’19 වැනි සංශෝධනය මම දැකලත් නැහැ. එක්සත් ජාතික පක්ෂය හදන්නෙ නංග පෙන්වා අක්කා දෙන්නයි. ඒ කුමන්ත්‍රණවලට මම අහුවෙන්නේ නෑ. ඒ පනතේ සැඟවුණු උගුල් තියෙනවා. ඒකට මම ඡන්දෙ දෙන්නෙත් නෑ‘ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා අද (25) බණ්ඩාරගමදී පැවසීය.
බණ්ඩාරගම නව ශ්‍රීලනිප සංවිධායක නිමල් චන්ද්‍රරත්න මහතා පිළිගැනීමේ උත්සවයකදී ඔහු කීවේය. නිමල් චන්ද්‍රරත්න මෛත්‍රිපාල සිරිසේන ජනපති අතින් අද පත්වීම ලබාගත්තේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට මේ ඡන්දෙන් පත් වුණ උදවිය නොවෙයිද ?(දිල්)
අක්කයි නගයි දෙන්නම තියාගෙන ගෙදරටම වෙලා ඉන්නවනම් අපේ රටට යහපතක්. (ර)
ප්‍රියාන්, ජනවරම කාගේ උනත් කමක් නෑ රටට යහපතක් වෙනවනම්. (ර)
රටටම ලැජ්ජාවක් නොකර පැත්තකට වුණොත් මොකද ?(දිල්)
අක්කා නංගිව පැහැදිලිවම පෙන්නුවද සර්. (බ)
පවුලේ අයට සුපුරුදු විධියටම අක්කවයි නංගිවයි දෙන්නම සහේට ගත්තම ප්‍රශ්නේ ඉවරයිනේ. (බ)
19 ඔයා බැලුවද අස්ලාම් (බ)
මෝඩ කතා කියන්න එපා. අකුරු දන්නවනේ කියවලා ඡන්දෙ දෙන්න. (ස)
මේ ව්‍යවස්ථා ගැන එක එක අය එක එක දේවල් කියනවා නමුත් එක දෙයක් නම් කිව යුතුයි මේවා හදන්නේ කවුද? කාගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නද?රටට ,මහා ජනතාවට යහපතක් වෙනවාද? රට දෙකඩ වේවිද? මේ දේවල් ගැන සැලකිය යුතුය. හැමදාම වෙන්නේ නීති විශාරධයෝ කියන අයත් පසුව පැත්තකට වෙන එකයි. මේ කිසි කෙනෙක් හිතනවාද මනාප ක්‍රමෙයි, පළාත් සභා ටිකයි ඉවත් කරන්න. හැමෝම ජනතාව රවටන්න තමයි යන්නේ. ඒ නිසා රට ගැන සිතීමට ආණ්ඩු කරන, ඒ වගේම විරුද්ධ පක්ෂවල අයත් මෙය හොඳින් දන ගත යුතුය. කවුරුත් කීවාට තීරණය තමන් සතුයි එය බුද්ධිමත්ව කල යුතුය. (ර)
දැකලා නැත්නම් හොඳ නෑ කියන්නේ පේන බලලද? කුහක දේශපාලකයො. 18 ට පඹයෝ වගේ අත උස්සලා දැන් ජනතාව ඉදිරියේ පොර ටෝක් දෙනවා. (ස)
මේකේ අදහස් දාන මිනිස්සු දන්නවද 19 සංශෝදනයේ අවසාන කෙටුම්පත තවමත් සිංහලට පිටපත් කර නැති බව. (ර)
18 ට ඡන්දෙ දුන්නා නේද? (ස)
අනේ ඔව්. නංගි පෙන්නලා අක්ක දෙන්න හදනවා නම් හොඳම දේ දෙන්නම එපයි කියන එකයි විදුර. රැවටිලා පස්සේ විඳවනවාට වඩා ඒක දාහෙන් සම්පතයි. (ස)
යකඩ මල්ලට ගුල්ලො ගැහුවනම් හාල් මල්ල ගැන කුමණ කතාද? අපේ රටට වෙන්න යන දේ ගැන නම් හරිම කණගාටුයි. (ස)
කතරගම දේවාලේ බස්නායක නිලමේ, ජනාධිපතිගේ මල්ලි , මෙයාල පහුගිය කාලේ කතාකලේ කටින්ද කියල හිතෙනවා. (ස)
