හලාවත දී පොලිස් වෙඩි පහරින් මියගිය ඇන්ටන් ප‍්‍රනාන්දු (32) ධීවර කාර්මිකයාගේ බිරිය නිලූකා සුදර්ශනී (30) අබුඩාබියේ සිට අද අලූයම කටුනායකින් සිය රට පැමිණියාය. හඬා වැටෙමින් ගුවන් තොටෙන් එළියට ආ ඇය මිනිත්තු කිහිපයක් කිසිත් කතා කැරගත නොහැකිව සිටියාය මාසයකව පමණ පෙර රැකියාවට ගියේ දරු දෙන්නාට උගන්වා ගැනීම සඳහා බවත් ඒ වෙනුවෙන් කණකර උගස් කැර රුපියල් ලක්‍ෂ එක හමාරක් ද ණය වූ බවත් ඈ කීවාය.