නැගෙනහිර පළාත් සභාපති ආරියවතී ගලප්පත්ති මහත්මිය තමාට මරණීය තර්ජන කළැයි කන්තලේ ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරී ජී ඒ බාලසූරිය මහතා පොලීසියට පැමිණිලි කර ඇත.
කළුගල් වැඩපළක් ආරම්භ කිරීමට බලපත් ලබා නොදීමක් සම්බන්ධයෙන් එලෙස මරණ තර්ජනය කළ බව ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය.
නැගෙනහිර පළාත් සභාපතිනිය කියනුයේ තමා මරණ තර්ජන නොකළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනවසර දෙයක්නම්, මිනිස්සුන්ට කරදරයක් වෙන් දෙයක්නම් අනිවාර්යෙන්ම නගර සභාවෙ ලොක්ක එතන. දෑක්කනෙ මොරටුවෙ උන දේ. හෑම පලාත් පාලන ආයතනයකම ඔය ප්‍රශ්නේ තියෙන්නෙ. මේවා අපිම කරගත්තු ගොන් කම්. ඊලග පාරවත් චන්දය දෙනකොට කසිප්පු කාරයටයි, ත්‍රීවීල් කාරයටයි, බාර් කාරයටයි චන්දය නොදී උගතෙක් බලලා චන්දය පාවිච්චි කරන්න. එහෙම එකෙක් නෑත්නම් චන්දය නොදී ඉන්න.(නදී)
දිසානායක, බොරු චරිත සහතිකයක් දෙන්න එපා. ඔයාට මොකක් හරි පුද්ගලික උදව්වක් කරන්න ඇති. එහෙමයි කියලා වැරදි කරුවෙක් නිවැරදි කරන්න බොරු සාක්ෂි දෙන්න එපා. එයින් සමාජය තවත් කුනු වෙනවා. එවැනි සමාජයක කවදා හෝ තමනුත් විපතක වැටෙනවා. ඒ නිසයි කවුරු කරත් වරදට එරෙහි විය යුත්තේ.(නදී)
එතුමිය වගේ චරිතයක් ත්‍රීකුණාමලයට අවශ්‍යයි (ස)
වහං සොයා බලා ඇත්තනම් ආරක්ෂාව දෙන්න ඕනේ (දී)
වැරැද්ද ඒ අක්කිගේ නෙමෙයි... (නි)
මෙයා හරිම හිසරදයක්. වහාම ඉවත් කරන්න.(නදී)
මෙයත් එක්ක සිංහල බෞද්ධයෝ තරහයි.(නදී)
අනේ ඇයි අක්කේ බලය අනිසි විදියට පාවිච්චි කරන්නේ? (නි)
පරිසර අධිකාරියේ අය කර්මානත්යකට අනුමැතිය දෙන්න එම ස්ථානය බලන්න ඒම සදහා වෙනම ගානක් අයකරනවා. නමුත් ඇවිත් අනුමැතිය දෙනවට වඩා නොදී ඉන්නයි බලන්නේ. එවැනි අවස්ථාවලදී කර්මාන්තකරුවන්ට නොමිලේ පිහිටවෙන ආයතනයක් අවශ්‍යයි. නැත්නම් දුප්පත් අයෙකුට කර්මාන්තයක් කරන්නම බැරි වෙනවා.(නදී)
ආර් අක්කා ගැහැනු මැරවරියක්. එයා හිතාගන ඉන්නේ මුළු පළාතම බද්දට අරන් කියලා.(නදී)
මෙවැනි කාන්තාවක් නැගෙනහිර සභාපතිනිය වීම අපට මහත් ආඩම්බරයක්.මේ පළාත රැකගත්තේ අයගේ ශක්තිය නිසයි.අහිංසක ජනතාවගෙන් අල්ලස් ඉල්ලන නිලදරින්ට කියපු කතාව අපි අගයන්නෙමු. (ස)
එතුමිය කලදේ ගොඩක් හොදයි.අනිකුත් නිලධාරින්ටත් මේක හොද පාඩමක්. (ස)
