(ප්‍රදීප් කුමාර)

යාපනය වඩමාරච්චි නැගෙනහිර කට්ටකාඩු ප්‍රදේශයේ ධිවර වාඩි තුනක කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි වාර්තා වෙයි

එම ගින්න ඇතිවු අවස්තාවේ ධීවරයින් ගින්න නිවිමට දැඩි පරිශ්‍රමයක් දැරුවද ඒ වන විටත් ගින්නෙන් ධීවර වාඩි තුනම සම්පුර්ණයෙන් විනාශයට පත්වු බවට ධීවරයෝ පවසති.

මෙම ගින්නෙන් ලක්ෂ 10 ට අධික වටිනාකමක් සහිත දැල් ආම්පන්න ඇතුළු ධීවර උපකරණ රැසක් ගිනිගෙන විනාශවු බවට ධීවරයෝ කියති.   කිසියම් පිරිසක්  මෙම ධීවර වාඩි සදහා ගිණි තබන්නට ඇති ඔවුහු චෝදනා කරති.

ධීවරයන් තිදෙනකුට අයත් ධීවර වාඩි මෙසේ ගිණි ගෙන විනාශවි ඇති අතර ධීවරයන් සිද්ධිය සම්බන්ධයෙන් මරතන්කෙර්ණි පොලීසියට පැමිණිළි කොට තිබේ ඒ අනුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදු කරණු ලබයි