අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ශාන්ත ජෝන් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 66-0 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ශාන්ත ජෝන් විදුහල පළමු අර්ධයේදී 24-0 ක් ලෙස පෙරමුණේ සිටියේය. ශාන්ත ජෝන් විදුහලට ගෝල 3 කින් සහ උත්සාහක දිනුම් 9 කින් ලකුණු එකතු විය.

දුෂ්මන්ත හෙට්ටිආරච්චි සහ අංජන විනෝද් උත්සාහක දිනුම් තුන බැගින් ද, කනිෂ්ක නිර්මාල් සහ විශ්ව විජේ උත්සාහක දිනුම් දෙක බැගින් ද, බී. වී. ටී. උදයංග සහ පී. එම්. ඞී. සිල්වා උත්සාහක දිනුම බැගින් ද, ශාන්ත ජෝන් විදුහලට එකතු කිරීමට සමත් වූහ. අංජන විනෝද් සහ කේ. පී. පෙරේරා ගෝල ප‍්‍රවර්ථන සාර්ථක කළහ.