පානදුරේ ‘නෝ ලිම්ට්‘ ආයතනයේ දී පෙරදින රාත්‍රියේ සාදයක් පැවැත් වු සිව් දෙනෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන්කර ගැනීම ඇරඹීය.
ඔවුන් එම සාදයේදී පාව්ච්චි කළ බීම වර්ග ගැනද පොලිසියට තොරුතුරු ලැබී ඇත.
එහිදී සිගරට් කොටයක් අත් වැරදීමකින් වැටී ගින්න ඇවිලුනේ දැයි සැකයක් පවතින බව පොලීසිය කියයි.
ගින්න පළමුව හටගෙන ඇත්තේ උඩු මහළෙනි. රජයේ රස පරීක්ෂක වැලිඅංග මහතා මීට සුළු මොහේතකර පෙර පැමිණ පරීක්ෂණ කටයුතු ඇරඹීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තැන්වල කැමරා ගිනි සංවේදී උපකරණ සවිකරලා නේද තියෙන්නේ. එහි හොදින් සටහන් වෙලා ඇති නේද? (නදී)
ඇති ඔයින් ගියා (නදී)
දරාගන්න බැරි ජීවන වියදම නිසා ජනතාව වල්මත් වෙලා ඉන්නේ. මොනවට රණ්ඩු වෙන්දෝ කියල බල බල ඉන්නේ. හිතේ තරහ වේදනාව පිටකරන්න . වහාම පරීක්ෂණ තියා ඇත්ත එලි කරන්න. නැත්තන් මේවට වැරදි අර්ථකථන හදාගෙන රණ්ඩු වෙයි (නදී)
රෙදි සාප්පුව ඇතුලේ මනවාට බිව්වාද? (දී)
ලංකාවේ මෙහෙම ප්‍රශ්න ඇති වෙනකොට පිටරට ඉන්න අපිට ගොඩක් බයයි අපේ රැකියා නැතිවෙයි කියලා. කී දෙනෙක් මේ රට වල ඉන්නවද. මාසෙට පඩි අරන් ලංකාවට යනකන් ලංකාවේ මිනිස්සුන්ට කන්නවත් ආදායමක් නැහැ. අනේ අපි ගැන හිතන්න. පින් සිද්ද වෙයි. (නදී)
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! (ස)
මේ වෙලාවේ හැකි ඉක්මනින් හේතුව සොයා ගත්තා නම් හොදයි. දැනටමත් වෙන වෙන අදහස් පැතිරෙනවා ලෝකේ පුරාවටම. (නදී)
අනේ එක ප්‍රශ්නයක් ඉවර උනා කියල අපි ගොඩක් සතුටු උනා. එ්ත් දැන් තව ප්‍රශ්න ඇතිවෙන බවට හැම පැත්තෙන්ම කටයුතු වෙනවා. අපේ රටෙන් ඉස්ලාම් රටවල රැකියා කරන අහිංසක මිනිසුන්ගේ දරුපවුල්වලට කව්ද වග කියන්නේ.?මහරජාණෙනි දැන්වත් අවදිවනු මැනවී. (නදී)
අවස්ථාවාදීන් උපරිම ඵලනේලාගන්න කාලයක් මේක.අපේ රටේ සිටින බහුතරයක් මුස්ලිම් සහෝදර සහෝදරියෝ බුද්දිමත්.අපිට කරන්න කිසිම දෙයක් නැ පොලිසියෙන් සියලු දේ සොයාගන්නකන් ජාතිබේද අතිනොකර අදහස් නොදමා ඉමු නේද?. (දී)
සිගරට් වලින් වෙන්න මේක පොඩි ළමයින්ගේ සෙල්ලම් ගෙයක් නෙමෙයි. කරපු අයව අල්ලලා දඩුවම් කරන්න ඕනේ. එතකොටයි ලංකාවේ නීතිය තියනවයි කියල ඔප්පු වෙන්නේ (නදී)
