මොරටුවැල්ලේ මිනිසකු (61) බසයක යමින් සිටිය දී ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන බලමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව දකුණ පානදුර පොලිසිය කියයි.
මොරටුවැල්ලේ මිනිසකු (61) බසයක යමින් සිටිය දී ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන බලමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව දකුණ පානදුර පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ නැහැදිච්චකම අනුන්ට ප්‍රදර්ශනය කරන්නේ ඔන්න ඔය වගේ ක්‍රම වලින්. වින්දනයක් ලබන්න උවමනා නම් අනුන්ට කරදරයක් හිරිහැරයක් නොවෙන විදිහට විදින්න දැනගන්න ඕනෑ කවුරු වුණත් (නි)
හැට පැන්නත් වඳුරා බිම යන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ (නි)
අනේ මන්දා! ඇයි හැමෝටම පෙනෙන්න බැලුවේ? (නි)
එයා වයස ගියත් හිතින් තරුණ කෙනෙක් වෙන්න ඇති (නි)
60 පැන්නහම වයසයි කියලා හිතන්නේ නැති අය බොහොම ඉන්නවා (නි)
ඒ මනුස්සයා බැලුවේ ඒ මනුස්සයාගේ දුරකථනයනේ. කවුරුත් මොකටද ඒකට එබිලා බලන්නේ? (නි)
මම මේ දන්නෙ නැති නිසයි අහන්නේ. අසභ්‍ය දර්ශන නරඹන එකත් අත්අඩංගුවට ගන්න පුළුවන් වැරැද්දක්ද? (නි)
මමත් දැන 60 පැනපු කෙනෙක්. එහෙත් මට සිතෙන්නේ නැහැ මම එතරම් වයසයි කියා. ලංකාවේ යල්පැනපු නීති සහ සිතිවිලි නිසා අකාලයේ මිනිසුන් ගැහැණුන්ගේ මානසික තත්වය පහත දමලා (නි)
රාගය හෙවත් ඇස, කණ, නාසය, දිව, කය, මනස පිනවීමට ඇති සංකල්පනාවක් වූ මේ කැමැත්තට වයස තරාතිරම බලනොපායි. වැරැද්ද මෙවැනි ක්‍රියා ප්‍රසිද්ධියේ කිරීමයි. (නි)
අනික් අයට පෙනෙන සේ මේ වැඩේ කළා නම් වැරදියි. එහෙම නොවේ නම්? ලංකාවේ ජංගම දුරකථන පාවිච්චි කරන පිරිසෙන් වැඩිහරියක් අත්අඩංගුවට ගන්න වෙයි. (නි)
අනේ මන්දා මේකට පක්ෂපාතිව අදහස් දාන්නේ පිස්සොද කියලා. මේවා ප්‍රසිද්ධියේ බලන දේවල්ද? ඔයාලගේ දරුවන්ටත් එහෙනම් පෙන්නන්නකො. අපි නම් කැමති නැහැ අපේ ළමයින්ට බස් එකේදී නාකි මිනිස්සු මේවා පෙනෙන්න බලනවට. (නි)
දන්නේ නැති හින්දයි අහන්නේ....මේක වැරදි වැඩක් ද ?එයා ඒවා වෙන කාටවත් පෙන්නපු බවක් මෙහි සඳහන් වෙලා නැහැ නේ ! (බ)
අනේ පවු එයාගේ අහිංසක සතුට! (නි)
හරිම දුක හිතෙනවා මේ අයගේ අදහස් දැක්කහම. අහසින් වැටිලද දන්නේ නැහැ (නි)
