මගීන් 159 ක් රැගෙන ධකා බලා පියාසර කළ මිහින් ලංකා ගුවන් යානයක් ගුවන් ගත වී පැය කිහිපයකට පසු කාර්මික දෝෂයක් වාර්ථා වීම නිසා ආපසු කටුනායකට පැමිණ ඇත.
මිහින් ලංකා ගුවන් සේවයේ එම්.අාර්.එල් 501 දරණ ගුවන් යානය අද උදෑසන 9.30 ට ගුවන් ගතවී ඇති අතර එය 10.20ට ආපසු පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමගේ වාසනාවක් ජිවිත අනතුරක් වළක්වාගන්න ලැබීම. (ම)
මිහින් ලංකා තාම දුවනවද කොටි 3800 ගියවසරේ පාඩුව.(දිල්)
මේක බොරුවක් නෙවෙයි. මගේ ප්‍රථම ගුවන් ගමන 2012 වසරේ මාත් මිහින් ලංකා ගුවන් යානයක නැගල යන්න ආව ඩුබායිවලට,මගක් එනකොට එන්ජින් එකේ සද්දයක් ආව ගුවන් නියමුවා කීවා අපි අාපහු කොළඹට ගොඩබාන්න යනවා කියල එහෙම කියල ටික දුරක් යනකොට අර සද්දේ නැති උන ඊට පස්සේ ගුවන් නියමුවා කියනවා කාර්මික දොෂේ හරි අපි යාමත් හරවාගෙන යනවා කියල,ඔහොම මග දුරක් යනකොට ගුවන් යානයේ හිටපු වයසක මගියෙකුට පපුවේ අමාරුවක් ආව බයට,ඊට පස්සේ යාමත් අපි කොළඹට ගොඩ බැස්ස,පස්සේ ගුවන් නියමුවා කීවා එයට ගුවන් යානය අරන් යන්න බෑ කිව්වා ඊට පස්සේ වෙන ගුවන් නියමුවෙක් ගෙනල්ල පැය 2කට පස්සේ අපි නැවත ඩුබායි බලා පිටත් වුණා,මම එදායින් පස්සේ මිහින් ලංකා ගුවන් යානයක් දිහා හැරිලාවත් බලන්න කැමති නෑ (බ)
කොහෙද ඉතින් ඒ දවස් වල මහින්ද රාජපක්ෂයි එයාගේ 200ක් 300ක් විතර වෙන නඩයයි හැමතිස්සෙම රට රාජ්ජවල සවාරි ගැහුවා මිසක් ඕවයේ තෙල් වතුර බලන්නවත් වෙලාවක් තිබුනේ නැහැනේ. ඇති යන්තම් ඔයින් ගියා. (බ)
ඊයේ (28) උදේ 5.00ට ඉන්දියාවේ ගයා බලා ගිය මිහින් ලංකා ගුවන් යානයද පැයක් පියාසර කිරීමෙන් පසුව නැවත කටුනායක බලා හරවා පැමිණියා. එම යානයේ මගින් නැවත ඉන්දියාව බලා ගියේ අද (29) උදේ 8.00 ට කටුනායකින් ගිය ගුවන් යානයෙන්. දඹදිව වන්දනා ගිය වැඩිහිටි පිරිස කල් වූ පීඩනය නම් කියා නිම කළ නොහැකියි. (බ)