(විනීතා එම් ගමගේ)
මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසෙන පරිදි දමාගෙන යන නිකාබ් (සම්පූර්ණ මුහුණ ආවරණය කරන කොටස) නිවසින් එළියට යද්දි ඉවත් කර යන්නට අවසර දුන් බව සමස්ත ලංකා ජමෙයියතුල් උලමා සංවිධානයේ මාධ්‍ය ලේකම් අශ්ෂේක් ෆසිල් ෆාරුක් මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම මුස්ලිම් කාන්තාවන් අදින කළු පැහැති ඇදුම වෙනුවට වෙනත් වර්ණ වලින් මැසූ ඇදුම් අදින්නැයි ඉල්ලා සිටි බව ද ෆාරුක් මහතා කීය.
රටේ පවතින තත්ත්වය යටතේ ආරක්ෂක හමුදාවන්ට සහය දිය යුතු බැවින් මෙසේ අවසර දුන් බව ද හෙතෙම කියා සිටියේය.
මුස්ලිම් ජනතාව නිරන්තරව රටේ එක්සත් භාවයට නතුවන බවත් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවත් කී ෆාරුක් මහතා කෙසේ වෙතත් ඉකුත් ඉරිදා එල්ල වූ ප්‍රහාර කිසිවක් මේ කියන කාන්තා ඇදුම ඇද ගොස් කළ ඒවා නොවන බවත් ඔවුන් ගොස් ඇත්තේ කලිසම් ෂර්ට් ඇද ගෙන බවත් හෙතෙම කියා සිටියේය.
අශ්ෂේක් ෆසිල් ෆාරුක් මහතා මේ අදහස් පළ කළේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ පැවැති අන්තර් ආගමික සංසදයේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2020 කට ළඟ. මේ මිනිසුන් තවම ගල් යුගයේ ගෝත්‍රික අදහස් බදාගෙන. ඕවා අත ඇරලා සමාජය සමඟ මිශ්‍ර වුණා නම් ඔය ප්‍රශ්න මොකුත් නෑනෙ. පටු සිතුවිලි තමයි සියලු විනාශයන්ට මුල
අප විස්වාස කරනවා රටේ ආරක්ෂාව මුලික බැවින් එක එකාගෙන් ඒ සදහා අවසර අවශ්‍ය නොකරන බවට.. එක එක්කෙනාට ඕන විදියට රටේ ආරක්ෂාවට අවශ්‍ය තීරණ නොගතයුතු බවටත් සදහන් කිරීමට කැමැත්තෙමු.
ජාතික ආරක්ෂාවට නීති හදන්න අන් සංවිධාන වලින් අවසර ගන්න තරමට රජය නිවට වෙලා..
මේ මුස්ලිම් කාන්තාවන්ට අපේ රටේදී මේ විදියට කළු ඇඳගෙන මුහුණ වහගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඕනෑ ඇඳුමක්... අඳින්න නිදහස තියෙනවා. මේක සෞදිය... අරාබිය නෙමේ... කළු ඇන්දේ නැහැ කියලා ගල්ගහලා මරන්න තරම් මේ කාන්තාවන්ට. රජයෙන් මානසිකව වැටිලා ඉන්න මේ කාන්තාවන්ට නොමිලේ බ්‍රේන් වොෂ් කරන පාඨමාලාවක් හදාරන්න ඉඩ සලසා මේ කට්ටිය සමාජයට ගන්න. දරුවෝ හදන මැෂිමක් කියලා ඔවුන්ගේ වදකාර සැමියන් හිතන් ඉන්නේ අඩු වයසෙන් බදිනවා. ඉගෙනීමක් නැහැ, සැමියා කියන හැමදේම කරන්න ඕනෑ බයට... මොවුන්ට සහනයක් දෙන්න...
ඒ ගොල්ලෝ කිව්වට වැඩක් නැහැ. මුදියන්සේගේ බෑනයි, ටේලර් උන්නැහෙයි එ්කට විරුද්ධයි.
සයින්දමර්දු මරාගෙන මරුණු අය මීරිගම රෙදි කඩයකින් 30000ක් බදු අරන් තියෙන්නේ ඔය මගුල ඇඳගෙන ගිහින් තමයි, ඒ නිසා ගැහැණුද, පිරිමිද මොක්කුද කියලා මුහුණු අඳුනාගන්න බැහැ. දැක්කේ නැද්ද ඒ පුවත..? "ඉකුත් ඉරිදා එල්ල වූ ප්‍රහාර කිසිවක් මේ කියන කාන්තා ඇඳුම ඇඳ ගොස් කළ ඒවා නොවන බවත් ඔවුන් ගොස් ඇත්තේ කලිසම්, ෂර්ට් ඇඳගෙන බවත් හෙතෙම කියා සිටියේය. "මෙන්න මේ වගේ නිකන් බබා පාර්ට් ඕනෑ නැහැ...
