කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරන් සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශ නායක වී.රාධක්‍රිෂ්ණන් යන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වීමත් සමග සන්ධාන රජයට බලය හිමිව තිබූ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂයට හිමිව ඇත.
මීට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් මන්ත්‍රීවරු 16 ක් සහ විපක්ෂය නියෝජනය කරමින් එජාප මන්ත්‍රීවරු 3 දෙනෙක් සිටි අතර පක්ෂ මාරුවත් සමග විපක්ෂයේ මන්ත්‍රීන් සංඛ්‍යාව 18 ක් බවට පත්ව ඇත.
මන්ත්‍රීවරු 16 දෙනකු සිටි සංධානයට දැන් සිටිනුයේ තිදෙනෙකි. මන්ත්‍රීන් පස් දෙනකු සිටි විපක්ෂයට දැන් මන්ත්‍රීහු 18 දෙනෙක් සිටිති. සන්ධානයට මන්ත්‍රීවරු තිදෙනෙකි. ඔවුහු ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොන්ග්‍රසයෙනි.
මේ අනුව කඳුරට ජනතා පෙරමුණේ 7 , කම්කරු ජාතික පෙරමුණ 4 , එක්සත් ජාතික පක්ෂය 5 කි. මුළු මන්ත්‍රී සංඛ්‍යාව 21 කි.
ප්‍රාදේශීය සභාවේ සභාපති කඳුරට ජනතා පෙරමුණේ එස්.සදාසිවම් මහතා දැරූ අතර ඔහු කියා සිටියේ පක්ෂ මාරුවත් සමග විපක්ෂයට මන්ත්‍රීවරු 18 දෙනෙක් සහ සන්ධානයට මන්ත්‍රීවරු 3 ක් ලෙස ඊයේ (11) සිට නුවරඑළිය ප්‍රාදේශිය සභාව ක්‍රියාත්මක වන බව යි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ ! (නි)
ඔබ දෙපළට ස්තුතියි! (නි)
මේ අයට සීතල නැත්ද? (බ)
මේ අයගේ ඡන්දේ විතරයි අඩු... ජනතාව අරගෙන යන්න බැහැ.(හේ)
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කියලා අපි 8 වෙනිදා වෙනකන් ඉවසමු.(හේ)
ඒකට නම් කමක් නැහැ, ඉල්ලන ඉල්ලන දේවල් දෙන්නෙ නැතුව. (නි)
බල සුබ නිමිති පෙර මඟ නැකතටත් වැඩි (දිල්)
තව පැති වල ඔය ටික වෙනවා. බලාගෙන ඉන්නකෝ වෙන දේ! (නි)