‘ජනාධිපතිතුමනි, ඔබතුමාට ඇත්තම කියන්න ඕනෑ. මම නම් ‘ඕ‘ ලෙවල්වලට ‘ඩී‘ අටක් ගත්තේ නැහැ. ‘එෆ්‘ (අසමත්) එකකුත් තිබුණා. ජීවිතය කියන්නේ ‘ඩී‘ අටම නොවෙයි.‘ යි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමෝ කොටහේන සාන්ත බෙනඩික් විදුහලේ 150 වැනි සංවත්සර උත්සවයේ දී පැවසූහ.
‘අද උගත් නෝනාවරුන් මහත්වරුන් ඉන්නවා. නමුත් අශීලාචාරයි. එතරම් උගත් නැති අය ඉන්නවා. ශීලාචාරයි. අපි ඔළුව වගේම හදවතත් පෝෂණය කර ගත යුතුයි.‘ යි ද කාදිනල්තුමෝ කීහ.
එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනපති මෙසේ කීවේය.
‘එදා අපි පාසලට ගියේ සැතපුම් පහක් හයක් පයින්. ෆුට් බයිසිකලයක් ගන්නවත් අපේ මවුපියන්ට මුදල් තිබුණේ නෑ. එදා පාරවල්වල බස් තියා මෝටර් සයිකලයක්වත් දකින්න තිබුණේ නැහැ. ඒත් අද ළමයින්ට ඕන තරම් පහසුකම් තියෙනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් ලොකු හැඟීමක් දැනුනා හිතට (නි)
සමාජය ගත්තොත් කොතනත් ඊර්ෂ්‍යාව කුහකකම තිබෙනවා. ඉහළට යන්න යන්න තණ්හාවත් මාන්නයත් වැඩිවෙනවා. නමුත් හොඳ මිනිස්සුත් ඒ අතරේ ඉන්නවා. (නි)
බලන්න කොච්චර නිහතමානිද කියලා (නි)
උගතෙක් වුණත් අශීලාචාර නම් ඒ උගත්කමින් වැඩක් නැහැ තමයි (නි)
ඔබතුමා කියන්නේ ඇත්ත (නි)
උගතාට සල්ලි ටිකක් වැඩිවෙනකොට කුහකකම සහ අශීලාචාර පැත්තට බරවෙනවා (නි)
ඉහලම පදවි තානාන්තර දරන දෙන්නෙක් තමන්ගේ අතීතය ගැන ඇත්ත කියන නිහතමානිකම !(හේ)
මමත් 100%ක් එකඟයි (නි)
නමුත් මම දකින විදිහට අශීලාචාර අය උගතුන් අතර අඩුයි. (නි)
ඔබතුමාගේ කථාව හරියටම හරි. අද සමාජයේ සිටින සමහරක් උගතුන් හරිම අශීලාචාර වගේම හරිම කුහකයි. (නි)
සාමාන්‍ය පෙළ, උසස් පෙළ අසමත් වෙච්ච මගේ යාලුවෝ දෙන් ඕව පාස් වෙච්ච අයටත් වඩා ගොඩක් ඉස්සරයින් ඉන්නේ, පොතේ ඉගනුම විතරක් මදි (අ)
මින් අදහස් කරන්නේ නෑ ඔය දියවන්නාවේ ඉන්න නූගත් අය සීලාචාර බව. (නදී)
රූසොගේ 'savage noble' කියන අදහස මෙයම තමයි. ඉංග්‍රීසි රෝමාන්තික කාව්‍ය සම්ප්‍රදාය මෙහිම දිගුවක්, මම දන්නා විදිහට. (නදී)
ඔය මොනවා තිබුනත් හිත පිරිසිදු නැත්නම් ඒත් වැඩක් නැහැ. (නි)
