නුගේගොඩ පොලිස් කෝට්ඨාසයේ කුඩු ඇල්ලීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් බල්ලෙක් ගෙන්වා සිටී. ‘හිරෝස්‘ නමින් හැඳින්වෙන මේ බල්ලා මහනුවර නිල පොලිස් සුනඛ අංශයේ දී වසරක පුහුණුවක් ලැබීය. ඉවකර කඩු ඇල්ලීම සඳහා ගෙන ආ පළමු බල්ලා හිරෝස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මර්වින් වික්‍රමරත්න මහතාගේ මැදිහත් වීමෙන් මේ බල්ලා මිරිහාන පොලිස් කොට්ඨාස නිල සුනඛ අංශයට ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික රෝහල් වලටත් යැවිය යුතුයි (නි)
මේ බල්ලව ආරක්ෂා කරගන්න.(නදී)
පොලිස් නිලධාරීන්ට වඩා පොලිස් බල්ලෝ හොදයි මොකද උන් පගාව ගන්නේ නැහැ.(නදී)
පොලිස් බල්ලෝ, නුඹට පුළුවන් සැකකරු අල්ලන්න. (නි)
පගාව රජකරන මේ රටේ අපරාධකාරයො බල්ලට මස් කට්ටක් දෙයි. (නි)
මෙයාව රැක ගන්න (දී)
බල්ලෝ ඕනෑ නැහැ. කුඩු කප්පිත්තෝ ඉන්න තැන් තුන මම ඕනෑනම් කියන්නම් (නි)
සුනඛයාටත් ස්ථාන මාරුවක් ලැබෙයිද දන්නෙ නැහැ. (නි)
ඔය බල්ලා හොඳට දම්වැල් වලින් බැඳලා තියාගන්න. නැත්නම් තව කොහේ කොහේ යයිද කියන්න බැහැනේ ... (නි)
මේ අපේ ආශ්චර්යමත් ලංකාවයි. දැන් කුඩු බිස්නස් කාරයෝ ටික නුගේගොඩින් පිටතට ගිහින් ඇති. (නි)
ලංකාවෙන් කුඩු තුරන් කරමු (දී)
ඉතාම ශුභ ආරංචියක්. නුගේගොඩ පැත්ත අපරාධ වලින් වැහි වැහැලා මේ කුඩුකාරයො නිසා. (නි)
පොඩි පොඩි හාල් මැස්සෝ නෙමෙයි තෝරු මෝරු අල්ලන්න බල්ලෝ නැද්ද? (නි)
මෙවන් දේවල් සිදුවිය යුත්තේ රහසිගතව නොවේද? (නි)
රෝහලක් තියෙනවා, අන්න ඒකටත් ගෙනියන්න ඕනෑ. (නි)
තව බල්ලෝ දෙන්නෙක් ඕනෑ. කැලණියට සහ කොලොන්නාවට (නි)
හීරෝ කියන්නේ වීරයාට. ඔබේ දක්ෂකමින් කුඩු රජාලා, කුඩු රැජිනලා සොයා දුන්නොත් ලබන ආත්මයේ සිංහයෙක් වී උපදියි ඔබ.(නදී)
කොහොම හරි කමක් නැහැ ලංකාවෙන්ම කුඩු ඉවත් කරන්න ඕනේ (දී)
සාක්ෂි අතේ තියාගෙනත්, කුඩු ගෙන්වන වයාපාරිකයින්ව හදුනාගෙනත්, අත්අඩංගුවට නොගෙන ඔවුන්ව අල්ලන්න බල්ලෝ ඇයි. අනේ අපේ රටේ පොලිසියට වෙචිච දෙයක්.(නදී)
බල්ලෙක් බැරිනම් නරියෙක් හරි කමක් නැහැ. මේ ජරාව නැතිකරන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්. (නි)
තව ටික දවසකින් කිසිම හේතුවක් නැතුව බල්ලා මිය ගිහින් කියයිද දන්නේ නැහැ. (නි)
කැළණිය පැත්තටත් ඕනෑ බල්ලෙක්. (නි)
බල්ලෙක් හරි ඔය වැඩේ නතර කළොත් කකුල් දෙකෙන් ඉන්න මිනිස්සු ලැජ්‍ජ වෙන්න ඕනෑ. තිරිසෙනකුට මිනිසෙකු පරදියි කියලා තමයි කියන්න වෙන්නේ. (නි)
නියමයි, දැන් බය නැතිව කුඩුකාරයො ඔක්කම අල්ලගන්න පුළුවන්, සුනඛයො කවදාවත් අල්ලස් නොගන්න නිසා. (නි)
බල්ලා කුඩු හොයලා දෙයි. ඒත් කොල්ලා කොහොමහරි නඩුවෙන් බේරිලා එයි. (නි)
ඔබ ලබන ආත්මයේ දෙවි කෙනෙක් වී ඉපදේවි.(නදී)
බල්ලෝ පුරුදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ රටට කුඩු ගෙන්වන ප්‍රධාන මුල කඩන්න පුළුවන්නම්. එමෙ වෙන්නේ නැහැ නේද?(නදී)