රක්ෂන වන්දි, විදේශ ආධාර, රජයෙන් ආධාර, අනුකම්පා කීර්ති නාමය ආදි වාසි රැසක් එම ආයතනයට හිමිවේ. අලාභයක් සිදු නොවේ. කල දුටු කල වල ඉහ ගැනීම ලෙස මෙය හැදින්වේ. (දී)
මොනවා වෙන්න යනවාද මන්දා? (දී)
මට නම් හිතෙන්නේ මුදලාලිලා බොර දියේ මාළු බාන්න පටන් ගෙන වගේ.(දී)
මොනවා උනත් පව් නේද? (දී)
දැන් මෙතන ඉන්න අය කලින්ම තීරණය කරලද ඉන්නේ කවුද කලේ කියල. සිකුයුරිටි කෙනෙක් ඉන්න එපැයි. ඒ අය මොනවද දන්නේ.(නදී)
මෙහි මුලින්ම ගින්න හටගෙන ඇත්තේ උඩුමහලෙන් බව සඳහන් වෙනව.ජාතිවාදියෙක් ගිනි තිබ්බා නම් ඒ ගින්න තබන්න උඩු මහලට යයි කියා සිතන්න අමාරුයි.මෙහි අදහස් දක්වන අය ඉක්මන් නොවී බලා සිටියොත් සත්‍ය වැටහේවි.යමක් වූ පමනින් වැරදි අර්ථ කථන දීමත් විශේෂයෙන් එතෙර සිටිනා ස්වල්ප දෙනෙකු මව් බිම ගැන බොරු බියකින් පසු වෙමින් තම අදහස් දැක්වීමත් කණගාටුවට කරුණක්.(දී)
මොන එහෙකට මේක ඇතුලේ සිගරට් බිව්වද? (දී)
නොලිමිට් ආයතනය ඇතුලේ සාදයට මත්පැන් තිබුනාද කියන එකත් හොයල බලන්න වෙනවා. එහෙම වෙලා තිබුනා නම් බීමත්ව හිටි අයගේ නොහොබිනා වැඩක් කියා හිතන්න පුලුවන් (නදී)
මගේ රටේ අයට මේ වෙන දේවල් වල ප්‍රති විපාක තේරෙන්නේ නැද්ද? ලිං ගෙම්බෝ වෙන්නේ නැතුව සමගියෙන් සාමදානයෙන් හිටපල්ලා (නදී)
සිඟරට් කොටයක් නම්, කොහොමද එළියේ තියන මෝටර් බයිසිකලේ පත්තු උනේ. මොන මෝඩ කතාද? (නදී)..
මෙතෙක් ලංකාවේ ලබාදුන් වේගවත්ම රස පරීක්ෂක වාර්තාව, ගින්නේ අගුරු නිවෙන්නත් කලින් ලබාදීම ගැන ආඩම්බර වෙමි. (අ)
ටිරෝන් මහත්තයට මොකක්දෝ ලොකු අමාරුවක් තියෙනවා වගේ..ඕකට ඉක්මනින් බේත් ගන්න..ඉන්න රටකට අබු දරුවෝ ටිකත් ගෙන්න ගන්න ඉක්මනින් වනචාරී මිනිස්සු ඉන්න රටේ ඒ අයව තියන්නේ නැතුව.ටිරෝන් ඇත්තටම සිංහලද? (දී)
මේ ගිනි විජ්ජුම්බර නිසා තැලෙන්නේ සාමාන්‍ය මහජනතාවයි. අන්තිමට මේවා පිටරට වලටද ප්‍රචාරය වී රටේ නමට ඉස්සරහින් ප්‍රශ්නාර්ථ ලකුණක් වැටේවි. බලවතුනට ප්‍රශ්නයක් නැහැනේ . මොනවා වුනත් ඒ උදවිය බේරිලා.(අ)
මට මන් ගහ ගත්තා (අ)
මෙය අලුත් ක්‍රමයකට වන්දි මුදල් ලබාගෙන පොහොසත්වීමේ අලුත් ක්‍රමය වෙන්න බැරිද, (අ)