මම නම් කියන්නේ මේක අධ්‍යාපනයේ වරද (නි)
සරත්, ඔබ හරියටම හරි. උගත් අයට බොහෝවිට ඇත්තේ පොතේ දැනුම මිස සමාජ දැනුම නෙමෙයි (නි)
මම බෞද්ධ.ඔබතුමාගේ කතාවට දැඩිව ගෞරව කරනවා. (නි)
කතාව ඇත්ත කියලා මටත් හිතෙනවා (නි)
බලන්න කෙතරම් නිහතමානීද කියා.මට අතීතය මතක් වුණා. කාලයක් අපේ රටේ ඉහළම පුටුවේ හිටපු කෙනෙක් සහ ඔහුගේ බිරිඳ ලංකාවේ තිබුන ඉහළම පාසල් දෙකක තමයි අධ්‍යාපනය ලබා තිබුනේ. නමුත් සමකාලීනයෝ කවුරුත් නැහැ. (නි)
ඔලුව තිබිලා හදවතක් නැති සහ ඔළුවයි හදවතයි දෙකම නැති මිනිස්සු දෙකොට්ඨාශය නිසා තමා අපේ රට මෙච්චරටම පිරිහිලා තියෙන්නේ (නි)
මෙතන ඉන්න අයගේ උගත්කම බලාගන්න පුළුවන් මේ ප්‍රතිචාර වලින්.අනේ මගේ රටට වෙලා තියෙන දේ. (නි)
පිරුණු කළය සේම හිස් කළයේත් දිය නොසැළේ (නි)
මාත් මේ කතාවට එකඟයි (නි)
ඇත්තටම ලැබුන උගත්කමයි සමහරුන්ගේ දේශපාලන බලයෙන් ලබාගත් උගත්කමේ වෙනසයි ඉස්සරහට ලංකාවේ බුද්ධිමතුන්ට හොඳට බලාගන්න පුළුවන් වේවි (නි)
ඒ වගේම උගතාගේ කුහකකමත් තිබෙනවා (නි)
කාදිනල්තුමා පවසපු දේ සත්‍යයකි. අප සමාජයේ තිබෙන විභාග ක්‍රමය අරමුණු හඹායමින් මමත්වය ගොඩනැඟීමට ඉවහල් වෙනු මිසක ප්‍රඥාව වැඩීමට ඉවහල් නොවේ. එනිසා බොහෝදෙනා උගත් මෝඩයන්ය. (නි)
මේ කතාව පවත්වන්නට තිබුනේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ (නි)
අනුර උගත්කම පෙන්නන්න ගිහින් 'සෙළවීම' පටලාගෙන. (නදී)
කාදිනල් මැල්කම්තුමා කියනලද ප්‍රකාශය බොහොම හරි. ඔබගේ එම කතාවට තුති පුදමි.ඒ වගේම ජනාධිපතිතුමා කළ කතාවද ඉතා නිවැරදිය. (නි)
තමන්ගේ අතීතය මෙනෙහිකර අනාගතයට ආශිර්වාද කරන පුද්ගලයා ජනතාවට රටට ස්වහාව ධර්මයට ගරුකරයි. එවැනි පුද්ගලයන් ලෝක ධර්මතාව තුළින් රකිනු ලැබේ. වර්තමාන සමාජයේ ගිලිහි යන්නේ මෙවැනි යහපත් ගුණධර්මයි (නි)
කාදිනල් තනතුර ලැබුනම කළ පළමු දේශනය මම ජිවිතයටම අහපු වැදගත්ම කතාව. එය නැවත අහන්න ඇත්නම්. (හේ)
ඔබතුමාට මගේ හිස නමා ආචාර කරමි. අලුත් කට්ටිය අසම්පුර්ණ චරිත වෙලා. (නදී)
මේක තමයි ඇත්ත. ඔබවහන්සේට ස්තුතියි (නි)
උගත්කම මොකටද මනුස්සකමක් නැතුව! එහෙම අයට ජීවිතේ හැලහැප්පීම් කෙළවරක් නැහැ (නි)