ත්‍රිපිටක ධර්ම අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (3) ප්‍රකාශ කළේය.
ත්‍රිපිටක ධර්ම අධ්‍යාපන ආයතනයක වැදගත්කම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ප්රමුඛ සංඝරත්නය තමන් දැනුම්වත් කර ඇති බවත් එවැනි ආයතනයක් ඇති කිරීම සඳහා මහා සංඝ රත්නයේ අනුශාසන බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පැවසීය.
කොළඹ නාරාහේන්පිටදී අද (3) ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා සංඝ මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය..
ආණ්ඩුවක් ලෙස පොදු මහජනතාවගේ සුබ සාධනය සැලැසීම සඳහා කටයුතු කරන අතරම පැවැරී ඇති අනෙකුත් යුතුකම් සහ වගකීම ඉටු කරන බව ද ජනාධිපතිවරයා කීවේය.
මෙරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමීව මෙම කටයුත්තට මූලිකත්වය දී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා කීවේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දැවෙන ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ බුද්ධ ධර්මයේ පිරිහීම නිසයි කියල කියනවා බුද්ධ ධර්මය නිසිලෙස පිළිනොපැද්දොත් කිසි කරදරයක් නොමැතිව වෙනත් ඇගම් මෙරට ආක්‍රමණය කරනවා..
මුලින්ම අර 225 ට ධර්මය උගන්වන්න. (නි)
දැනට රටේ තියෙන ලොකුම ප්රශ්නය මෙය නිසා කඩිනමින් විසඳුමක් ලැබේවි යැයි විශ්වාස කරමු. සාදු සාදු සාදු!!! (නි)
ඔය කරනවා කියන හැමදේම කරන්න පුලුවන් නම් මොනතරම් හොඳද? (නි)
අලුත් දෙයක් නෙමයිනේ භික්ෂු අධ්‍යාපන ආයතන කලිනුත් තිබුනනේ. (අ)
කරුණාබර වීමත් රට ආරක්ෂා කර ගැනීමත් දෙකම කළයුතුයි. අපි බෞද්ධයි කියා රටට පිටින් එන ආක්‍රමණ නොතකා සිටීම නොකළ යුතුයි. රට ආරක්ෂා කිරීම පාලකයන් සතු වගකීමකි. (නි)
හදිසියේ කදුළු ගෑස්, වතුර පහරවල් දෙනවිට ඒවායින් ගැළවීමට හැකි අයගෙන්ම තෝරාගන්න (අපි දැක්කනේ සයිටම් එකට විරෝධය වෙලාවේදි....) (නි)
සිවුරු පොරවාගෙන ඉන්න සමහර අයට ධර්මය ගැන උගන්වන එක නම් ලොකු පිනක් (නි)
හොඳයි හොඳයි. අපිත් සතුටුයි (නි)
පුද්ගලික එකක්ද? (නි)
අපේ ඇමතිතුමන්ලාට ඇති නිදිමත ලෙඩේ බෝවෙන ලෙඩක් වගේ පැතිරෙනවා රට පුරාම (නි)
නැහැ නැහැ ඩිලාන්, අද කාලේ හැටියට න්‍යාය තමයි වඩා වැදගත් වෙන්නේ (නි)
රටම ගිනි ගන්නවා. මෙතුමන්ලා වීණා වාදනය කරනවා. (නි)
දැන් මෙච්චරයි අපේ රටට අඩුවකට තියෙන්නේ (නි)
මුණසිංහ හරියට හරි. (නි)
දිගින් දිගටම අපිව ඇන්දවීමට හේතුවාසනා ලැබේවා! ජය ශ්‍රී! (නි)
30% ධර්ම අධ්‍යාපන බද්දකුත් ගැහුවා නම් වැඩේ සම්පුර්ණයි උතුමාණෙනි. (නි)
බුද්ධ ශක්තිය නිසියාකාරව බලපැවැත්වෙන තැන කිසිදු අන්‍ය ආගමකට එය අබිඹවා යාමට නොහැක. බුදුන් සතරවරම් දෙවිවරුනට ලක්දිව රැක බලාගන්නට පවරා ඇති හෙයින්ද ලක්දිව තුළ බුද්ධාගම චිරාත් කාලයක් සුරක්ෂිතව පවතින බවත් බුදුන් දේශනා කර ඇතිහෙයින්ද එහි ආරක්ෂාව ගැන බිය වියයුතු නැත. කළයුත්තේ සියලු බෞද්ධයින් ධර්මයේ පිහිටීම පමණි. පින්වත් එක සෝවාන් පුද්ගලයෙක් මුළු රටකට සෑහේ. එසේනම් රහතුන් නමක බිහි වේ නම් රටට කෙතරම් භාග්‍යයක්ද. පාලකයින් වහ වහා බුද්ධාගම නඟාසිටුවිය යුතුයි. බුදුන් දේශනා කළේ බෞධයගේ පිරිහීම බෞධයා තුළින්ම ඇතිවෙන දෙයක් මිසක අන්‍ය ආගමිකයන් නිසා බුද්ධාගම නැතිවී යන බවට කිසි සුත්‍රයක සඳහනක් නොමැත. (නි)
