(හර්ෂණ තුෂාර සිල්වා)
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විෂය සහ කාර්යය රැසක වගකීම විශේෂ ගැසට් පත්‍රයකින් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට පවරා ඇත.
පසුගිය මාර්තු 02 වැනිදා ගැසට් පත්‍රය මගින් පෙබරවාරි මස 22 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එම වගකීම් පවරා ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අද (27) සඳහන් කළේය.
මේ අතර මීළඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පරිසර අමාත්‍යාංශය යටතේ පවතින වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ධීවර සහ නාවික ඉංජිනේරු ආයතනයත් (සාගර විශ්ව විද්‍යාලය) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතට පැවරෙනු ඇතැයි ද පසුගිය සතියේදී වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට මොනවා පැවරුවත් ඔහේ යන හැටියට වැඩ සිද්දවෙනවා මිසක්, දිනෙන් දින ජන ජීවිතය දුකෙන් දුකට යනවා මිසක්, හම්බ කරන්න අවස්ථා වැඩිපුර තියෙන කට්ටිය පුළුවන් තරම් හම්බකරනවා මිසක් රට ගැන හිතල තීරණ ගන්නවද මේ ගොල්ල? කැබිනට් එකේ සාමුහික වගකීම හරි හැටි තියෙනවනම්, කවුරු කොයි එක දැරුවත් මොකද?