ධීවරයන්ට ටැබ් පරිගණක ලබාදීමට 2017 වර්ෂය සඳහා රජය රුපියල් කෝටි 18ක් වෙන් කිරීමට තීරණය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (1) පැවසීය.
ලබන වසර සඳහා වන සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ධීවර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම කරුණු කීවේය.
යුරෝපා සංගමය විසින් මෙරටට පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම පැනවීම සඳහා බලපාන ලද කරුණු තුනක් වූ බවත් එම කරුණු සැලකිල්ලට ගනිමින් මෙලෙස ධීවරයන්ට ටැබ් පරිගණක දීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදි කීය.
නීති විරෝධී, නියාමනය නොකරන සහ වාර්තාගත නොකෙරෙණු ධීවර කටයුතු පිටුදැකීමේ අරමුණින් යුරෝපා සංගමය පනවන ලද නීති රීති පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක නොකිරීම නිසා යුරෝපා සංගමය අප රටට එරෙහිව මත්ස්‍ය තහනමක් පැනවූ බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් බතල කොළ හිටවමු (නි)
ඔය ටැබ්ද මොකක්ද එකට ලුණු වතුර හොඳයිද මන්දා. (නි)
කලබල වෙන්න එපා. මේ ධීවරයෝ කියන්නේ මුදලාලිලාට. එයාල මාළු අල්ලන්නේ ගොඩ ඉඳලා. (නි)
ඇයි කාටත් අමතකද එක ආණ්ඩුවකින් ගොවියන්ට දෙන්න කියලා ටැක්ස් අඩුකරලා පැජරෝ වාහන ගෙන්නුවා. දියවන්නාවේ ඉන්න සේරම ගොවි මහත්හොරු ටික එහෙ වවන නිසා ඒ ගොල්ලන්ටම ගෙන්නවා ගත්තා. ගිහින් බලන්නකෝ බොරු නම් අර දුෂ්කරයි කිව්වට දඹුල්ල පැත්තේ ගොවි මහතුරු , ඔය ඈත පැතිවල ගොවිමහත්තුරු යන්නෙම පැජරෝ වලින්. ඒ වගේ මාළු ටික ඉන්න තැන හරියට බලා ගන්න ඒගොල්ලට ටැබ් එකෙන් පුළුවන් වෙයි. රට පෙරට අපි වළට කියලා (නි) ඉරිසියකරන්නේ නැතිව අපි සතුටු වෙමු.\n
කවුරුහරි දන්නවද මේ හැමදේටම ටැබ් ගෙන්නන්නේ පිටරටින්ද කියලා? (නි)
යුරෝපයට ඕනෑ පදයටද අපි නටන්න ඕනෑ? අබුද්දස්ස කාලේ! (නි)
මාළුන්ට අයිෆෝන් එක ගානේ දුන්නොත් වැඩේ තවත් ලේසි වෙනවා! (ර)
මාළු අල්ලන්නද? (නි)
ධීවරයන්ට ටැබ් පරිගණක ලබාදීමට වඩා අවශ්‍ය දෙයක් එම අය වෙනුවෙන් කරන්න ඇත්තෙම නැද්ද? (නි)
කවුරුහරි ටැබ් කොම්පැණියක් එක්ක ඩීල් එකක් ගහලා වගේ (නි)
එහෙනම් ඉතින් ඒකත් හරි (නි)
මුහුද මැදට ගිහින් ටැබ් එක ඔන්කරලා ඇමට දාන්න. ගජමෑන් කාටුන් වලටත් වැඩිය හොඳයිනේ පාර්ලිමේන්තු කාටුන් (නි)
ටැබ්, වයිෆයි සීනි බෝල කවලා රටේ දැවෙන ප්‍රශ්ණ විසඳන්න බැහැ.(ර)
හරක් බලන කොල්ලොන්ටත් ටැබ් ටිකක් දුන්නොත් නරකද (ර)
වෙන් කරනවා පමණි. කිසිම දෙයක් ක්‍රියාත්මක නැත. ඊළඟ අයවැයේදී අායෙත් වෙන් කරනු ලැබේ. මුදල් නොව වෙන්කරනුයේ වචන පමණි (නි)
අවශ්‍ය තැනට අවශ්‍ය දේ කලානම් හොඳයි (ර)
ඕවට වඩා ප්‍රශ්න නැද්ද විසදන්න (ර)
කාලයක් බ්‍රේස්ලට් සහ චේන් දුන්නා. දැන් ටැබ්ලට් දෙනවා. පරිණාමයේ ලකුණු. (නි)
ධීවරයන්ට නවීන ධීවර උපකරණ සහ හොඳ විධිමත් පුහුණු වැඩ සටහන් පෙළක් නොවෙයිද අවශ්‍ය ටැබ් පරිගණක වල කලින්? නොදන්නා කමටයි ඇහුවේ.(බ)
රටේ මිනිසුන්ට මාළු ටික දෙන්න, ෆෝමලීන් දාපු කුකුල් මස් නැතුව. ඔක්කොම විකුණාගෙන කන්න ඕනෑ මොවුන්ට (නි)
දැන් ඔය යුරෝපා සංගමය අපේ අපනයන තහනම් කරලා තිබුනේ ඔය ටැබ් නැති නිසාද? (නි)
ඉන්ටර්නෙට් සිග්නල් වලින් මාළු අල්ලන්න වෙන්න ඇති ටැබ් පරිගණක ධීවරයන්ට දෙන්න යන්නේ. (නි)