙවැනි අවස්ථා තිබෙනවා. බල පෙරේත දේශපාලකයන්ට කෙසේ වෙතත් මේක සිංහල රට. වැඩිම පිරිසක් බෞද්ධයන්. නාගදීපය කියන්නේ පුරාණ බොදු බිමක්. (බ)
හරිනේ ඉතින්. නීත්‍යනුකුලව අවසරගන්න. එතකොට කාටවත් මොකුත් කියන්න බැහැ. (ස)