අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමට ආ ඉන්දියා ධීවරයින් 37 දෙනා නිදහස් කර ගැනීම සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදු කරන්නැයි ඉල්ලා තමිල්නාඩු මහ ඇමැති ඕ.පනීර් සෙල්වම් ඉන්දීය අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමට ආ ඉන්දියා ධීවරයින් 37 දෙනා නිදහස් කර ගැනීම සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදු කරන්නැයි ඉල්ලා තමිල්නාඩු මහ ඇමැති ඕ.පනීර් සෙල්වම් ඉන්දීය අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මාලු බෝට්ටු අයිති තමිල්නාඩුවේ ඉන්න දේශපාලකයින්ට. ඒක ඉන්දීය මධ්‍යම රජය දන්නවා. ඉන්දියානු සීමාවට අයිති මුහුදු තීරයේ මාලු අඩුයි. ඒක නිසා මුහුදේ ලංකාවට අයිති පැත්තට ඇවිල්ලා වාර්ෂිකව බිලියන ගණනක මාලු කොල්ලකනවා. කීයක් ගියත් කමක් නැහැ චීනෙට හරි කාටහරි කියලා, එහෙමත් නැත්නම් දැන් මුහුද ගොඩකරන්න ලබන අත්දැකීම් අනුව ලංකාවේ ඉංජිනේරුවරුන්ගේ සේවය හරි යොදාගෙන, ලංකාවයි ඉන්දියාවයි වෙන්කරන මුහුදු සීමාව කලු ගල් වැටියකින් වෙන් කරන්න කාලය හරි. ඒ හරියේ මුහුද එච්චර ගැඹුරු නැහැ. ඒකනේ රටවල් දෙක යාකරලා පුරාණයේ කලුගල් පාලමක් හදලා තියෙන්නේ. නැත්නම් සදාකාලයටම මේ ප්‍රශ්ණය තියෙයි. (නි)
අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදේ මසුන් මැරීමට ආ ඉන්දියා ධීවරයින් 37 දෙනා නිදහස් කරගන්න පළමු, ඔවුන්ට ශ්‍රී ලංකා මුහුදු කලාපයට එන්න එපා කියන්න මේ අයට බැරිද? කොහොම වුණත් අපේ මුහුදු තීරය ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයන්ගෙන් අපේ ධීවරයන් ආරක්ෂා කරගැනීම රජයේ යුතුකමක් වන අතර එය දිගටම කරගෙන යායුතුය. (නි)
ඉන්දියාව මහා ලොකු රටක් වුනාට අසල්වැසි උනාට බලහත්කාරයන් අපේ මුහුදට ඇවිත් මාළු අල්ලන්න දෙන්න බැහැ. (නදී)
ලංකාවේ මාළුත් කොල්ලකාලා තව කෑගහනවා. (නි)
අපේ මිනිස්සුන්ව රවටන එකයි කරන්නේ.ඉන්දියාවට ඕනා විදියට වැඩේ සිද්ධ වෙයි. (ස)
මේ ධීවර ගැටළුවට නම් ස්ථිර විසඳුමක් ඉක්මණින් අවශ්‍යයි (නි)
අත්අඩංගුවට ගත් අය ලඟදීම හුවමාරු වේවි. (ස)
මේක හරිම ලේසියෙන් විසඳිය හැක. තමිල්නාඩු අගමැති එයාලගේ ධීවරයින්ට කියන්නේ ලංකාවේ මාලු අල්ලන්න වතුරට එන්න එපා කියලා. (නදී)
මොවුන් උපයෝගී කරගන්නේ තහනම් පන්න ක්‍රම. ඒවායින් ඉන්දියාවේ මසුන් ගහනය අඩුවී ගොසින්. ඒ නිසා ලංකාවේ මුහුදට එන්නේ. වාර්ෂිකව ඉස්සන් සහ කකුළුවන් ඩොලර් බිලියන ගණනක අපනයන ව්‍යාපාරයක් මේක. හිතන්න එපා එන්නේ මාලුවෙක් දෙන්නෙක් අල්ලගන්න කියල. තව ටික දවසකින් ලංකාවේ මත්සය ගහනය සහ බෝවීම දරුණු ලෙස පහත යනවා. (ස)
මෙයාල නම් මහා හිසරදයක් අපේ රටට. (නදී)
මේක උගතෝ කෝටික ප්‍රශ්නයක්නේ. (නදී)
මුළු යුරෝපයම එකට සංගම් පිහිටුවාගෙන ප්‍රශ්නවලට මුහුණදෙනවා. ශ්‍රී ලංකාවත් එහෙම කරන්න ඕනෑ නේද? (නි)
ශ්රී ලංකාව චීනය සමඟ එකතුවී ප්‍රශ්න වලට මුහුණදිය යුතුයි. (නි)
දැන් ඉතින් ව්‍යවස්ථා සංශෝධනය කර කර ඉන්නේ නැතුව රටේ තිබෙන ප්‍රශ්න වලට විසඳුමක් හොයන්න උනන්දු වෙන්න (නි)
අනේ නිදහස් කරන්න කමක් නැ. අහිංසක ඉන්දියනුවොනේ (නදී)
මේ වැඩේට එකම විසඳුම හරියට එක දඬුවමක් දෙන එක (නි)