සිංගප්පූරුව වෙන්න හදපු අපි බුරුමේ හෝ සිම්බාබ්වේ වෙන දිනය නම් ඇත ලඟයි (අ)
කොහොමෙන් කොහෙමෙන් හරි ˝මේ රටේ සුලුජාතින්ට සිංහල මහ ජාතිය ඉන්න දෙන්නෙ නැහැ, ඒ නිසා වෙන වෙනම ඒ අයට රටේ කෑලි කෑලි වෙන්කරල දෙන්න ඕනි˝ කියන තැනට තමයි දැන් ඔය එන්න හදන්නේ. සමහරු මේ අස්සෙ බලය බෙදාගන්නත් දඟලනවා. (අ)
සිසිටීවි කමරා සවිකරලා නැද්ද එකෙන් දැන ගන්න පුළුවන් නේද කවුරු හර ගිනි තිබ්බානම් (අ)
මේ ගින්නට පෙර වටිනා බඩු ඉවත් කරගෙනද කියල පරීක්ෂා කරන්න. රක්ෂණ ආවරණයක් ඇත්නම් එය ගත්තේ කවදාද ? කොච්චර පරණද? ලගදී එය වැඩි කලාද මේ සියල්ල පරීක්ෂා කරන්න. මේ රක්ෂණයට අනුරූපව ආදායම් බදූ ගෙවා ඇත්දැයි පරීක්ෂා කරන්න. මෙහි හිමිකරුගේ බැංකු ගිණුම් ,වෙනත් වත්කම් ,ආදායම් බදූ ,රක්ෂණය කර ඇති මුදල මේ සියල්ල ගැලපේ දැයි පරීක්ෂා කර බලන්න (අ)
තිස්සගේ කතාවට මාත් එකයි. මේ ජීවන බර අඩු කිරීමට රජය මැදිහත් විය යුතුයි. හැමගින්නටම වඩා ලොකුයි කියනවනේ බඩගින්න . නැත්තන් හේතු හදාගෙන එකිනෙකා කුලල් කාගනියි . (අ)
විජාතික බලවේග වල කුමන්ත්‍රණයක් වෙන්න බැරිද? (දී)
සමන්, ඔබගේ ගෙය ගිනි තියාගෙන රක්ෂණ වන්දි,කිර්ති නාම, අනුකම්පාව ලබා ගන්නේ නැතේ ඇයි? මෝඩයන්ට බෙහෙත් ලැබෙයි අනාගතයේදී. (අ)
අලුත්ගම ගිනිගත් කඩේ මහත්තය කියනවා එයාගේ කඩේ කෝටි 5ක බඩු තිබුනලු. මමත් අලුත්ගම. පෙනුමෙන් නම් ලක්ෂ 5 කවත් බඩු තිබුනේ නැහැ (අ)
නැහැ මේක වෙලා ඇත්තේ ගිනි කුරකින්. බොරු කියන්ඩ එපා (අ)
මේ ගැන අදහස් දාන්න තාම වෙලා මදි , මිට කලින් අලුත්ගම හා බේරුවල සිද්දි වල ට සම්බන්ද අයට තරාතිරම නොබලා ජනාධිපති පොරොන්දු ලෙස දඩුවම් කල යුතුයි , ඒ වගේම මේ ගින්න කවුරුන්ද කලේ යන්න සොයා බලා නීති ප්‍රකාර කටයුතු කල යුතුයි , මොකද තවම ශ්‍රී ලංකාවේ පොලිසිය හා අධිකරණය උසස් මටමේ සේවයක් කරනවා . (අ)
ඔබ කියන විදියේ උසස් සේවයක් තියනවානම් ලොකු දෙයක් මහානාම ! (අ)
මෙයට ගොන් අර්ථකතන දෙන්න එපා. මෙම වෙළදසල ලඟදි පටන්ගත්තේ .ඉතා නවීන තාක්ෂණය ඔවුන් එයට යොදවා ඇති. ඉතා ඉක්මනින් ඇත්ත හෙලිවෙය් , මා දන්නතරමින් පානදුරේ සිංහල මුස්ලිම් මිනිසුන් අතර හොඳ සමගියක් තියෙනවා. එනිසා කවුරුත් කට පරිස්සම් කරගෙන කතා කලොත් හොඳය . කවුරු හරි වරදක් කරලා කියල ඔප්පු උනොත් කරපුඅයට උපරිම දඩුවම් දෙන්න ඕන, දැනට එහෙම දෙයක් උන බවට කිසිම ආරංචියක් නැහැ . (අ)
