නාගොඩ ප්‍රාදේශීය සභාව සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය සැණකෙළියේ පැවැත්වුණු මීටර් 1000 ධාවන තරඟය අතරතුර ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන්  තරඟකරුවකු මියගොස් ඇති බව නාගොඩ පොලිසිය කියයි.

ඔහු තරඟයේ දෙවන වටයේ දුවමින් සිටියදී ඇද වැටුණු බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.  මෙලෙස මියගොස් ඇත්තේ මාර්ග කම්කරුවකු ලෙස සේවය කරන නාගොඩ පදිංචි උඩුගම ගමගේ ප්‍රේමරත්න(50) නම් පුද්ගලයෙකි.