19 වෙනි සංශෝධනය තදින්ම අධ්‍යයනය කල යුතුයි , 78 ව්‍යවස්තාවේ න් පසු තීරණාත්මක 13 න් පසු , වඩාත්ම සංකීරණ හා තීරනාත්මක් වන්නේ 19 යි , මොකද 19 යනු ඒක සංශෝධනයක් පමණක් නොවේ , සංශෝධන කීපයක එකතුවකි , කොටින්ම කියනවා නම් ව්‍යවස්ථාව සැහෙන ප්‍රමාණයකින් වෙනස් කිරීමකි . අනෙක් අයට කෙසේ වෙතත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නම් මෙයින් මාරු පහරක් වේවි , විශේෂයෙන් පෞද්ගලික මාධ්‍යට මෙයින් තද පහරක් වදින්නයි යන්නේ . අනෙක ස්වාධීන කොමිශන් සබා ගැනත් දැන් විශ්වාස කරන්න බෑ , දැන් බලන්න අල්ලස් කොම්සමේ අධ්‍යක්ෂවරිය කවුද ? අගමැති ගේ හොඳම හිතවතෙකුගේ නෝනලු ? මම නෙවේ කියන්න අගමැති පාර්ලිමේන්තුවේදි කිව්වේ . විමල් මහතා කිව්වා අගමැති නෝනාගේ යහළුවෙක් කියලා , අගමැති කිව්වා නෑ මගේ නෝනව අල්ලන්න එපා , එයා මගේ මිතුරියක් කියලා , ඉතින් අපි කොහොමද එයා ගේ ස්වාධීන හා පක්ෂපාති පරීක්ෂණ බලාපොරොත්තු වන්නේ ? ඇයි මන්දා මෛත්‍රී මැතිතුමා මේවට කන් නොදෙන්නේ කියලා . අන්න එ්ක නිසා තමා මම කියන්නේ මෛත්‍රී මහතා රටේ ජනාධිපති උනාට , රට පාලනය කරන්නේ එතුමා නොවේ කියලා . (ස)
19 වලක්වන්න අඹරණ ගුලි අතේ රෝල්වෙනවා. මෙය ජාතික උමනාවක් අවුරුදු 36ක් රටට වින කරපු ව්‍යවස්තාව ගැන මෙයාල දන්නේ නෑ. බබාල. (ස)
ආණ්ඩුව යනවිදියට නම් පෙන්නේ අරාබි වසන්තය ලංකාවටත් අරගෙන වගේ. රට අරාජික කර බටහිරයන්ට ඕන විදියට නටවන්න හදපු බටහිර උගුලට මේ යහපාලන ආණ්ඩුව උදව් කරන්නේ ඊජිප්තුවට සිරියාව ට උන දේ ලංකාවටත් කරන්නද ? (ස)
දැකලා නැත්නම් කොහොමද දන්නේ අක්කද ,නංගිද කියලා? පළපුරුද්දක් තියෙන තාත්තාගෙන් අහලා බැලුවනම් හොඳයි නේද? (ස)
නාරද කතරගම දේවාලේ බස්නායක නිලමේ කියන තනතුර දේශපාලන තනතුරක් නොවේ. මෛත්‍රී කිවුවේ එයාගේ පවුලේ අය දේශපාලනයට එන්නේ නෑ කියලා විතරයි. (ස)
මහින්දගෙ කාලෙ ඇමති කමක් ගන්න හිතාගෙන කෑගැහුවට ලැබුණ නෑ .මෛත්‍රී ගේ කාලේ කෑගැහුවත් වැඩක් වෙන පාටක් නැති බවයි පේන්නෙ (බ)
ජනාධිපති බලතල අහෝසි කරන ඔය සංශෝදනයට කොටි හිතවාදීන් සහ විජාතික බලවේග වල ආශීර්වාදය ලැබී ඇති බව පෙනෙනවා. ඔවුන් ඒ තරමට විශාල උනන්දුවකින් කටයුතු කරනවා.රට අනතුරේ වැටේවිද ? ආසයි භයයි වගේ (බ)
රටට අහිතක් වෙන ඡන්දයක් දිනන්න බැරි උන් බලයේ ඉන්න හදන , රටට විපතක් වෙන මෙම සංශෝධනය පැරදවිය යුතුයි.(බ)
මේක අනිවාර්යයෙන්ම පරදිනවා.ජනාධිපති දන්නේ නෑ කොලේ වහල මෙතන ගහන්නේ කියල. (ස)
කියවලත් නැහැල්ලු, දන්නෙත් නැහැල්ලු, නමුත් ඡන්දෙ දෙන්නෙත් නැහැල්ලු. ඒත් නංගි කෙනෙක් ගැනත් අක්ක කෙනෙක් ගැනත් බයවෙලා. (ස)
ඔය කියන්නේ බොරු. අනිවා අත උස්සනවා. (ස)
පුරවැසිය.රටේ තියෙන හැම දෙයකටම පවුලේ අය සම්බන්ද උනාම ආයේ දේශපාලනේට එන්නම ඕනේ නෑ. මෛත්‍රී ජනපති නොඋනනම් මේ මිනිසුන්ගේ නමක් වත් දන්නේ නෑ. (ස)
තාත්ත වගේම පුතත් හරිම බුද්ධිමත්. (ස)
