මාතර දෙවිනුවර හැලවත්තේ නිවසක 32 හැවිරිදි දෙදරු පියකු මරා දැමීයැයි වැරදිකරුවන් වූ එකම පවුලේ සිව් දෙනකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද මරණ දඬුවම නියම කළේය.
දෙවිනුවර වෙලේගොඩ පදිංචි පටබැඳි මද්දුමගේ ගයාන් , හෙන්දාවිතාරණගේ අසංක , වීරවර්ණ නිලවීර රම්පටබැඳිගේ කුමාර සහ පටබැඳි මද්දුමගේ සනත් තිලංග එසේ මරණ දඬුවම නියම වූවෝ වෙති.
2005 ජූලි 24 වැනි දා හෝ ඊට ආසන්න දිනයක දී පටබැඳි මද්දුමගේ ධනුෂ්ක (32) නැමැති ධීවර කාර්මිකයාට කඩු පොලු වලින් පහරදී ඝාතනය කළැයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනු කර තිබිණි. වසර 11ක් තිස්සේ නඩුව විභාග විය.
නඩුවේ පස් වැනි විත්තිකාරිය ලෙස අධිචෝදනා ලබා සිටි පටබැඳි මද්දුමාගේ රමනී නිදොස් කොට නිදහස් කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීන්දුවක්.(හේ)
යහපාලන හොද දේවල් (බ)
දැන් බලමුකේ තාජුඩීන් නඩුවෙත් විත්තිකාරයෝ පෝළිමට එල්ලන හැටි. (නි)