අලුත්ගම ධර්ගා නගරයේදී අද සවස (15) දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය. කලබලය උත්සන්න වීමත් සමග පොලීසිය කදුළු ගෑස් ගැසුවේය.ඒත් කලබලය සන්සිදවීමට නොහැකි විය.
බොදු බල සේනා සංවිධානය අලුත්ගම නගරයේ පැවැත්වු රැස්වීමෙන් පසුව වාහන වලින් ධර්ගා නගරයේ කුරුදුවත්ත විජයාරාමයට යමින් සිටියේය.පොසොන් පෝදා ධර්ම දේශනයකට වඩිමින් සිටියදී පහර කෑමට ලක් වු අයගම සමිත හිමියන් විජයාරාම පන්සලට වඩමවාගෙන යද්දී මේ සිද්ධිය ඇති විය.
බොදුබල සේනා හිමිවරුද ගිහියන් ද ඒ හිමියන් සමඟ වාහන වලින් නගරයට ඇතුළු වෙද්දී දෙපිරිසක් අතර කලබලයක් ඇති වු බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති. පාරේ සිටි අයගෙන් වාහනවල ගිය අයට මුලින්ම ගල් මුල් එල්ල විය .ඉන් පසු දෙපැත්තම ගල් මුල් ගසන්නට විය.
සෑහෙන පිරිසකට ගල් මුල් වැදුණු බවත් ඇතැම් පිරිස් පසු පස හබාගොස් පහර දුන් බවත් මාධ්‍යවේදීයෙක් කියයි. ‘පිරිසක් මටත් ගැහුවා’ යැයි ඔහු සහදන් කරයිනගරයේ කඩ සාප්පු වසා තිබිණි.පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලීසිය සිටියදීම වසා තිබු කඩවලට ගල් මුල් එල්ල විය.ඒ සමඟම නගරයේ සිටි අය හා වාහනවල සිටි අය දුවන්නට වුහ.
ගල් මුල් වැදුණු ඇතැමෙක් දුවන්නට වුහ. වෑන් රියක් ද කඩ දෙකකටද ගිනි ඇවිලි තිබිණි.ඇතැමෙක් පහර කෑමට ලක් වුහ.කදුළු ගෑස් හා ජල එල්ල කරද්දී නගරයේ ඉතිරි වී සිටි පිරිස් ද ඒ අනුව දුවන්නට වුහ.අලුත්ගම නගරයේ කඩ දහයකට පමණ ගිනි තබා ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් නීතිමගින් කටයුතු කරලා සාධාරණී කරණයකට පැමිණෙන්න (දී)
මිනිසුන් විශාල ලෙස කලහා කාරී ලෙස හැසිරිලා තියෙනවා එකනේ කඳුළු ගෑස් ගහන්නේ (දී)
අධිකරණය කියලා එකක් තියෙන්නේ මෙවන් ප්‍රශ්න විසදන්න තමයි (දී)
පිට රට පුවත් පත් මාධ්‍ය මේවා දිහා ඇහැ ගහගෙන ඉන්නේ මතක තියා ගන්න (දී)
මේක ජාත්‍යන්තරයම ලංකාව දිහා බලාගෙන ඉන්න මොහොතක්. මේවට උත්තර දෙන්න වෙනවා කියලා ඇයි හිතන්න බැරි? (නි)
කඩ ගිනි තියලා, වාහන වලට ගිනි තියලා මොනවද මේ කරන වැඩ? ඇයි මිනිසුන්ට හිතන්න බැරි? (නි)
අපි කාටවත් බැනල වැඩක් නැහැ ,අපි හිතන්න ඕන අපි අපේ ජාතිය කොහොමද වර්දනය කරගන්නේ කියල (අ)
අනේ ශලනි ඔය දන්නා තරම. (දී)
රටේ ජාති වානද පතුරන්න එපා (අ)
ප්‍රචණ්ඩත්වය අපට අනුමත කරන්ට බැහැ. (අ)
