තරිඳු ජයවර්ධන
නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ ප්‍රේරණ කලාපයට අයත් ඉඩම්වල විවිධ ව්‍යාපෘති සිදු කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබා දී නැතැයි ද, ව්‍යාපෘති සිදු කිරීමට පරිසර ඇගයීම් පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන තෙක් ඉල්ලීමක් ඉදිරිපත් වී නැතැයි ද මධ්‍යම පරිසර අධිකාරිය අද (17) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.
මධ්‍යම පරිසර අධිකාරිය ඒ බව දැනුම් දුන්නේ නකල්ස් රක්ෂිතය තුළ හා ඒ අවට ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි කියමින් පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කැඳවුම්කරු පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ගොනු කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ අද (17) පැවැති පැමිණිලි විභාගයට පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරමින් ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සහ සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදිනී ශානිකා පතිරණ මෙනවිය සහභාගී වූහ. මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර හා මහවැලි අමාත්‍යංශය සහ රාජ්‍ය වැවිලි සංස්ථාව නියෝජනය කරමින් තිදෙනෙක් වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කරමින් සහභාගී වූහ.
ලෝක උරුමයක් වූ නකල්ස් රක්ෂිතය තුළ හා ඒ අවට පරිසර සංවේදීත්වයකින් යුතු ඉඩම් කුකුල් ගොවිපොළවල් සහ හෝටල් ඇතුළු ව්‍යාපෘති කිහිපයකට ලාබා දීමට රජය වාර්තා සකස් කර ඇතැයි පැමිණිලි පාර්ශ්වය නියෝජය කරමින් රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.
මෙම ඉඩම් සංරක්ෂණය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට 2004 දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතත් මේ වන තෙක් එය ක්‍රියාත්මක කර නැතැයි ද, 2009 දෙසැම්බර් 21 වැනි දා නිකුත් කළ ගැසට් පත්‍රයකින් පාංශු සරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කළ ඉඩම් ද මෙම ව්‍යාපෘතිවලට ඇතුළත්වී ඇතැයි ද කාරියවසම් මහතා කීවේය.
සිදු කිරීමට යන විනාශය නවත්ව ලෙස වගඋත්තරකරුවන්ට දැනුම් දෙන්නැයි පැමිණිලිකරුවෝ ඉල්ලා සිටියහ. මෙම ව්‍යාපෘතිවලට අදාල ලේඛනවල පිටපත් මානව හිමිකම් කොමිෂන් සභාවට බාර දෙන බව ද පැමිණිලිකරුවෝ දැනුම් දුන්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා මේ රටට සම්පතක්.
මහත්වරුනේ ඔබලා අපේ රටට මහත්වූ සම්පතක්.
පරිසර හා සොබාදහම පවත්වා ගෙන යාම සඳහා ස්වේච්චාවෙන් ඉදිරිපත්වන මහත්ම මහත්මීන්ට ජාතියේ උත්තමාචාරය !
පරිසර අධිකාරිය ඕක අනවසරයි කියනකොට අක්කර 2500ක මහා වනය නැති කරලා ඉවරත් වෙයි. අපි නොදන්න රාජ්‍ය ආයතන...