එතුමිය වැරැද්ද දුටුතැන ඊට නිවැරදි ප්‍රතිචාර දක්වයි.පුද්ගලික වාසියට ඔලුව පහත නොකරයි.ය දකුණෙන් පැමිණෙන දිරිය කාන්තාවකි.එය අපිට හයියකි.පගාමරුවන්ට ඇගෙන් ගැලවීමක් නැත. (ස)
ගොඩක් ස්තුතියි, දිසානායක. ඔබ රටින් පිට සිටියත් ඇත්ත දන්නකෙනෙක්.එතුමිය දක්ෂ සත්‍යට වැඩකරන ශක්තිමත් කාන්තාවක් බවයි අපට දැනෙන්නේ . (ස)
එතුමිය මැරයෙක් නොව අසදාරණයට නොබියව,පළාතවෙනුවෙන් විශාල සේවාවක් කරන දිරිය කාන්තාවකි. (ස)
අනේ සේන,යමක් කියන්න කලින් හිතන්න.එතුමිය ත්‍රිකුණාමලයේ පන්සල්,දහම්පාසල්,කියක් සංවර්ධනය කලාද,හාමුදුරුවරුන් කී නමක් එතුමියගේ සේවයට ආශිර්වාද කරනවද ? ඇවිත් බලලා ඕවා කියවන්න.(ස)
වැරැද්ද ඒ අක්කිගේ නෙමෙයි..අපිට නොතේරෙන කොහේ හරි තැනක වැරැද්දක් තියෙනවා (ස)
මෙයා කලිනුත් මන්ත්‍රී කෙනෙක්ට පුතා ලවා අන්තවාදීන් සමග එකතු වෙලා පහර දුන්නනෙ.(නදී)
මෙයාගේ ජීවිත කතාව තමයි ආරි අක්කා නමින් කාන්තා පුවත්පතක පළවුනේ.(නදී)
මැයත් දෑත් ශක්තිමත් කරන්න ගිය කෙනෙක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මරණ චර්ජන කලානම් පරිස්සමෙන් ඉන්න ඕනේ (දී)
මේ නෝනගේ පුතත් කාටද චන්ඩි පාටි එකක් දැමිමා කියලා කලින් කේස් එකක් තිබුනා නේද?(නදී)
වැදගත් තනතුරු දරන, වැදගත් අයගේ වැදගත් ක්‍රියාකලාප. (නි)
රිලවට කන්නාඩිය හමුබ වුනා වගේ රගපාන්නේ.(නදී)
එක පාරක් අර අහිංසක සිංහල මන්ත්‍රී කෙනෙකුට මැරයෝ දාල හොඳටම තඩි බලා සිංහල බෞද්දයෝ ගැන කතා කරන එක ගැන නවත්තන්න හැදුවා. දැන් තව එකක් අපේ බලදාරින්ගේ ඇස් පොට්ට වෙලාද මේ දේවල් පෙන්නේ නැත්තේ . මෙයාව මහා උලුගදර යවන්න තියෙන්නේ අව්රුදු 50 කට විතර මේ කරන නොසන්ඩාල වැඩ වලට.(නදී)
අපි මීට කලිනුත් සිද්ධි කිහිපයක්ම දුටුවා රූපවාහිනියේ. (නි)
මම නම් කවදාවත් ඔය සිද්ධිය එතුමිය අතින් වුනා කියලා පිලිගන්නේ නැහැ. එතුමිය ශ්‍රේෂ්ට දේශපාලනයක් කරන කාන්තාවක්. මේවා කාගේ හරි ඉගැන්වීමක් විය යුතුයි.(නදී)
මම හිතන විදිහට පළමු අවස්ථාව මෙය නොවෙයි. (නි)
මේක තමයි ආසියාවේ ආශ්චර්යය. (නි)
මැය වහා අත්අඩංගුවට ගන්න. මේක පළවෙනි වතාවට නෙමෙයි මේ වුනේ. මැර දේශපාලනය නින්දා සහගතයි. රටක නොදියුනු බවට සංකේතයක්.(නදී)
කලානම් ඒ වැඩේ වැරදියි (දී)
අපේ රටේ ලොකු අඩුපාඩුවකට තිබුනේ කාන්තා පාර්ශවයෙන් මරණ තර්ජන නොකිරීම, දැන් ඒකත් හරි. (නි)
ඇත්තටම කලාද (දී)