‘තව අවුරුදු දෙකකින් ඔබට පැයයි විනාඩි පහළොවකින් කොළඹ යන්න පුළුවන්. එහෙම නැතිව බරකරත්ත යුගයට ගෙනියන්න බෑ මේ රට. මේවා සංවර්ධනය කරනකොට පහර දෙනවා. මේ මඩ පහරවල් එදා තෙන්නකෝන් ඇමැතිතුමාටත් තිබුණා මට මතකයි. ධර්මපාලතුමාටත් කියපු කතා ඔබට මතක ඇති. මේ රට සාරධර්මවලින් පිරි රටක් කරන්න ඉදිරියේ අපට තිබෙනවා. ‘ යැයි මහින්ද රාජපක්ෂ ජනපති දඹුල්ලේ ඡන්ද රැලියක දී කීවේය.
‘තමන්ගේ පියාට පහර දුන් පිරිසක් ළඟට ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා යනවා කියා තමයි මෙයාලා ප්‍රචාරය යැව්වේ. මම එතුමගෙන් ඒ ගැන ඇහුවේ නෑ. මොකද මා දන්නවා ඔහුගේ හදවත තිබෙන තැන.‘
ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා -
‘අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එලවන්න කිසිම ජගතෙකුට බෑ. අපි මැරුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලා යන්නේ නෑ. ජනාධිපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් මා කැප වෙනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි දහස් ගනන් වියදම් කරලා කර ඇඹිලිපිටියේ අලුත් ජනාධිපති මන්දිරයක් හැදුවා කියන්නේ බොරුද එතකොට. අලුත් හෙලිකොප්ටර් 6 ක් ගෙනාවා කියන එකත් වෙනම එක එක්කෙනාට පයිලට්ල වෙන්කරගත්තා කියන ඒවත් බොරුද ? (නදී)
ධර්මපාලතුමාගේ චරිතය ආදර්ශයට ගෙන වැඩ කිරීමට හැකි නම් අද මේ සිරිලක සුරපුරයක් වනවා නියතයි (නි)
ධර්මපාලතුමාට සමාන කරන්න පුළුවන් කෙනෙක් තවමත් මිහිපිට නොමැති බව මගේ හැඟීමයි (නි)
රටේ කලින්ට වඩා වැඩි දියුණුවක් ඇතිවෙමින් පවතිනවා. සමහරු නඟන චෝදනාව මේ ආණ්ඩුවේ දුෂණ වංචා ගසාකෑම් ගැනනේ.මම දන්නා අතීතයේ නම් මොන ආණ්ඩු බිහිවුණත් මේ කියූ දේවල් සිද්ධ වුණා.මොනවා වුණත් පහුගිය ආණ්ඩුත් එක්ක සන්සන්දනය කරද්දී අපි කාටත් පෙනෙන සංවර්ධනයක් වෙලා තියෙනවා. (නි)
පාලිත මහින්ද -ඉතාලිය, ඔයා ඉතාලියටම වෙලා ඉන්න (නි)
ටියුනිසියාවේ බෙන් අලිත් බලය රැක ගන්න නොකරපු දෙයක් නැහැ.අසරණ මිනිසුන්ගෙන් ගසා කාපු මුදල් විසි කළාට බුද්ධිමත් ජනතාවගේ විරෝධය මැද්දේ පල්ලන් බහින්න සිද්ද වුණා.(හේ)
එදා ධර්මපාලතුමාගේ කාලයේත් අද කාලයේ වගේ අය හිටියද දන්නේ නැහැ. (නි)
කට්ටිය හොදට හූ කියනවා. මේ වීඩියෝ එකේ ඒ ටික පැහැදිලි නැති කරලා. මුහුණු පොතේ ඒක හොදට තියෙනවා (බ)
මෙික දැන් තනිකරම මඩ දේශපාලනයක් වෙලා එහාට ගහනවා මෙහාට ගහනවා ලංකාවෙි වැඩියෙන්ම මඩ ගහලා ඇත්තේ වැඩියෙන්ම හොරා කියලා ඇත්තේ අනගාරික ධර්මපාලතුමාටයි. (බ)
