අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘සී’ කාණ්ඩයේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ කුරුණෑගල මලියදේව විදුහල අතර ගල්කිස්සේදී පැවැති තරගයෙන් ශාන්ත ජෝන් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 42-22 ක පහසු ජයක් ලැබූහ.
පළමු අර්ධය අවසන් වන විට ලකුණු 20x10 ක් ලෙස පෙරමුණේ පසු වූ ශාන්ත ජෝන් විදුහල ගෝල 2 කින්, උත්සාහක දිනුම් 5 කින් සහ දඩුවම් පහරකින් ලකුණු රැුස් කළේය. මලියදේව විදුහල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.
ශාන්ත ජෝන් විදුහලට කනිෂ්ක නිර්මාල් සහ මධුසංඛ ඉෂාර උත්සාහක දිනුම් දෙක බැගින් ද, විශ්ව විජය බණ්ඩාර, බී. වී. ටී. උදයංග සහ තරිදු ජයසංඛ උත්සාහක දිනුම බැගින් ද සම්පූර්ණ කිරීමට සමත් වූහ. කනිෂ්ක ප‍්‍රියදර්ශන ගෝල ප‍්‍රවර්ථන සහ දඩුවම් පහර සාර්ථක කරගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි කොල්ලනේ. (නි)
නියමයි. සුභ පැතුම්! (නි)