ඇත්තටම හේතුව මොකක්ද? (අ)
තිස්ස මහතාගේ අදහස් සමග මමත් එකයි. මුස්ලිම් වේවා සිංහල වේවා අපිව රවට්ටලා ජන්දේ ගන්න තමා හැමෝම එන්නේ. ඉහල යන ජීවන වියදම නිසා ඇතිඋන හිතේ බර තරහෙන් එලියට යාමක් වගේ තමා අලුත්ගම සිද්දිය මට පේන්නේ. (නදී)
තිස්ස හරි අද රටේ ජාතික ප්‍රශ්නය ජීවන බර. ඉක්මනින් ජීවන බර අඩු කිරීමට පිළියම් නොසොයෙව්වොත් මීට වඩා දරුණු තත්වයක් රට තුල නිර්මාණය විය හැක. ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න පුළුවන් නම් මානසිකව සැනසීමෙන් ඕන කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන්. කව්රුවත් තව කෙනෙකුට හිරිහැර කරන්න යන්නේ නැහැ. සතෙක් උනත් බඩගින්නේ ඉන්නකොට දරුණු වෙනවා. බඩගින්නේ ඉන්නකොට, බෙහෙත් ගන්න ,අරගෙන දෙන්න සල්ලි නැති වෙනකොට ඕනෙම කෙනෙකුට තරහ යනවා. රණ්ඩුවට බර වැඩි වෙනවා. (නදී)
මෙම වරද සිතා මතා යමෙක් කලා නම් මට දැනටම හිතන්න පුළුවන් ලැබෙන දඬුවම. (නදී)
බන්දුල පෙරේරා,ටිරෝන් මහත්තය කියන එක ඇත්ත . ඕයා ජාතිවාදී ආගම් වාදී බව පේනවා. ජපන් රොඩ්රිගෝ (නදී)
මේ ගින්නත් ජාතිවාදී ගින්නක් කියල නොකිව්වොත්, පුදුමයක්ම තමා.(නදී)
ඕක බීඩී කොටයකින් පත්තු උනා විය නොහැකිද ? (නදී)
මොල්ගහත් නඩුවක වරද කරු කරපු රටක් නේ මේ. සිගරට් කොටේ වත් වැරදි කරු කරමු දැන්. (නදී)
ටිරෝන් ඔබ තමයි නිවැරදිම දෙය කියල තියෙන්නේ. බන්දුල කඩේ යන්නේ. ඒවා ගනන් ගන්න එපා. ඔහු මෙතනට හරිම ලෙඩක්. අපි කතෘට කියා ඔහුව මෙතනින් අයින් කරමු.(නදී)
බුදුරජානන් වහන්සේ පන්සිල් පද පහ ගත්තේ ජෛන ආගමෙන් , අන් ආගම් වලට ගරු කිරීමක් වශයෙන් හා බෞද්ධයන්ට ආදර්ශයක් වශයෙන්. බුදුන් වහන්සේ සංඝරත්නයට ගස් කැපීමට අකැප යයි විනය නීතියක් පැනවුයේ අන් ආගමක ඉගැන්වීමකට අනුවයි. බුදුන් වහන්සේ අපට ඉගැන්වූයේ සහජීවනයයි. බුදු දහම යනු ගැබුරු අවබෝදයෙන් වටහා ගත හැකි ආගමක්. මේ නිසා කිසියම් කෙනෙක් සැබෑ බෞද්ධයෙක් නම් අන් ආගම් වල අයට කිසිම හිරිහැරයක් කරන්න එපා. කෙසේ නමුත් මම පුද්ගලිකව මෙය ජාතිවාදී පදනම මත සිදු වූවායයි නොසිතමි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා.(නදී)