එදා ධර්මපාල තුමා කියපු දේවල් අද ක්‍රමයෙන් ඇත්ත වෙමින් තිබෙනවා. සිංහලුන් චීනයේ යටත් විජිතයක් වේවිද කියන බය තියෙනවා. අපිට ගෙවන්න බැරි ණය කන්දරාවක් අපේ හිස මත වැටිලා තියෙනවා. චීන පදයට නටන්න වෙලා තිබෙනවා. ධර්මපාලතුමා කියපු විදිහට අපිට අද ඇති එකම සරණ මෛත්‍රී පාලනයයි (බ)
නුතන ධර්මපාල නොහොත් මෛත්‍රීපාල මහතාණනි, මාගේ මාතෘභූමිය චීන නව යටත් විජිතවාදයෙන් ගලවා දෙන්න.(හේ)
මොන වරදකටවත් පක්ෂය මාරු කරලා යන්නෙ නෑ කියන කෙනෙක් කොහොමද ජනතාවට සේවය කරන්නේ? (හේ)
මේ වීඩියෝ එකේ හැටියට, මේක නම් හිතා මතාම කරන කඩාකප්පල් කිරීමක් වගේ මටනම් හිතෙන්නේ.(හේ)
ණය ගැන කතා කරනකොට අපි බලවතා කියන ඇමැරිකාව තමයි ගොඩක් ණය . බොන්ඩ් කියලා ලෝකේ ඉන්න අයට විකුණලා ණය හදනවා ..ණය නැති රටක් නැත.. රට දියුණු කරන්න ණය ගන්න වෙනවා.. කලින් අය ණය අරගෙන ගෙදර ගෙනිච්චා.. මේ අය කොටසක් රටටත් දාලා බව අපි දන්නවා.(හේ)
ඔබ දිගටම සිටියොත් තව වසර දෙකකින් අපි කොපමන ණය වෙයිද?(හේ)
පින් සිද්ධවෙයි ජනාධිපතිතුමෝ. . ධර්මපාලතුමයි ඔබතුමයි සංසන්දනය කරන්න එපා. එතුමාට අගෞරව කරන්න එපා. එතුමා බොහොම අල්පේච්ච ජීවිතයක් ගත කළ සරල උත්තමයෙක්. (බ)
කොහොමත් ඵල ඇති රුකටනේ මහත්තයෝ ගල් ගහන්නේ (නි)
තෙන්නකෝන් මහත්තයා හරි පිල් මාරු කරන්න එපා (දී)
දියුණුවෙන ලෝකයේ දියුණුවත් සමග පාරවල් සංවර්ධනය විය යුතුය. එහෙත් මාර්ග සංවර්ධනය මුවාවෙන් කෝටි ගණන් මුදල් ගසාකන්ඩ ඉඩදීම මුළුමහත් ප්‍රජාව පිළිකුලෙන් හෙළා දකිමු (බ)
එතුමා එහෙම කරනවානම් හොඳයි (දී)
ඔබතුමාට බැරිවූ නිසා "මේ රට සාරධර්මවලින් පිරි රටක් කරන්න ඉදිරියේ අපට තිබෙනවා" එක නිසා අපි මෛත්‍රී පාලනයක් ගැන විස්වාස කරනවා. (හේ)
මේක පුදුම ලෝකයක්. හැබැයි ලෝකෙන්ම උතුම් රට ලංකාවලු? (නි)
ජනාධිපති තුමනි අප ඔබ සමගයි.. ජයවේවා.(හේ)
නිරුප, ණය අරගෙන රටේ මිනිස්සුන්ගේ ආර්ථිකයට වැඩක් වෙන දේවල් කරන්න ඕනේ, අතීතය වැරදි කරපු අයව බලයෙන් පහකරලා ඒ අයගේ වැරදි හදාගන්න කාලය ඒ අයට කාලය දුන්න, නමුත් වැරදි කරන කෙනාට බලය දුන්නොත් ඒ බලය එයාට තව තවත් වැරදි කරන්න දෙන බලයක් වෙනවා. අතීතයේ කවුරු හරි වැරදි කරා කියන එක වර්තමානයේ තවත් කෙනෙකුට වැරදි කරන්න දෙන බලපත්‍රයක් නෙවෙයි. (හේ)
සහතික ඇත්ත ජනාධිපතිතුමනි.(හේ)
