නැගෙනහිර පළාත් සභාවේ ඉදිරිපත් කළ වැය ශීර්ෂය සම්මත කර ගැනීමට යෑමේ දී සභාවේ ගුටි බැට හුවමාරුවක් සිදු විය.
ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, සභා ලේකම් කාර්යාලය, පළාත් රාජ්‍ය සේවා කොමිසම් සභාව හා ප්‍රධාන අමාත්‍ය වැය ශීර්ෂය සම්මත කර ගැනීමට යෑමේ දී මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
මෙය සම්මත කර ගැනීමට ඡන්දය ලබා දීමට කාලයක් අවශ්‍ය බව මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ඇමැතිවරු දෙදෙනා සහ මන්ත්‍රීවරු පස් දෙනා පැවසූහ. ඉන් පසු සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය සභාව රාත්‍රී අට දක්වා කල් තැබීය.
ඊට විරෝධය පළ කළ දෙමළ සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී කේ නැරෙයිරාජා සිංහම් මහතා සෙන්කෝලය පැහැර ගැනීමට යෑමේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සෙන්කෝලය බේරා ගැනීමට උත්සාහ කළේය.
ඉන් පසු සභාව අඟහරුවාදා තෙක් කල් තැබිණි.
අනතුරුව ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු සභා ගර්භයෙන් පිටතට එද්දී ගුටි බැට හුවමාරුවක් සිදු විය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියලා වැඩක් නැහැ මෙවැනි දේශපාලකයින් සිටින්නේ දේශය පාලනයට නොව දේශයේ පාලුවටයි (නදී)
නුදුරු දිනක දියවන්නා ඔයෙත් ඇති විය හැකි දිය(ගිනි)කෙළි වල පෙර හුරුවක් වෙන්න ඕනේ.(නදී)
රගර් ක්‍රීඩකයෝ ඉතා උනන්දුවෙන් ක්‍රීඩාව කරගෙන යන බාවයක් පෙන්නුම් කරනවා. මේ ගොල්ල සෙල්ලම් කරන්නේ අපේ සල්ලි වලින් එකයි දුක. (ර)
හූ නොකිය වෙන මොනවා කියන්නද? (අ)
සෙන්කොලේ ඉතින් ඉස්සරත් එක්කෙනෙක් උස්සගෙන ගියානේ. (අ)
බලය විමධ්‍යගත කිරීම නිසා ලංකාව පුරා ගුටිකෙලි සැණකෙළි හා ගිනිකෙළි !! කවදා හැදෙයිද දන්නේ නැහැ. ඇමරිකාවේ කව්බෝයිස් ල වගේ වෙඩි තියාගන්න ඉතාම ලඟයි චන්ද්‍ර (බ)
පේනවා නේද රටේ තත්වය (නදී)
තවම සමහර තැන් වල පුල්ලි මතු වෙනවා. නන්දි කඩාල් කලපුව අමතක වෙනවා. (ර)
සරුංගලේ කුරියා ගහන්න වගේ යන්නේ (නදී)
සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියට මගේ ප්‍රණාමය. (ර)
ඉන්දියාවේ නම් අවුරුද්දකට සැරයක් මිනිසුන්ට ගැහැණු පාරවල් වල පන්න පන්නා ගහනවා (නි)
සුදුස්සන්ට සුදුසු තැන නොලැබුනාම මෙහෙම වෙනවා. (බ)
මේවායින් පේන්නේ ඡන්ද දායකයන්ගේ වැරදි තීරණ සහ මෝඩ කම මිසක් දේශපාලකයන්ගේ වැරැද්ද නෙවෙයි. (නදී)
මේකත් කල් දැම්ම නම් ඉවරයි මෙතන ඔක්කොටම ඉවසන්න බැරි ඌෂ්ණයක් කියලා (නදී)