
(අංජුල මහික වීරරත්න)
ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්රතිලාභ යෝජනාක්‍රම පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1990 අංක 23 දරන ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්රතිලාභ යෝජනාක්‍රම පනතේ විධිවිධාන හා රෙගුලාසි, කාලීන අවශ්‍යතාවයන් හා ධීවර ප්‍රජාවට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. එම පනතට සිදු කළ යුතු යෝග්‍ය සංශෝධන යෝජනා කිරීම පිණිස නිලධාරී කමිටුවක් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරනු ලැබ ඇත. ධීවර විශ්‍රාම වැටුපට දායක වීම මත ලැබෙන ප්රතිලාභ ඉහළ නැංවීම සඳහා සහ ධීවරයින් වයස්ගත වීමේදී සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා ධීවර විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්රතිලාභ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම පිණිස එම කමිටුව විසින් යෝජනා ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී යෝජනා මත පදනම්ව 1990 අංක 23 දරන ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්රතිලාභ යෝජනාක්‍රම පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd