IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ධනවතීගේ සැමියාත් දරුවෝත් සතුටු කදුළු වගුරුවති

වසර දොළහකට ඉහතදී සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය කැකිරාවේ  එච් එම්  ධනවතී (47) පස් දරු මව  ජීවතුන් අතර සිටින බව දැනගත් අයගේ සැමියාත් දරුවෝත් අද (08) සතුටු කඳුළු වැගිරූහ.

ඔවුනට මේ  පිළිබඳ තොරතුරු  රාත්‍රී අටට පමණ  පළමුව  ලබා දුන්නේ    ලංකාදීප වෙබි අඩවියෙනි.

ඩි එම් මනෝරි දිසානායක,කුමුදු දිසානායක,ප්‍රියන්ත දිසානායක,වරුණ දිසානායක,අරුණ දිසානායක ඇයගේ දරුවෝ වෙති.ප්‍රියන්ත දිසානායක  නැමැති ඇයගේ තෙවැනි පුතු යුද හමුදාවේ ක්‍රියාන්විත මිය ගොසිනි.

මව මේ ගැන කිසිත් නොදන්නා බව  ඇයගේ සැමියා වන  ඩී එම් රාජරත්න (52) පවසයි ඔහු   බාල පුතා සමඟ  නිවසේ තනිම ජීවත් වෙයි .

අප එම නිවසට යන විට  එහි සිටි දනවතී මහත්මියගේ සහෝදරිය වු  එච් එම් කමලාවතී  මහත්මිය ඇය පිළිබඳව  තොරතුරු හෙළි කළාය.

‘මගේ නංගි රට ගියේ  2003 සෞදි අරාබියට,එයා දරුවොත් එක්ක පුංචි පොල් අතු පැලක ජීවත් වුණේ එදා ඉදලා දරුවෝ ටික බලා ගත්තේ මම. අම්මා නැති අඩුව මම දැනෙන්න දුන්නේ නෑ.අක්කා රට ගිහින් ටික දවසක් යද්දී  එයාගේ මහත්තයා  අසනීප වුණා. තවමත් එයා හදවත් රෝගීයෙක් .අක්කා  ගෙන්වා ගන්න  මම යන්න තියෙන හැම තැනට ගියා. රටේ තියන හැම දේවාලයකටම ගියා.ඒ අතරෙදී එක පුතෙක්  හමුදාවට ගිහින් නැති වුණා.ඒක තාම අක්කා දන්නේ නෑ.අද  අක්කා ඉන්න බව දැන ගත්තම මට දැනෙන්නේ පුදුම සතුටක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අපේ පැමිණිලිවලට මොනවද කළේ කියලා අපිට හිතා ගන්නවත් බෑ.

දනවතී මහත්මියගේ සැමියා වන ඩීඑම් රාජරත්න මහතා (52)

‘මගේ බිරිද රට ගියේ ගේ හදාගන්න.අපි දෙන්නා දරුවොත් එක්ක පුදුම සතුටකින් ජීවත් වුණේ.එයා ගැන තොරතුරක් නැතුව හිතලා හිතලා මම රෝගීයෙක් වුනාතඑක් පුතෙක් හමුදාවට ගිහින් මැරුණා.එයාගේ පඩියෙන් තමයි අපි ජීවත් වෙන්නේ.එයාට ලැබු ණු මුදල්වලින් ගේ හදාගත්තා.අපේ නෝනගේ සහෝදරියගේ සල්ලි ලක්ෂ පහක් විතර නෝනව හොයන්න වියදම් කළා. මගේ දරුවෝ එක්කෙනෙක් විතරයි මා ළඟ ඉන්නේ අනික් අය විවාහ වෙලා .අද මට මේ ලැබුණු පණවිඩත් එකක් මම ඉන්නේ හරිම සතුටින් ඔහු හඩා වැටෙමින් පැවසුවේය.

ඇයගේ බාල පුත් අරුණ දිසානායක(23)

මගේ අම්මාගේ මුණ හරියට මතක නෑ.අම්මා රට රට යන දවසේ මටයි අයියටයි දාම් බෝඩි එකක් අරන් දීලා ගියේ.මට දැන් අවුරුදු විසි හතරයි.අම්මා රට යද්දී මම පහ හෝ හය වසරේ තමයි ඉගෙන ගත්තේ .එදා ඉදන් අපිට අම්මා වුණේ පුංචි අම්මා.තාත්තයි පුංචි අම්මයි අපේ පවුලේ අයයි අපේ අමමා ගැනමයි හැමදාම කතා කලේ ඒ අය අම්මා හොයන්න ගොඩක් මහන්සි වුණා .ඒත් වැඩක් වුණේ නෑ.මම ඉල්ලන්නේ කොහොමහරි මගේ අම්මව ගෙදරට ගෙනත් දෙන්න කියලා.අම්මා ජීවතුන් අතර ඉන්නවා කියලා හරි

දැන් අපට අහන්න ලැබුණ එකත් සතුටක්.අම්මා දක්කම ඒ සතුට තවත් වැඩිවෙනවා.මං හැමෝගෙන්ම ඉල්ලන්නේ අපේ අම්මා ලංකාවට ගෙනත් දෙන්න කියලා.‘

ඇයගේ නම සහ ගම පමණක් තොරතුරු ලෙස ලැබුණු අපට ඔවුන් සොයා යෑමට කැකිරාව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ජයරත්න දිසානායක,කැකිරාව පොලිසියේ පොලිස් සැරයන් ඒකනායක ,කැකිරාව  ප්‍රදේශයේ පදිංචිකරුවකු වන  ප්‍රදීප් දේවනාරයන යන මහත්වරුන්ගෙන් සහය ලැබිණි.

 

DSC09946

DSC09935 DSC09936 DSC09938 DSC09939 DSC09943

 

 

 



අදහස් (0)

ධනවතීගේ සැමියාත් දරුවෝත් සතුටු කදුළු වගුරුවති

ලියනගේ Monday, 09 March 2015 07:54 PM

ඇයගේ වසර 12 ක මුලු මුදලම ලැබුනොත් ඇය ඇත්තෙන්ම ධනවත්. රු. ලක්ෂ 25ක් පමණ වෙනවා. (නි)

:       0       0

විජයබාහු Monday, 09 March 2015 09:07 AM

ඔය ඉන්න මහින්දව වනසපු තවත් අය ටිකක් තාම. (අ)

:       0       0

ප්‍රසන්න Sunday, 15 March 2015 09:07 AM

රටේ හැමගෙන් ඉල්ලනවා තිරිසනුන් ඉන්න අරාබියට තමන්ගේ භාර්යව,නංගි,අක්කා,අම්මා යවන්න එපා මෙහෙකාර කමට.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site