IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ධිවර යාත්‍රාව නැවක හැපි 3ක් අතුරුදහන්: 4ක් බේරා ගැනෙයි

(ඩී.ජී.සුගතපාල සහ ගයාන් සූරියආරච්චි)

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් නැවක හැපි පෙරලි අද (03) අලුයම අනතුරට ලක්ව ධිවරයින් තිදෙනෙකු අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි.

"නිහතමානි 01" නමැති මෙම බහුදින යාත්‍රාව ඉකුත් 25වනදින ධිවරයින් හත් දෙනෙකු සමග ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර දකුණු මුහුදේ නාවික සැතපුම් 265ක පමණ දුරදි නැවක හැපිමෙන් අනතුරට ලක්ව ඇත.

යාත්‍රාව පෙරලි ධිවරයින් සියලු දෙනා මුහුදට වැටි ඇති අතර වෙනත් යාත්‍රාවක් මගින් හතර දෙදෙනකු බේරාගෙන ඇති බවත් තිදෙදෙනකු අතුරුදහන්ව ඇති බවත් පොලිසිය පවසයි.

මේවන විට නාවික  හමුදාවේ නාවික නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටින බව නාවික හමුදාව කියයි.

අතුරු දහන්වු ධිවරයින් සොයා නාවික හමුදාව විශේෂ සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර ඇති අතර වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මෙශාන් ද සිල්වා මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (0)

ධිවර යාත්‍රාව නැවක හැපි 3ක් අතුරුදහන්: 4ක් බේරා ගැනෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site