ඔබ වැනි මහජන නියෝජිතයන් රටට වැඩියෙන් උවමනා කාලයක්. ඔබට ජය වේවා! (ස)
අනේ මේ මහින්ද ගේ කාලේ පඹයෙක් වගේ ඉදල දැන් සිංහයා වෙන්න හදනවා 18 ට අතඉස්සුවේ ඇදුම් ඇදගෙනද 19 කියන්නේ රටේ ජනතාවට ඉතාමත් හිතකර නිසාද ? අපිත් කියවල තියෙනවා එය ඔය කොහෙද හිටියේ හොරණ ජනතාවට කියන්න ඕන මේවගේ පිට කොන්දක් නැති ප්‍රති පත්තියක් නැති අයට ගහල එලවන්න කියල . ප්‍රතිගාමී අය (බ)
පුරවැසිය...කබර ගොයා තලගොයා කර ගන්න එපා. (ස)
ගණන් ගන්න එපා ''මහින්ද '' නැතුව මෙයාලගේ මොලේ කචල් වෙලා අනේ පව් , බොන්න කොත්තමල්ලි ටිකක්. (ස)
19 වෙනි සංශෝදනය ඉතිහාසයේ වැදගත්ම එකක්. දැකල නැත්නම් අරගෙන කියවන්න. මහජන නියෝජිතයෝ මේ වගේ අවුස්සන කතා කියන්න එපා. (ස)
මේකට අත උස්සන එක ජනතා මතයට ගරු කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ යුතුකමක් වෙනවා. මොකද මේකේ ජනතාවට හිතැති දේවල් බොහොමයක් ඇති නිසා. (බ)
මටනම් පෙනෙන හැටියට මෙයාට අක්ක නංගිව පෙන්නලත්, නෑ වගේම නංගි අක්කව පෙන්නලත්. කව්රුහරි එ්දෙන්නගේ හැඩරුව කියන්න ඇති එ්ක අහල බයවෙලා වගෙයි (බ)
ඇත්තටම මේවායේ මොනවද තියෙන්නේ කියලා දන්න අය කියන්නකො බලන්න. මමත් දන්නේ නැහැ (නි)
18 ට අත ඉස්සුවේ හොඳට කියවලා බලලාද? (නි)
කමල්,මොනවාටද කියලා කිව්වා නම් තමයි හොඳ (නි)
ජයවේවා! ඔබතුමා ගැන අපිට ආඩම්බරයි (නි)
19ට ඡන්දෙ දෙනවට මහජනතාව විරුද්ධයි (නි)
දිසා ,දැන් එයා කියන්නේ හොඳ නැහැ කියලද? එහෙමත් නැත්නම් දැකලත් නැති නිසා ඡන්දෙ දෙන්නෙ නැහැ කියලද? එයා කියනවා මේකෙ උගුල් තිබෙනවා කියලා. (නි)
සමහර බුද්ධිමතුන්ගේ ඒකපාර්ශ්වික අදහස් දැක්කහම පුදුම හිතෙනවා. 19 මොනතරම් සංකීර්ණ හා තීරණාත්මකද? (නි)
19 ගැන බොහෝ දේ කතාකරන වැඩිදෙනෙක් , 18 ට ප්‍රතිචාර දැක්වූ හැටිත් අපිට මතකයි (නි)
කලබල නැතුව තව ටිකක් ඉන්න මේ විදිය හොඳයි කියලා (නි)
මේ අයට අපි අනුකම්පා කරමු (නි)
පළමුව කියවා බලන්න. ඊටපසුව කියන දෙයක් කියන්න. (නි)
ජයවේවා! (නි)
මෙය 19 කැමති නැත්තේ 18 කැමති නිසා සහ විධයක් ජනපති ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙන යාමට කැමති නිසා , (හේ)
පක්ෂ නායකයන් හොඳින් අධ්‍යයනය කරලා තමා තීන්දු තීරණ වලට එන්නේ. මේ මහත්තයා ඒ නිසා අත උස්සන්නයි තියෙන්නේ (නි)
පහුගිය කාලයේ මිනිපිරී පෙන්නලා ආච්චි දුන්නා වගේ වැඩක්නේ මේ අය කළේ (දිල්)
පිටබැද්දර ජයා හිතන්නේ මුළු ලෝකයේම අය හිතන්නේ එයා වගේ කියලා .(දිල්)
විදුර මන්ත්‍රීතුමා කියන කතාව ඇත්ත . ජනවරමක් අරන් මෙයාලා ආණ්ඩුව කරනවා නම් අපි විරුද්ධ නැහැ. අනුන්ගේ ජනවරමකින් සේරම දේවල් මෙයාල ගන්න හදන එකට අපි විරුද්ධයි. (දිල්)