විදුලි කාන්දුවකින් කියුවේ (දී)
අපරාධයක් කියලා තමයි මට කියන්න තියෙන්නේ (දී)
මුළු කඩේම ගිනිඅරගෙන නේද (දී)
මේවා රක්ෂණ වන්දි ගන්න කරපුව ද (දී)
ඒ නිගමනයත් තවම ස්ථිර නැද්ද කොහෙද (දී)
සිකරට් බොනවද ඇතුලේ (දී)
අසංක වගේ සැමෝම සිතන මෙන් මා සියලු ලක්වාසීන් ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.(නදී)
කුමාර මම මේක පුද්ගලිකව හොඳට දන්නා දෙයක් ඔය හුඟක් තැන්වල තියන ගිනි ආරක්ෂණ පද්දති හරියට වැඩකරන්නේ නැහැ 75% ක කතාව එහෙම තමයි මෙතන ගොඩක් අය කියනවා වගේ රක්ෂණ ප්‍රශ්නයක් සමහරවිට ඇති (දී)
අසංක, ඔය මේක ජාතිවාදී සිදුවීමක් කියල හිතන්නේ නැත්නම් මොනවටද මේ බුදුහාමුදුරුවෝ කියපු අහිංසාවාදය ගැන මෙතන කියල තියෙන්නේ? (දී)
දැන් ලෝකය කොච්චර දියුණුද.නොලිමිට් වැනි ආයතනයකට ගිනි හටගැනීමට සහ පැතිරීමට පෙර දැනගැනීමට කොපමණ ක්‍රම තියෙනවද පාවිච්චිකරන්න. ගාර්මන්ට් පැක්ටරිවල ඕව ඕන තරම් තියෙනවා. (අ)
අපේ රටේ නිතිය ගැන කාටවත්ම විස්වාස නැහැ. ඒ නිසා ආණ්ඩුව මොනවා කිව්වත් ජනතාව තුල තියන්නේ සැකයක්. පොලිස් මධ්‍ය ප්‍රකාශක අතේ පත්තු වෙන බොරු දෙසබලා දැන් ඇත්තක් කීවත් කව්රුත් විස්වාස කරන්නේ නැහැ. අනේ මන්දා අවරුදු තිස් ගණනක් මිනි මරු කොටි විනාශ කළ රට ගොඩ ගන්න, රටට ආදරය, රට ගැන හිතන කරන හරි හමන් නායකයෙක් පේන තෙක්මනේකවත් නැහැ. (අ)
බුදු දහම දහමක් මිසක් ආගමක් නෙවෙයි අසංක. එ අනිත් ආගම් වල උදවිය ඒවා දහමක් කියල කියනකොට අපේ බෞද්ධයන් බුදු දහම ආගමක් කියනවා. ඒක නිසා වචන පරෙස්සමට පාවිච්චි කරනවා නම් ඔයා ඉස්මතු කරන්න හදන දේ වඩාත් හොදින් ඉස්මතු වෙනවා. (අ)
මේකට අර පවුසි මහත්තය මාධ්‍යයට කියාපුවා බොරුද? උන්නැහේ තවත් යුද්ධයක් ගැනත් කිව්වනේ, අම්මපා මේ ගොල්ලොනේ අපේ රටේ වගකීම් බාරගෙන ඉන්න මිනිස්සු.(නදී)
තීරණය කරන්න හදිසි වෙන්න එපා. වටරැක හිමි සිද්දිය වගේ වෙන්න පුළුවන්. (නදී)
ඉතුරු වෙච්ච සිකරට් කොටේ තියෙනවද (දී)
වන්දි ගන්න කල වැඩක් ද (දී)
වහාම විනිවිද බවකින් යුතු පරීක්ෂණයක් තියන්න (දී)
ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා කියන්නේ ඔන්න ඔය නිසා (දී)
