ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව ක්‍රීයාකාරී අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වශයෙන් ධනුෂ්ක රාමනායක මහාතා පත් කර ඇත.
ඔහු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් පත්වීම් ලැබීය.
ව්‍යාපාර කළමනාකරණ පිළිබඳව එංගලන්තයේ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියකු වන ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා ධාරියෙකි.
2010 වසරේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස ද, 2013 වසරේ සිට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස ද ධනුෂ්ක කටයුතු කළේය.
ජනපතිවරණ සමයේ සිරිසේන මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු කළේ ඔහුය.
කොළඹ ඉසිපතන විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු එහි ප්‍රධාන ශිෂ්‍ය නායකා ද විය.
ජාත්‍යන්තර ලියෝ සමාජයේ 2012/2013 ශ්‍රී ලංකාවේ සභාපතිවරයා ලෙස ද, 2012/2014 වසරවල ලියෝ ජාත්‍යන්තර උපදේශක කමිටුවේ ආසියා සාමාජිකයා වශයෙන්ද ධනුෂ්ක කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිපාලන කටයුතු සඳහා උගතුන්ගේ සහය ලබා ගැනීම ප්‍රසන්සනීයයි. (ර)
සුබ පතනවා රාමනායක අයියේ...! ගමටත් ආඩම්බරයක්! (නි)
කොහොමහරි කමක් නැහැ. සුබ පැතුම් යාළුවේ! (නි)
ධනුෂ්ක මහතා අපි ඔබතුමාට ආශිර්වාද කරනවා. තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ඔටාවා පන්සලේ පොඩි හාමුදුරුවන් වහන්සේලා (නදී)
බොහොම දක්ෂ කෙනෙක්. ඉදිරියටම යන්න (නි)
තරුණ, උගත් හා දක්ෂ මහතුන්ට මෙවැනි තැන් ලබාදීම ගැන සතුටු වෙමු. (නදී)