මේක හරි මගුලක්නේ .ඒ මිනිහ බලල තියෙන්නේ නෙට් වර්ක් එකේ තිබුණු දේවල්නේ .මේවට කාටද දඩුවම් කරන්න ඕන. (බ)
බැලුවට කමක් නැහැ හේමන්ත, එ්ත් ගෙදර ඉන්න මිණිපිරිය, අහළ පහළ දරුවන්ගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් (නි)
රාමන්, ඔයාට තිබෙන ප්‍රශ්නය මොකක්ද? ඊර්ෂ්‍යාවද? (නි)
අවුරුදු 61 ක් කියන්නේ ඒ හැටි වයසක් නොවේනේ. මේ වයසේ අය දියුණු බටහිර රටවල නැවතත් අලුතෙන් විවාහවෙනවා. අනික් කරුණ තම ෆෝන් එකෙන් හෝ පරිගණකයෙන් ඕවා තනියම බැලීම වරදක්ද? (නි)
ඔහු එය අනුන්ට හිරිහැරයක් නොවන විදියට කළානම් නීතිය පටහැනි වෙන්නේ කොහොමද? (නි)
නිම්මි, කවුරුවත් මොකටද එ් මිනිහා බලනදේට ඔලුව දාන්නේ? දැන් ළමයි ඔයා හිතනවට වඩා දේවල් දන්නවා. (නි)
දැන් බස් වල සිගරැට් බීම තහනම් වගේම ජංගම දුරකථන තහනම් කියලත් ලියන්න වෙයි. (නි)
ටානි ඒවගේම 25 පැන්නම නාකි වගේ ඉන්න මිනිස්සුත් ඉන්නවා. (කෞ)
සමන්ති නොබලා හිටියම ඉවරයිනේ. කාගෙවත් පොත් වහන්න යන්නේ නැතිව. මුහුනුපොතේ 2015 අදායම රුපියල් 86716000 (බ)
මේකේ චෝදනාව මොකක්ද? ලිංගික ආශාව නැතිවෙන්නේ අරහත් තත්වයට පත්වුණාම විතරයි (බ)
අර මුහුණු පොත වහන්න අපට බැරිද? නොදන්නා නිසයි අහන්නේ (නි)
එක උසස් පොලිස් නිලධාරියෙක් වරක් සිනමා හලක හිටපු තරුණ ජෝඩු අත්අඩංගුවට ගත්තා. මේකත් ඒ විදිහේ වැඩක් වෙන්න ඕනෑ. (නි)
අපේ දන්නා අන්කල් කෙනෙක් ඉන්නවා පිළියන්දල පැත්තේ. මිනිහට 65 පැනලා. නෝනා ගෙදර ඉඳිද්දී තමන්ගේ බිස්නස් එකේ වැඩකරන කසාද බැඳපු, ළමයෙකුත් ඉන්න තරුණ ගැහැණු කෙනෙක් එක්ක අත් අල්ලගෙන පාරෙත් යනවා. (නි)
මේ 61 අන්කල්ටත් මංගල කටයුත්තක් සෙට් කළා නම් ඔය පාර දිගේ ෆෝන් බැලිල්ල නවත්වයි (නි)
මේ කාලේ ස්මාර්ට් ෆෝන්ස් තියෙන හැමෝම අන්තර් ජාලයට සම්බන්ධ වෙනවා. ඒ වෙලාවට වැරදීමකින් වුනත් අසභ්‍ය කියන පින්තුර එන්න පුළුවන් . ඒවාට මිනිස්සු අත්අඩංගුවට ගන්නවානම් ගොඩක් දෙනෙකුට හිරකුඩුවට යන්නවෙයි.(කෞ)
අත්අඩංගුවට ගත යුතු පාතාලයට සම්බන්ධ ස්ත්‍රී දුෂකයෝ සිටියදී එවැනි අය අත්අඩංගුවට නොගෙන . මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා එය ලොකු දෙයක් ලෙස ප්‍රචාරය කිරීම සිනහව දනවන සුළු කරුණකි.(කෞ)
අසභ්‍ය දේවල් වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කරන්න පුළුවන් වුණාට ප්‍රසිද්ධියේ බලන එක නම් හොඳ නැහැ. (නි)