(නිමන්ති රණසිංහ)
ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කලැයි කියන සිද්ධියට අදාළ ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ලබන 26 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා අද (12) නියෝග කළේය.
කුරුඳුවත්ත පොලිසියේ සිදුකරන විමර්ශනයකට අදාළව මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර අද (12) බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදු වන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත ගත කරන ලෙස ට කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය.
එම ඉල්ලීම සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් සිව්දෙනා ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ පුද්ගලයාට තමයි පොදු සමාවක් ලබා දෙන්න යැයි පාර්ලිමේන්තුවේදීී ඉල්ලන්නේ.