ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් ශබ්ද දූෂණයක් සිදුකරන බව කියමින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව සඳහා වගඋත්තර පාර්ශවයේ නෛතික හා මූලික විරෝධය ගොනු කිරීමට ජනවාරි 24 තෙක් නඩුව කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (3) නියෝග කළාය.
ඇලන් මැතිණියාරාමාය අවට ප්‍රදේශයේ ශබ්ද දූෂණයක් සිදුවෙතියි කියමින් මිලින්ද මොරගොඩ ඇතුළු පස් දෙනකු ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩු පවරා ඇත.
මේ අතර මීට පෙර උසාවියෙන් ලබාදුන් කොන්දේසි සහිත ආඥාවට අනුව ශබ්දය අඩුවෙන් භාවිත කරන ලෙස ධම්මාලෝක හිමියන්ට කළ නියෝගය කඩකර ඇතැයි ද පෙර අධිකරණ කොන්දේසි පිළිපදින ලෙසද මහේස්ත්‍රාත්වරිය දැඩි අවවාද කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කිලෝ මීටර් ගණන් දුරට ඇසෙන සේ ශබ්දවාහිනී යන්ත්‍ර යොදා මුස්ලිම් පල්ලිවල කෙරෙන යාඥාවනුත් පල්ලියේ සීමාවට පමණක් ඇසෙන සේ සිමා කළ යුතුය. හැම නීතියම දේශපාලන බල පෙරේත කම නිසා සිංහලයන්ට පමණක්ද? (බ)
ගිහි හෝ පැවිදි වේවා උසාවි නියෝගයට ගරුකළ යුතුයි (නි)