ලංකාවේ අපි ලංකාවේ ඉන්නේ නැති කොහේ යන්නද (අ)
චින්තක මල්ලි, ඔයාගේ කතාව හරි. ඒත් නීති තිබුනත් ඒ නීති ක්‍රියාත්මක නොවෙනවා නම් වැඩක් වෙන්නෙ නැහැ නේද? (නි)
සාමය, සමගිය නොවේද වැදගත් වන්නේ? ඇයි මිනිසුන්ට එය නොතේරෙන්නේ? (නි)
නීතියක් නැති රටේ තවත් සාදරනයක් කාගෙන් බලාපොරොත්තු වෙන්නද (අ)
මෙවන් ප්‍රශ්න නිසා බොරදියේ මාළු බාන පිරිසකුත් ඉන්නවා.එනිසයි මේවා දුරදිග යන්නේ (නි)
අපි අන්‍ය ආගම් වලට ගරුකරන්න ඉගෙනගන්න ඕනෑ. නියම බෞද්ධකම කියන්නේ ඒකටයි (නි)
මෙහි ප්‍රතිචාර දක්වා ඇති අය බොහොම සාමකාමී අය බවයි පෙනෙන්නේ. (නි)
අපි අන්‍ය ආගම් වලට ගරු කරමින් සියලු දෙනා සමඟ සාමයෙන් සමගියෙන් සිටිය යුතුයි (නි)
ලෝකය දියුණුවෙමින් ඉදිරියට යන විට ඇතැම් පිරිස් ආපස්සට යන්න හදනවා. (නි)
දෙපාර්ශවයම ඉවසීමෙන් කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ (නි)
මුල් දිනයේදීම නීතිය ක්‍රියාත්මක කර මෙම ගැටලුව විසඳීමට කටයුතු කළා නම් මෙහෙම වෙන්න තිබුණු ඉඩකඩ බොහෝදුරට අඩුවෙන්න තිබුණා (නි)
ලංකාවේ ජිවත් වීම මට ආඩම්බරයක් (දී)
සමන්ති,ඔයා හරි. නීතිය කාටත් සමානව ක්‍රියාත්මක විය යුතුයි (නි)
සාමාන්‍ය අපට නම් ඔය කියන කිසිම ආගමික ගැටලුවක් හෝ ජාතීන් වශයෙන් බේදයක් නැහැ. ඔය සේරම තියෙන්නේ එක එක සංවිදාන වලටයි සමහර දේශපාලකයන්ටයි පමණයි. (නදී)
මිනිස්සු ඉල්ලන දේ දුන්නානම් මෙවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ (දී)
මේ ප්‍රශ්න ඉක්මනින් විසඳුවේ නැත්නම් සිද්ධවෙන්න යන දේ ගැන හිතාගන්න අමාරුයි (නි)
සිංහල මුස්ලිම් බර්ගර් කියලා වෙනස් වෙන්නේ කොහොමද අපි ඔක්කොම මිනිස්සු ලේ මස් ඇට නහර වලින් හැදුනු ජාතියක් (දී)
අනේ මන්දා! මේ මොනවද රටේ වෙන්නේ? (නි)
අන්‍ය ආගම් වලට මම ගරු කරනවා (දී)
මේදවස් වල අහන්න ලැබෙන්නේ දශක ගණන් හිතන්න වෙන ප්‍රශ්නද මන්ද? (දී)
ජාත්‍යන්තරය බලා ඉන්නවා අපි දෙස (දී)
මේක තවත් ඉස්සහරට අරන් යන්න දෙන්න එපා . (දී)
සහෝදරයෝ වගේ ජිවත් වෙමු මේ ටික කාලේ (දී)
මගේ මගේ කියලා අල්ලා ගත්තු නිසා තමයි මේ සියල්ල (දී)
හැම දේකම සාධාරණයක් තියෙන්න ඕනේ, (දී)
මෝඩ වැඩ කරලා ලංකාව ලෝකේ ඉදිරියේ ලජ්ජා කරන්න එපා (දී)
මොකක් බෙදා ගන්නද මේ කලබල කරන්නේ (දී)
ජාති වාදී ප්‍රශ්නයක් මෙතන නැහැ මෙතන තියෙන්නේ බුද්දීමත්ව කටයුතු නොකිරීමේ ප්‍රශ්නයක් (දී)