බොහොම හොඳයි ධර්මපාල තුමා ගැන කතා කරන එක. මොකද එතුමාට ඕනි වුනේ අපේ රට ශීලාචාර දියුණු රටක් කරන්න. ඒත් මේ සමහරු වැඩක් කළොත් බාගෙටත් වඩා ගහනවා. අර කෝප් කමිටු වාර්තාවල පෙන්නපු දුෂිතයන්ට එරෙහිව කිසිම පියවරක් ගන්නේ නැහැ. හැන්ද අතේ නිසා තමන්ටම බෙදාගන්නවා. කුඩු එතනෝල් ගෙනත් පහුවදා පන්සල් එහෙමත් ගිහින් රටටම පේන්න සුද්ධවන්තයෝ වෙනවා. සමහරු රජවරු වගේ වාහන පිරිවරා ගෙන පාරෙ යන්නේ. (බ)
වැඩක් කරන කෙනා තමයි කතාවට ලක්වෙන්නේ. වැඩ නොකළා නම් මොකුත් නැහැ. ඔබතුමාට බනින්නේ එ්කයි. එ්ත ඔබතුමාව පත් කළේ රටටම වැඩ කරන්නයි. මෙවර 2015 දී ඔබතුමාට කරන්න තිබෙන්නේ නිතිය හරියට ක්‍රියාත්මක කරන එකයි. (නදී)
සමන්,සේරසිංහ නව චීන යටත් විජිතවාදය, අමෙරිකන් යටත් විජිතවාදයට වඩා හොඳයි. (බ)
රට සාරධර්ම වලින් පිරෙන්න නම්, රටේ නීතිය ස්ථාපිත වෙලා, වැරදිකරුවන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ. (නි)
ධර්මපාල තුමා කියන්නේ බෝසත් චරිතයක්. දැන් එහෙම අය නැහැ. (බ)
සාරධර්ම රටක් කරන්න හදන්නේ......එතකොට කුඩු,එතනෝල් .කැසිනෝ සූදු වලට යන කලදසාව ගැන හිතන්නේ නැතුවද? (බ)
ධර්මපාලතුමා කියන්නේ රට, ජාතිය, ආගම ගැන ආදරයකින්, කැක්කුමකින් ක්‍රියාකළ උත්තම පුරුෂයෙක්. (නි)
9 වෙනිදට මේ අයට නියම පිළිතුර අපි දෙන්නම් ජනපතිතුමනි. (නි)
මෛත්‍රීට අද මඩ ගසන්නේත් එදා ධර්මපාල තුමාට මඩ ගැසූ පරපුරේ අයයි. (නදී)
ධර්මපාලතුමා වැනි අය දැන් සොයාගන්න අපහසුයි (නි)
උදාහරණ වලට අරගෙන ධර්මපාල තුමා වගේ කෙනෙකුට අප අපහාස නොකළ යුතුයි. (ර)
මහවැලි එකෙන් ඒක හදපු අය ආසියාවේ 7 වෙනි පෝසතා වුණා. කඩිනම් මහවැලිය කරලා . ඕක සිරිමා අවුරුදු 12 කට කරන් කටයුතු කරලා තිබුනේ . කඩිනම් කියලා කරලා කෝටී ගණන් ගැහුවා. (අ)
සමීර, ඔබ හරි. මේ මිනිසුන්ට කිවුවට තේරෙන්නේ නැහැ. අපේ මිනිසුන්ට ඒක තේරෙන්න අවුරුදු 20ක් විතර යයි. එතකොට පෙරහැර ගිහින් තමයි. (නි)
ධර්මපාලතුමා අවිහිංසාවාදී පුද්ගලයෙක්.ආදර්ශවත් චරිතයක්. (නි)
චීනය කිසිම රටක් යටත් කරගෙන ඉඳලා නැහැ.ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් තමයි ආසියාවේ හා අප්‍රිකාවේ රටවල් හූරාගෙන කෑවේ.අපේ ජනාධිපතිතුමා තව දෙවරක්වත් අපේ රට පාලනය කරන්ට ඕනෑ (නි)
අනේ මොහාන්, ඔයයි මමයි දන්නා නව යටත් විජිතවාදය? (නි)
දඹුල්ලේ අයට කොළඹ යන්න හදිස්සියක් නැහැ . අපේ බදුවලට සාධාරණයක් කරනවානම් .(අ)?
චීන යටත් විජිතවාදය හොඳයි කියන අයගේ ලෝකය ගැන තියන දැනුම ගැන බෙහෙවින් කණගාටුයි. ඒක තේරෙන්න අවරුදු 20ක් විතර යයි. එතකොට පෙරහැර ගිහින්. (නදී)
ඔබේ කතාව ඇත්ත. ජයවේවා අපේ ජනාධිපතිතුමාට (නදී)
මොහාන් ඔබ හරි.(හේ)