IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ධීවර සංස්ථාව ගාල්ලේ මාළු අස්වැන්න මිලදී ගනී

 
(ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල ධීවර වරායේ ධීවර කාර්මිකයන්ගේ මත්ස්‍ය අස්වැන්න අද (26) මිලදී ගැනිමේ කටයුතු  ධීවර සංස්ථාව, ටින් මාළු කාර්මාන්ත ශාලාව හා පුද්ගලික ආයතන මගින් ආරම්භ කොට ඇති බව ගාල්ල ධීවර වරායේ කළමණාකරු නෙරන්ජන් දිසානායක මහතා පවසයි.

ධීවර ඇමතිවරයාගේ උපදෙස් මත ධීවර සංස්ථාව මගින් මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනිම ආරම්භ කළ බවද ධීවර වරායේ කළමණාකාරවරයා සදහන් කළේය

මේ පිළිබදව අදහස් දක්වමින් ගාල්ල ධීවර වරායේ කළමණාකාරවරයා මෙසේද කිවේය.

"21 වැනිදා සිට අද (26) දක්වා කාලය තුළදී මත්ස්‍ය අස්වැන්න නෙලාගෙන යාත්‍රා 102ක් පැමිණ තියෙනවා. අද දිනයෙත් ධීවර යාත්‍රා 18ක මසුන් ගොඩ බැමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. සෞඛ්‍ය හා නිරෝධායන නිතිරිතිවලට අනුකුලව මෙම කටයුතු කරගෙන යනවා. මසුන් ප්‍රවාහනය කිරිම සදහා ලොරි රථවල ගැටළුවක් තියෙනවා. ලින්නා රුපියල් 110, ලේනාව රුපියල් 100 කට, කෙලවල්ලා 350කට, තල්පත් රුපියල් 750කට, කොප්පරා රුපියල් 600 කට වැනි මුදලකට මිලදි ගන්නවා."

ගාල්ල ධීවර වරායේ ධීවර කාර්මිකයින් 600 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණයට ලක් කළ බවත්, අද දින ඉන් 178 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ නිකුත් වූ බවත්, ඉන් කිසි‍වකුට කොරෝනා ආසාදනය වී නොමැති බවත් කළමණාකාරවරයා වැඩි දුරටත් සදහන් කළේය.

 



අදහස් (0)

ධීවර සංස්ථාව ගාල්ලේ මාළු අස්වැන්න මිලදී ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 178 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 56 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site