ටිරෝන් ඔබේ අදහස හරියටම හරි.(දී)
කොහොමද එහෙම කියන්නේ (දී)
සිගරට් බිවුවේ කවුද ඕක අස්සේ (දී)
මට හිතෙන්නේ සිගරට් කොටයකින් නෙමේ , සිගරට් බන්ඩල් එකකින්. (නදී)
මේ ගින්නෙන් තවත් ගිනි අවුලන්න එපා (දී)
අපෙ රට විදේශ ප්‍රතිපත්ති වලට සහ ඔවුන්ගෙ කොන්දෙසිවලට යටත්වෙලයි ඉන්නෙ. දැනටමත් මානවහිමිකම් සම්බන්ධව අප විශාල ගැටලුවලට මදිවෙලා ඉන්නෙ. මේනිසා සුලුජාතින් සම්බන්දව ක්‍රියා කිරිම්ගන බොහෝ පරිස්සම් වියයුතුයි. (අ)
ඉක්මනට පරීක්ෂණ කරලා ඇත්ත හෙළිදරව් කරන්න. නැතිනම් මේවට වැරදි අර්ථකතන දෙනවා. දැනටමත් පරක්කුයි. (අ)
වෛරය සියලු දේ නැති කර දායි. පඩුපුල් අාසනේ නැතිදෝ රත් උනේ ලංකාවට මොකද මේ උනේ (නදී)
ප්‍රියංක මහත්මයාණෙනි, බුද්ධාගම (බෞද්ධ ධර්මය)නැතහොත් බුද්ධ යන වචනය “බුධි” යන වචනයෙන් බිදී ආවකි. එහි තේරුම අවධිව සිටීම යනුයි. එබැවින් බුදුදහම යනු අවධිව සිටීමේ නැතහොත් සිහියෙන් යුක්තව කල් ගෙවීමේ දර්ශනයයි. ආගම යනු කිසියම් සිතුවිලි පද්දතියක් මත විශ්වාස කරන්නාවූ ඒ මත පදනම් වූ ඇදහීමකි. ආගම සහ දහම යන වචන දෙක දර්ශනය ආශ්‍රිත වචන දෙකකි. එය ඉතා සරලව මෙසේ කීවද, මේ කොම්මෙන්ට් එකකින් අපට පැහැදිලි කල නොහැක. බුදුන් වහන්සේ විසින් අප වෙත පෙන්වා දුන් මග පෙන්වීම, එක වර ධර්මයක් හා විස්වාසයක් මත පදනම්වූ සහ ලොව පවතින සත්‍යවූ ස්වභාව ධර්මයන්ට අනුකුලවූ ඒ මත පදනම් වූ දර්ශනයකි. (නදී)
මේවා රක්ෂණ වන්දි ගන්න කරපුව වෙන්නත් පුළුවන් (අ)
මේක ගැන ඇත්තටම විදිමත් පරීක්ෂණයක් අවශ්‍යයි (දී)
මහින්ද කැලිෆෝර්නියා ඔයාගේ නමින්ම පේනවා ඔයා හිතන්නේ කොහොමද කියලා (නදී)
ඉන්දික, දැනටම වැරදි අර්තකතන දීලා ප්‍රචාරය කරමින් තමයි ඉන්නේ. අපිට බය අපි ගැනයි. මොකද මැද පෙරදිග රටවල කී දාහක් ලංකාවේ අය රැකියා කරනවද? (නදී)
ඉන්දිකගේ කීමට මාත් එකගයි. රටේ කෝලාහලකාරි තත්වයක් අැති මෙවැනි අවස්ථාවක මේ වගේ සිද්ධි නිසා වෙන වෙන ප්‍රශ්න අැති විය හැකියි. ඒ නිසා ඉක්මනින් නිවැරදි හේතුව හෙලිදරව් කරනවා නම් ගොඩාක් හොඳයි.(නදී)
මෙතන තියෙන්නේ ජාතිවාදය නෙමෙයි ව්‍යාපාරික වාදය . හොර කල්ලි මුස්ලිම් මිනිසුන්ගේ ව්‍යාපාර අතට ගන්න හදනවා. (දී)