ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින තමිල්නාඩු ධීවරයන් නිදහස්කැර ගැනීමට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස සෙනසුරාදා රාමේෂ්වරම්හි දී උද්ඝෝෂණයක් පැවති බව ‘‘ද හින්දු“ පුවත් වෙබ් අඩවිය පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ ඉන්දීය ධීවරයන් 14 දෙනකු සිටින බව උද්ඝෝෂකයෝ පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන් නිදහස්කරන්නැයි උපදෙස් දී ඇතත් මෙතෙක් නිදහස්කැර නැතැයි ඔවුහු කියා ඇත.
තමිල්නාඩුවේ දෙමළ මන්නිලා කොංග්‍රසය සහ තමිල්නාඩුවේ රාමේෂ්රම් හි ධීවර පවුල් මේ විරෝධතාව සංවිධානය කැර තිබිණි. ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ ඇති යාත්‍රා සංඛ්‍යාව 80ක් බවත් ඉන් 19ක් අබලන්ව පවතින බවත් උද්ඝෝෂකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් ..එහෙම තමයිලු? අපිත් හෙට අනිද්දා දිහාට ඔයාලගේ මුහුදට එනවා හොරෙන් මාලු බාගෙන යන්න.අපිව ආපසු එවයිද? දුක අපිට කියලා වැඩක් නැහැ.අපේ මුහුදු සීමාවට තියා අපේ රටේ හුළඟ වදින දේශසීමාවටවත් නෑවිත් ඉන්නවා නම් තමයි ඔහේලාගේ දුකට පිළියමක් ලැබෙන්නේ. මැති ඇමතිලාගෙ නෙමෙයිනේ ධීවර ආම්පන්න. ඉතින් ඒ මිනිසුන්ට කොහෙන්ද දුකක්? (නි)
මොකටද හොරෙන් මාළු බාන්ඩ අපේ මුහුදට එන්නේ. (නදී)
එතකොට තමිල්නාඩු අත් අඩංගුවේ ඉන්න අපේ ධීවරයෝ? එහෙ හිරගෙවල්වල ඉන්න අපේ අයට දවසකට කන්න දෙන්නෙත් එක වේලයි (නදී)
මොකටද මේ පැත්තට එන්නේ ? (බ)
මේක පුදුම වැඩක්නේ. අපේ ගෙදරට ඇවිල්ලා අපිටම ගහනවා (නි)
මේ අල්ලන මිනිස්සු නිකම්ම නිදහස් කරන එක නවත්වන්න. නාවික බෝට්ටු වලට පැට්‍රල් ගහන්නේ ජනතා මුදලින්. ඔවුන් එන්නේ අපේ ධිවර සම්පත සුරා කන්නයි. (බ)
අනුන්ගේ දේවල් අනවසරයෙන් කදාවදා ගන්නවා කියන්නේ හොරකමක්.. එහෙම හොරුන්ව ජනපති අනින් නිදහස් කරනවා නම් හොරකම් වලට සම්බන්ධව ලංකාවේ ඉන්න සිරකරුවන්වත් නිදහස්කල යුතුයි.. (නදී)