නැගෙනහිර පළාත් සභාවේ ඉදිරිපත් කළ වැය ශීර්ෂය සම්මත කර ගැනීමට යෑමේ දී සභාවේ ගුටි බැට හුවමාරුවක් සිදු විය.
ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, සභා ලේකම් කාර්යාලය, පළාත් රාජ්‍ය සේවා කොමිසම් සභාව හා ප්‍රධාන අමාත්‍ය වැය ශීර්ෂය සම්මත කර ගැනීමට යෑමේ දී මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
මෙය සම්මත කර ගැනීමට ඡන්දය ලබා දීමට කාලයක් අවශ්‍ය බව මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ඇමැතිවරු දෙදෙනා සහ මන්ත්‍රීවරු පස් දෙනා පැවසූහ. ඉන් පසු සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය සභාව රාත්‍රී අට දක්වා කල් තැබීය.
ඊට විරෝධය පළ කළ දෙමළ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී කේ නැරෙයිරාජා සිංහම් මහතා සෙන්කෝලය පැහැර ගැනීමට යෑමේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සෙන්කෝලය බේරා ගැනීමට උත්සාහ කළේය.
ඉන් පසු සභාව අඟහරුවාදා තෙක් කල් තැබිණි.
අනතුරුව ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු සභා ගර්භයෙන් පිටතට එද්දී ගුටි බැට හුවමාරුවක් සිදු විය.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නැ'හිර සබේ ගුටි කෙළියක්
සමීර Tuesday, 02 December 2014 08:05 AM
කියලා වැඩක් නැහැ මෙවැනි දේශපාලකයින් සිටින්නේ දේශය පාලනයට නොව දේශයේ පාලුවටයි (නදී)
සත්‍යයා Tuesday, 02 December 2014 03:54 AM
නුදුරු දිනක දියවන්නා ඔයෙත් ඇති විය හැකි දිය(ගිනි)කෙළි වල පෙර හුරුවක් වෙන්න ඕනේ.(නදී)
ටිරෝන් Tuesday, 02 December 2014 09:13 AM
රගර් ක්‍රීඩකයෝ ඉතා උනන්දුවෙන් ක්‍රීඩාව කරගෙන යන බාවයක් පෙන්නුම් කරනවා. මේ ගොල්ල සෙල්ලම් කරන්නේ අපේ සල්ලි වලින් එකයි දුක. (ර)
හරීන්ද්‍ර Tuesday, 02 December 2014 05:01 AM
හූ නොකිය වෙන මොනවා කියන්නද? (අ)
විද්‍යා Monday, 01 December 2014 04:03 PM
සෙන්කොලේ ඉතින් ඉස්සරත් එක්කෙනෙක් උස්සගෙන ගියානේ. (අ)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 02 December 2014 05:36 AM
බලය විමධ්‍යගත කිරීම නිසා ලංකාව පුරා ගුටිකෙලි සැණකෙළි හා ගිනිකෙළි !! කවදා හැදෙයිද දන්නේ නැහැ. ඇමරිකාවේ කව්බෝයිස් ල වගේ වෙඩි තියාගන්න ඉතාම ලඟයි චන්ද්‍ර (බ)
ලිඔනෙල් පෙරේරා Tuesday, 02 December 2014 05:38 AM
පේනවා නේද රටේ තත්වය (නදී)
නිශාන්ත Tuesday, 02 December 2014 05:44 AM
තවම සමහර තැන් වල පුල්ලි මතු වෙනවා. නන්දි කඩාල් කලපුව අමතක වෙනවා. (ර)
බෙනට් Tuesday, 02 December 2014 06:14 AM
සරුංගලේ කුරියා ගහන්න වගේ යන්නේ (නදී)
සෝමදාස Tuesday, 02 December 2014 06:23 AM
සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියට මගේ ප්‍රණාමය. (ර)
විද්‍යා Tuesday, 02 December 2014 08:45 PM
ඉන්දියාවේ නම් අවුරුද්දකට සැරයක් මිනිසුන්ට ගැහැණු පාරවල් වල පන්න පන්නා ගහනවා (නි)
කුමාරි Tuesday, 02 December 2014 06:57 AM
සුදුස්සන්ට සුදුසු තැන නොලැබුනාම මෙහෙම වෙනවා. (බ)
භානු Tuesday, 02 December 2014 07:07 AM
මේවායින් පේන්නේ ඡන්ද දායකයන්ගේ වැරදි තීරණ සහ මෝඩ කම මිසක් දේශපාලකයන්ගේ වැරැද්ද නෙවෙයි. (නදී)
ජෙහාන් Tuesday, 02 December 2014 07:15 AM
මේකත් කල් දැම්ම නම් ඉවරයි මෙතන ඔක්කොටම ඉවසන්න බැරි ඌෂ්ණයක් කියලා (නදී)