මොන ඇඳුම් ඇන්දත් කමක් නැහැ... අපේ දේශීයත්වයට නොගැලපෙන ඇඳුම් ඇඳීමෙන් වලකිනවා නම් කාටවත් ප්‍රශ්නයක් නැහැ.
දැන් කුරානේ කොහෙවත් ඔහොම එකක් ගැන කියලා නෑ කිව්ව නේද මන්ත්‍රීවරු එහෙම.. එතකොට මෙයාලගේ අවසරයක් ගන්නේ මොකද ඒක ඉවත් කරන්න..
බැහැ කීවත් අපේ කොල්ලෝ එ්ක කරාවි...
ඕවා ඇඳගෙන බෝම්බ තිබ්බේ නැති වුණාට ඔත්තු බලන්න ආවේ ඔය බුර්කා ඇඳන් තමයි..
Back pack තහනම් කරන්නේ නැද්ද ?
බුුර්කාව ඇතුළේ සිදුවිය හැකි සිදුවන අපරාධ ගනනාවක් ඇත. මුහුණ වැසී ඇති නිසා පුද්ගල අනන්න්‍යතාවය කිසිවිටක තහවුරු කල නොහැක. ඒ තුල සිටන්නේ පිරිමියෙකුද ගැහැණියක්ද යන්න කිසිවිටකත් දැනගැනීමට නොහැක. මරාගෙන මැරෙන තරමට අදහස් හා ආකල්ප වෙනස්කර ඇතිනම් ඒ බුරුකාවෙන් වැසී සිටින්නේ ගැහැණියක්ද පිරිමියෙක්ද ඔවුන් ඒ තුල අවිආයුධ මත් ද්‍රව්‍ය පුපුරණ ද්‍රව්‍ය ප්රවාහණය මිනිසුන් ඝාතනය නිදහසේ කරණු ලබයි. විභාගයට ඉදිරිපත්වන්නේ නියම අයදුම්කරුවන්ද යන්න ගැටළුවකි. මෙම බුර්කාව පැලදීමට ආගමේ කිසිදු බලපෑමක් නොමැති බවත් මෙම ඇදුම අන්තවාදී ආගම් මූලධර්මවාදීන් විසින් අන්දවනු ලබන ඉහතකී අකටයුතු සදහා දීර්ගකාලීන සැලසුම් සහගතව යොදාගනු ලැබූවකි. එය ඉවත්කිරීමට නීතිය ගෙනාවත් රටට ජාතියට ආදරයක් නැති රටේ නායකයින් කියන හැතිකරය ඊට විරුද්ධවී ඇත්තේ උන්ගේ ඡන්දය ලබාගැනීමට මිස වෙනයම් කරුණකට නොවන බව ජනතාවට මනාව පැහැදිලිය.
හොඳ අදහසක්. මේ වගේම සම්පූර්ණයෙන් මුහුණ ආවරණ ය වන හෙල්මට් තහනමත් ක්‍රියාත්මක උනොත් හොදයි. මොකද වැඩි අපරාද ප්‍රමාණයක් සිදු උනෙත් ඔය හෙල්මට් දාගෙනම තමා.
ඇදුමෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් එයට මුවාවී කරන සෙල්ලම තමයි හොද නැත්තේ. මොන ආගමකට හෝ ජාතියකට අයත් වුවද ජාතික ආරක්ෂාවට තර්ජනයක් නම් මෙවැනි අවස්තාවලදී ඉතා වටිනවා. ඒ අනුව රටේ පුරවැසියන් හැටියට කොයි කවුරුත් නීතිගරුක වියයුතුයි
අරාබිකර රටවල මිනිස්සු යුරෝපයට, ඇමරිකාවට, සහ අනෙකුත් බටහිර රටවලට පැනල යන්නේ ඔය කබාය ගලෝලා නුතන මිනිසුන් විදිහට ජීවත් වන්න. ඔය හැදෙන වැඩෙන ළමයි ඔතනට ඇදලා දාන්න එපා මිනිසුනේ. ලංකාව අරාබිය නෙමේ. සහජීවනයෙන් ඉන්න.