අපේ රටේ දැවෙන ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ බුද්ධ ධර්මයේ පිරිහීම නිසයි. නිසියාකාරව බුදුන් දෙසූ ධර්මය අවබෝධය ඇත්තාට කිසිදු ප්‍රශ්නයක් ඇතිවන්නේ නැත.බුද්ධ ශක්තියෙන් ඔහු ආරක්ෂා කරනු ලබයි. රට නිසියාකාරව පාලනය කළ නොහැක්කේද පාලකයන් ධර්මයේ පිහිටා නැති බැවිනි. මෙහි ඇති අනර්ඝ වටිනාකමවත් නොතේරෙන මෙතන අදහස් පළකර ඇති අයගෙන්ම අපේ රටේ බෞද්ධකම පිරිහී ඇති ආකාරය මොනවට පැහැදිලි වෙයි. (නි)
පුදුම කුහක මිනිස්සු අපි අතර ඉන්නේ (නි)
අදහස නම් හොඳයි. නමුත් ඊටකලින් රටේ තැන් තැන් වල බුදුපිළිම කඩා බිඳදමන අයටත් ක්‍රියාමාර්ගයක් ගත්තොත් හොඳයි නේද. (නි)
ජනාධිපතිතුමනි, බුද්ධාගම රැකගන්න ඔබතුමා දරන උත්සාහය අපුරුයි. හැම පවුලකින්ම එක අයෙකු මහණ කිරීම, හැම නිවසකටම බුදු ගෙයක් සහ බෝධියක් තිබීම, උදේ හවස පන්සිල් ගැනීම ආදිය අනිවාර්ය කිරීමද සුදුසුය. (නි)
කතාව නම් දෝලාවටත් වඩා උඩින් යන්න. එ්ත් රට නම් එක අඟලක්වත් ඉදිරියට යන්නේ නැහැ පස්සට යනවා විතරයි (නි)
අපේ රටේ දැවෙන ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ බුද්ධ ධර්මයේ පිරිහීම නිසා කියලා කියනවා. මොනවද මේ ඔබ කියන්නේ. බුද්ධ ධර්මය පිරිහිලා නැත. බුද්ධ ධර්මය නිසිලෙස නොපිළිපැදීමයි තිබෙන්නේ. හැබැයි අපි බුද්ධ ධර්මයේ හැටියට හැම තැනදීම කරුණාබර වුණොත් වෙනත් අය මෙරට බිලිගන්නවා. වෙනත් බෞද්ධ රටවලට සිදුවූ දේවල් ගැන හිතාබලන්න. දැනට අවුරුදු 800 පමණ පෙර තිබු ලංකාවට නම් ඔය කතාව හරි (නි)
ලංකාසිරි මහත්මයා පළකර තියෙන අදහස් හරිම වැදගත්. අද රටේ තියෙන හැම ප්‍රශ්නයකටම හේතුව හැම කෙනෙක්ම ධර්මය නිසිපරිදි අවබෝධ කරගෙන නොසිටීමයි. ජනාධිපතිතුමාගේ මෙම අදහස ඉක්මනින්ම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදාවේවා! (නි)
හොඳයි හොඳයි. ලොකු අඩුවක්නේ ඕක (නි)
ලෝකේ ලොකුම නත්තල් ගහ වගේම මේකත් ලෝකේ ලොකුම එකක් වෙයිද? (නි)
දැනට තියෙන ඒවා ප්‍රමාණවත් නැද්ද? (නි)
සමහරු නොදැනම ආර්ය අපවාදයට ලක්වෙලා (නි)
මින් පෙර කිව්වේ මඩු වලිගෙන් ගහන්න ඕන කියල නේද. ඇයි ඒ ක්‍රමය වැඩ කරන්නේ නැද්ද. (ම)
තියෙන ඒවා හරියට වැඩකරනවද කියලා බැලුවොත් නරකද (නි)
බුදු දහම හරියට අනුගමනය කරනවා නම් මිනිස්සු ඔහොම හැසිරෙන්නේ නැහැ. (නි)
බුදු අම්මේ...! ලංකාවේ තිබෙන ධර්ම අධ්‍යාපන ආයතන ප්‍රමාණය මදිද කියලා අපේ මෝඩකමට නිකමට හිතෙනවා (නි)
ජනපතිතුමනි, දන්නා නිසයි කියන්නේ. මේ ශ්‍රී ලංකාව නම් වූ පුණ්‍ය භුමියේ චිරාත් කාලයක් බුදුදහම රැකෙන්න නම් විදර්ශනා භාවනා ක්‍රමය සමාජගත කරන්න. සියලු ආකාරයේ සමාජ ගැටළු, සියලු විසංවාද නිරාකරණය වෙනවා. (නි)
අපේ ජනතිපතිතුමා මෙහේ මෙහෙම දේවල් කියනවා. අරෙහෙන් යුරෝපා සංගමය සමලිංගිකත්වය නිත්‍යානුකූල කරන්න කතාකරනවා. (නි)
අනුරාධපුරයේ භික්ෂු විශ්ව විද්‍යාලය පටන්ගත්තේ එම අදහස සපුරා ගැනීමටය. අඩුමතරමේ අවුරුදු 10 පමණ කාලයක් බුද්ධ ධර්මය ඉංග්‍රීසි භාෂාව සහ ලෝකයේ දියුණු රටවල භාෂාවන් සාරවත් ධර්මයක් දේශනා කළ හැකි පුහුණුව ලබා දියයුතුය. අද ලෝකයේ දියුණු රටවලට වැඩසිටින භික්ෂුන් වහන්සේලාට එම රටවල් භාෂා දැනුම නැති නිසා විදේශ වියතුන් හට ධර්මය කියාදීමේ හැකියව නැත. (නි)
දැන් තියෙන පිරිවෙන් ටික මදිද? (නි)
ජනපතිතුමනි, ප්‍රායෝගික ධර්මද්වීපයකට වැඩසටහන් වලට අඩිතාලම දාන එකයි වැදගත් වෙන්නේ. න්‍යායන් කොච්චර දැම්මත් අපරාධ අඩුවන්නේ නැහැ. ඒ නිසා දේශපාලන උපදෙස් අනවශ්‍යයි. (නි)