අපේ ළමයින්ට ජිවත් වෙන්න වෙන්නේ ප්‍රශ්න පිරුණු රටක (දී)
"පාරේ සිටි අයගෙන් වාහනවල ගිය අයට මුලින්ම ගල් මුල් එල්ල විය" මොකද්ද ඒ කතාව (දී)
මට නිකන් පිස්සු වගේ (දී)
මේවට වග කියන්න ඕන තනිකරම ශ්‍රී ලංකා පොලිසිය,,,,,,,,,ඔවුන් නිතිය සෑම පුද්ගලයකුටඑක හා සමානව නිතිය ක්‍රියාත්මක කල යුතුයි ,,,පහර දුන්න අය අත්අඩංගුවට ගත්තනම් නියම වෙලාවේදී මෙවන් දේවල් වෙන්නේ නැහැ (දී)
පිල්ලේ නෝනට කියන්නකෝ? (නදී)
හාමුදුරුවන් ගැහුවානම් ඒක වැරදියි කාටවත් ගහන්න අයිතියක් ලංකා නීතියේ නැහැ (දී)
ලංකාවේ දැන් දැන් ප්‍රශ්න වැඩියි (දී)
මේආර්ථික ක්‍රමය තමයි මේ සියලු දේටම හේතුව (දී)
යුද්ධය මොකටද සහෝදරා මේ යුද්ධය කාගේද සහෝදරා (දී)
ජාති වාදී සහ ආගම බේදයෙන් මේවා විසදන්නට බැහැ ලෝකයේ කිසිම රටක මේවා එසේ විසදුනේ නැහැ එනිසා මොලය පාවිච්චි කරලා සියලු දෙනා කටයුතු කිරීම ප්‍රකාශ කිරීම වටිනවා (දී)
කලබල කර ගන්න එපා රට අරාජික වෙනවා (දී)
මේවා කොහෙන් කෙලවරවෙයිද දන්නේ නැහැ (දී)
වැරදි කරන අයට දඬුවම් දෙන්න ඕනේ රටින් පිටුවහල් කළා නම් හරි (අ)
මේ රටට වෙලා තියෙන දේ යථාර්ථ වාදී ලෙස තේරුම් ගන්න හැගීම් වලට වහල් නොවී , රජය ඉහල ඉදන් පහලට ජිනීවා වලින් බේරෙන්න උත්සහ කරන අතරේ , මේ අය ජිනීවා වලට පෙට්‍රල් දානවා . වරද නිවරද නොවේ , ප්‍රතිපල ගැනත් හිතන්න (අ)
නාලක ඔයා හරියට හරි , හොදම ප්‍රතිචාරය තමා , මේ විදිහට ප්‍රශ්න විසදන්න ගියොත් යුඑන් එකට බොහොම ලේසියෙන් අපිව අමාරුවේ දාන්න පුළුවන් . ඒක නිසා හැගීම වලට වහල් නොවී බුද්දියෙන් ප්‍රතිචාර දාන්න මොකද අපිට ඊට වඩා දෙයක් කරන්න බැරිනි නිසා (අ)
ඇයි අපි හැමෝටම මේ ප්‍රශ්න එකතුවෙලා විසඳාගන්න බැරි? (නි)
පිල්ලේ නෝනාට හොද අවස්තාවක් (දී)
මේ ප්‍රශ්නයේ මුලාරම්භය මොකද්ද (දී)
ලෝකේ සියලුම මිනිස්සු එකම ආගමනේ නම් කොහොමට තියෙයිද ප්‍රශ්නයක් කියල එකක් නැත්තටම නැතිවෙයි (දී)
අපි සියල්ලන්ගේම අතේ වැරදි තියෙනවා ඒ නිසා අපි කාටවත් කාටවත් විරුද්දව ඇගිල්ල දික් කරන්න බැහැ (දී)
පිල්ලේ නෝනලා ජයලලිතලා මේවා දිහා බලාගෙන ඉන්නේ වාසි ගන්න (දී)
මේ වෙලේ බොරදියේ මාළු බාන පිරිසක් ඉන්නවා ප්‍රවේසම් වෙන්න (දී)
හිටි ගමන් මොකාක් හරි ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ අපිට සකච්ඡා කරන්න (දී)